ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ තරග අද (9) අවසන් වූනා. එහි දී SSC, Colts, Negombo, Baduraliya, NCC සහ CCC කණ්ඩායම් ජයග්‍රහණය කළා.
නිමා වූ තරග අතුරින් SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු Tamil Union කණ්ඩායමට එරෙහි ව පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 11 වැනි ශතකය වූ අතර ඒ සමඟින් ම ඔහු පළමු පෙළ ලකුණු 3000 කඩඉම පසු කිරීමට සමත් වෙනවා.
මේ අතර Tamil Union කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 127ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 12 වැනි ශතකයයි.
Negombo කණ්ඩායමේ නායක ඇන්ජලෝ ජයසිංහ ද පන්දු 155කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකයයි.
මේ අතර Nugegoda කණ්ඩායමේ රොෂාන් විජේනායක පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.
NCC කණ්ඩායමේ නායක සහන් ආරච්චිගේ Moors කණ්ඩායමට එරෙහි ව පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 8 වැනි ශතකයයි.
දවසේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතරට Chilaw Marians කණ්ඩායමේ සුපුන් වඩුගේ, Kurunegala Youth කණ්ඩායමේ ගයාන් මනීශාන්, Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා සහ පසිඳු සූරියබණ්ඩාර, Bloomfield කණ්ඩායමේ නිපුන් කරුණානායක, Ace Capitol කණ්ඩායමේ තනුක දාබරේ සහ හිරාන් ජයසුන්දර, Police කණ්ඩායමේ නදීර බාලසූරිය, Negombo කණ්ඩායමේ ප්‍රමෝද් මදුවන්ත, Panadura කණ්ඩායමේ ලහිරු දවටගේ, Nugegoda කණ්ඩායමේ කෙවින් පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් එක් වුනා.
මේ අතර පන්දු යැවීමේ දී CCC කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ දෙවැනි ඉනිමේ දී ද කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 98කටක කඩුලු 11ක් දවා ගන්නවා. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ තම පළමු පෙළ මංගල තරගයේ දී වීම විශේෂත්වයක්.
NCC අශේන් ඩැනියෙල් Moors කණ්ඩායමට එරෙහි ව ලකුණු 67කට කඩුලු 6ක් දවා ගත් අතර ඒ සමඟ ම ඔහු පළමු පෙළ තරග දිවියේ කඩුලු 150ක කඩඉම පසු කළා.
SSC කණ්ඩායමේ නායක චරිත් අසලංක Tamil Union කණ්ඩායමට එරෙහි තරගයේ දී ලකුණු 205කට කඩුලු 10ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ පළමු පෙළ තරග 46ක තරගයක හොඳම පන්දු යැවීමයි.
තරගවල කෙටි ලකුණු පුවරු
SSC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (84.2) සිනෙත් ජයවර්ධන 24, තුලින ඩිල්ශාන් 66, තරිඳු හර්ෂණ 29, රිසිත් උපමාල් 60, ලහිරු සමරකෝන් 21, තරිඳු රත්නායක 50, කලණ පෙරේරා 46, චරිත් අසලක 6/112
- SSC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 533 (90.0) ශෙවෝන් ඩැනියෙල් 142, අවිශ්ක ප්‍රනාන්දු 39, ක්‍රිශාන් සංජුල 48, චරිත් අසලංක 128, නුවනිඳු ප්‍රනාන්දු 110, චමිඳු වික්‍රමසිංහ නොදැවී 29, තරිඳු රත්නායක 4/207
- Tamil Union – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 203 (56.2) තුලින ඩිල්ශාන් 21, සඳුන් වීරක්කොඩි 127, කසුන් රාජිත 2/19, චරිත් අසලංක 4/93
SSC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 10ක ජයක්.
Police SC සහ Colts CC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී
- Colts – පළමු ඉනිම සියලු ම දෙනා දැවී 246 (64.5) සනෝජ් දර්ශික 40, ධනංජය ලක්ෂාන් 63, මුදිත ලක්ෂාන් 54, අකිල ධනංජය 41, දිලුම් සුදීර 6/96, නලින් ප්‍රියංකර 3/75
- Police – පළමු ඉනිම සියලුම දෙනා දැවී 184 (59.4) අවිශ්ක තරිඳු 33, විශාද් රන්දික 43, ප්‍රියමාල් පෙරේරා 49, කවිශ්ක අංජුල 3/28, මුදිත ලක්ෂාන් 6/47
- Colts – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 232 (71.1) රවිඳු රසාන්ත 29, යොහාන් මෙන්ඩිස් 42, සංගීත් කුරේ 50, හරීන් බුද්දිල 41, කවිශ්ක අංජුල 28 නලින් ප්‍රියදර්ශන 4/75, නදීර බාලසූරිය 4/42
- Police – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 215 (47.2) නදීර බාලසූරිය 57, විශාද් රන්දික 31, අශේන් බණ්ඩාර 26, ප්‍රියමාල් පෙරේරා 30, අකිල දනංජය 5/55, මුදිත ලක්ෂාන් 3/55, කවිශ්ක අංජුල 2/29
Colts කණ්ඩායමට ලකුණු 79ක ජයක්.
Ace Cpital CC සහ Bloomfield C & AC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී.
- Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 308 (83.2) යොහාන් ද සිල්වා 22, අසිත වන්නිනායක 52, කසුන් අබේරත්න 40, රවිඳු ප්‍රනාන්දු 94, තරින්ද ගුරුගේ 34, රොෂාන් ජයතිස්ස 2/77, මෙලන් හංසක 6/92
- Ace Capitol – පළමු ඉනිම සියලුම දෙනා දැවී 162 (50.5) සම්මු අශාන් 79, වනුජ සහන් 26, ලහිරු මදුශංක 3/39, සහන් නානායක්කාර 4/33
- Bloomfield – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 265 (40.3) රොන් චන්ද්‍රගුප්ත 74, අසිත විජේනායක 49, නිපුන් කරුණානායක නොදැවී 58, මෙලන් හංසක 2/54, වනුජ සහන් 4/65
- Ace Capitol – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 265 (55.0) තනුක දාබරේ 97, පවන්ත වීරසිංහ 35, හිරාන් ජයසුන්දර 62, රවිඳු රත්නායක නොදැවී 27, සකුණ ලියනගේ 28, රවිඳු ප්‍රනාන්දු 2/72, සහන් නානායක්කාර 2/61
තරගයේ විසඳුමක් නෑ.
Negombo CC සහ Panadura SC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේදී.
- Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (76.5) හිමාෂ ලියනගේ 73, ඇන්ජලෝ ජයසිංහ 32, උමේෂ් ලක්ෂාන් නොදැවී 35, මොහොමඩ් ඩිල්ෂාඩ් 5/37, දුශාන් හේමන්ත 3/68
- Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (33.1) ඕෂද ප්‍රනාන්දු 51, රුමේෂ් බුද්ධික 35, ශෙෂාන් ප්‍රනාන්දු 2/50, උපුල් ඉන්ද්‍රසිරි 7/40
- Negombo – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 319 (68.4) උමේෂ් ලක්ෂාන් 26, හිමාෂ ලියනගේ 57, ඇන්ජලෝ ජයසිංහ 113, ප්‍රමෝද් මදුවන්ත 54, දුශාන් හේමන්ත 4/53, විශ්ව ලහිරු 2/74
- Panadura – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 207 (60.4) ඕෂද ප්‍රනාන්දු 22, ලහිරු දවටගේ 76, නිමේෂ් විමුක්ති 23, විශ්ව ලහිරු 31, දනුශ්ක සඳරුවන් 4/91, උපුල් ඉන්ද්‍රසිරි 3/71
Panadura කණ්ඩායමට ලකුණු 216ක ජයක්.
Baduraliya SC සහ Chilaw Marians CC අතර තරගය මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේදී.
- Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (48.1) දුශාන් විමුක්ති 20, තික්ෂිල ද සිල්වා 54, චානක කොමසාරු 5/45, චානක රුවන්සිරි 4/59
- Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 259 (71.0) දුනිත් ජයතුංග 38, රනේෂ් සිල්වා 56, චානක රුවන්සිරි 84, දුෂාන් විමුක්ති 3/59, දුවිඳු තිලකරත්න 4/107
- Chilaw Marians – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 179 (66.1) රවීන් යසස් 42, සුපුන් වඩුගේ 51, සුමින්ද ලක්ශාන් 31, චානක කොමසාරු 2/42, චලන ද සිල්වා 4/38, කවිඳු අමන්ත 2/26
- Baduraliya – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 55 (15.3) ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 20, දුවිඳු තිලකරත්න 3/30
Baduraliya කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
- ප්‍රභාත් සහ මැතිව්ස් කැපී පෙනෙන දස්කම් අතරට
- ලහිරු සහ උපුල් දවසේ කැපී පෙණෙන දක්ෂතා දක්වයි
- 50 කොල්ලන්ගේ වර්ල්ඩ් කප් එක හෙට සිට
- චමෝදි නිමා වූ කාන්තා 19න් පහළ ලෝක කුසලානයේ හොඳම කණ්ඩායමට තෝරා ගනී!
- ලෝක ඇගයීමට මඟ පෑදු දක්ෂතා
Moors SC සහ NCC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී.
- Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 256 (93.0) ජනිශ්ක පෙරේරා 52, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 106, යෙසිත් රූපසිංහ 29, මිලාන් රත්නායක 31, චාමික කරුණාරත්න 2/28, අශේන් ඩැනියෙල් 4/61, සචිඳු කොළඹගේ 2/44
- NCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 498 (79.0) නිරෝෂන් දික්වැල්ල 69, ලහිරු උදාර 206, සහන් ආරච්චිගේ නොදැවී 100, චාමික කරුණාරත්න 27, මිලාන් රත්නායක 2/112, චානුක ඩිල්ශාන් 2/98, රොහාන් සංජය 2/66
- Moors – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 174 (61.4) ජනිශ්ක පෙරේරා 50, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 69, අශේන් ඩැනියෙල් 6/67, සචිඳු කොළඹගේ 3/53
NCC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 68ක ජයක්.
CCC සහ Kurunegala Youth CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේදී.
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (65.3) ලසිත් කෲස්පුල්ලේ 24, නිමේෂ ගුණසිංහ 47, මිනෝද් භානුක 80, අංජල බණ්ඩාර 32, ඉනුක කරන්නාගොඩ 23, ලහිරු ජයරත්න 3/38, කවික ඩිල්ශාන් 6/121
- Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (48.1) ගයාන් මනීශාන් 76, ගයන වීරසිංහ 50, රශ්මික මදුශංක නොදැවී 27, වනිඳු හසරංග 2/45, චමිඳු විජේසිංහ 2/26, ඉනුක කරන්නාගොඩ 6/68
- CCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 289 (69.0) නිශාන් මදුශ්ක 112, මිනෝද් භානුක 89, පවන් රත්නායක 35, අංජල බණ්ඩාර 21, කවික ඩිල්ශාන් 4/110, සමීර සඳමාල් 2/57
- Kurunegala Youth – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 158 (46.0) ගයාන් මනීශාන් 52, ලක්ශාන් එදිරිසිංහ 25, රශ්මික මදුශංක 30, දිනුශ්ක මාලන් නොදැවී 22, වනිඳු හසරංග 3/52, ලක්ෂාන් සඳකැන් 2/35, ඉනුක කරන්නාගොඩ 5/30
CCC කණ්ඩායමට ලකුණු 200ක ජයක්.
Nugegoda S & WC සහ Kandy Customs CC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- Nugegoda – පළමු ඉනිම සියලුම දෙනා දැවී 365 (106.0) අවිශ්ක පෙරේරා 109, රොෂාන් විජේනායක 103, තිලකරත්න සම්පත් 33, රාහුල් ගුණසේකර 22, අක්‍රම් මුතාලිබ් 64, සහන් අදීශ 2/81, ඉමේෂ් උදයංග 4/80, සචිත්‍ර පෙරේරා 4/71
- Kandy Customs – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 279 (92.5) ඉමාල් ලියනගේ 21, ශෙෂාන් ප්‍රනාන්දු 57, මිතුන් ජයවික්‍රම 44, සහන් කෝසල 29, රොස්කෝ තට්ටිල් 23, ඉමේෂ් උදයංග 27, අවිඳු තීක්ෂණ 34, තිලකරත්න සම්පත් 5/94, චාමිකර එදිරිසිංහ 4/75
- Nugegoda – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 327 (81.0) අවිශ්ක පෙරේරා 40, රොෂාන් විජේනායක 103, කෙවින් පෙරේරා 63, රාහුල් ගුණසේකර 23, ලක්ශාන් ගමගේ නොදැවී 50, සචිත්‍ර පෙරේරා 3/88
තරගයේ විසඳුමක් නෑ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<