ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ පළමු දිනය වූ අද (27) දවසේ දී අවිශ්ක පෙරේරා, රොෂාන් විජේනායක සහ පසිඳු සූරියබණ්ඩාර ශතක වාර්තා කළා.
මෙම ශතක අතුරින් ශතක 2ක හිමිකාරීත්වය Nugegoda කණ්ඩායම සතු වුනා. ඒ අනුව 23 හැවිරිදි වියේ පසුවෙන අවිශ්ක පෙරේරා Kandy Customs කණ්ඩායමට එරෙහිව පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමගින් ලකුණු 109ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 21ක තෙවැනි ශතකයයි.
ඊට අමතර ව 36 වැනි වියේ පසුවෙන රොෂාන් විජේනායක ද පන්දු 213කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමග ලකුණු 103ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 2 වැනි ශතකය වන අතර හොඳම ඉනිම ද වුනා.
අද දවසේ දී වාර්තා කළ අනෙක් ශතකයේ හිමිකරු වූයේ Moors කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර. ඔහු NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 227කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 48ක් වන පළමු පෙළ තරග දිවියේ 10 වැනි ශතකයයි.
මේ අතර පන්දු යවන්නන් අතුරින් Kurunegala Youth කණ්ඩායමේ 24 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන කවික ඩිල්ශාන් අද තම පළමු පෙළ තරග දිවියේ කඩුලු 100 කඩඉම පසු කිරීමට සමත් වීම කැපී පෙණුනා. ඔහු CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 121කට කඩුලු 6ක් දවා ගනිමින් මෙම දක්ෂතාවයට පිවිසියා.
ඊට අමතර ව Police කණ්ඩායමේ දිලුම් සුදීර Colts කණ්ඩායමට එරෙහිවත්, SSC කණ්ඩායමේ චරිත් අසලංක Tamil Union කණ්ඩායමට එරෙහිවත් කඩුලු 6ක් බැගින් දවා ගත් අතර Ace Capital කණ්ඩායමේ මෙලන් හංසක Bloomfield කණ්ඩායමට එරෙහිව සහ Panadura කණ්ඩායමේ මොහොමඩ් ඩිල්ශාඩ් Negombo කණ්ඩායමට එරෙහිවත් කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
මේ අතර Tamil Union කණ්ඩායමේ තුලින ඩිල්ශාන්, රිසිත් උපමාල් සහ තරිඳු රත්නායක, Colts කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් සහ මුදිත ලක්ෂාන්, Bloomfield කණ්ඩායමේ අසිත වන්නිනායක සහ රවිඳු ප්‍රනාන්දු, Negombo කණ්ඩායමේ හිමාෂ ලියනගේ, Chilaw Marians කණ්ඩායමේ තික්ෂිල ද සිල්වා, Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා අද දවසේ දී අර්ධ ශථක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.
අද දවසේ දී Ace Capital කණ්ඩායම වෙනුවෙන් හිරාන් ජයසුන්දර පළමු පෙළ වරම් දිනා ගැනීමට සමත් වූවා.
තරගවල කෙටි ලකුණු පුවරු
A කාණ්ඩය
SSC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (84.2) සිනෙත් ජයවර්ධන 24, තුලින ඩිල්ශාන් 66, තරිඳු හර්ෂණ 29, රිසිත් උපමාල් 60, ලහිරි සමරකෝන් 21, තරිඳු රත්නායක 50, කලණ පෙරේරා 46, චරිත් අසලක 6/112
Police SC සහ Colts CC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී
- Colts – පළමු ඉනිම සියලු ම දෙනා දැවී 246 (64.5) සනෝජ් දර්ශික 40, ධනංජය ලක්ෂාන් 63, මුදිත ලක්ෂාන් 54, අකිල ධනංජය 41, දිලුම් සුදීර 6/96, නලින් ප්‍රියංකර 3/75
- Police – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 59 (20.0) අවිශ්ක තරිඳු නොදැවී 28
Ace Cpital CC සහ Bloomfield C & AC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී.
- Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 308 (83.2) යොහාන් ද සිල්වා 22, අසිත වන්නිනායක 52, කසුන් අබේරත්න 40, රවිඳු ප්‍රනාන්දු 94, තරින්ද ගුරුගේ 34, රොෂාන් ජයතිස්ස 2/77, මෙලන් හංසක 6/92
- Ace Capitol – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 14 (4.0)
Negombo CC සහ Panadura SC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේදී.
- Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (76.5) හිමාෂ ලියනගේ 73, ඇන්ජලෝ ජයසිංහ 32, උමේෂ් ලක්ෂාන් නොදැවී 35, මොහොමඩ් ඩිල්ෂාඩ් 5/37, දුශාන් හේමන්ත 3/68
- Panadura – පළමු ඉනිම කඩුල්ලක් දැවී 31 (5.1) ඕෂද ප්‍රනාන්දු නොදැවී 24
Baduraliya SC සහ Chilaw Marians CC අතර තරගය මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේදී.
- Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (48.1) දුශාන් විමුක්ති 20, තික්ෂිල ද සිල්වා 54, චානක කොමසාරු 5/45, චානක රුවන්සිරි 4/59
- Baduraliya – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 126 (42.0) දුනිත් ජයතුංග 38, රනේෂ් සිල්වා 43, දුෂාන් විමුක්ති 3/41
- ශ්‍රී ලංකා මැද පෙළ නොසිතූ බිඳ වැටීමකට
- චමෝදි නිමා වූ කාන්තා 19න් පහළ ලෝක කුසලානයේ හොඳම කණ්ඩායමට තෝරා ගනී!
- දසුන්, කවින්, මෙලන් සහ නවෝද් සුවිශේෂී කඩඉම්වලට
- තරිඳු රත්නායක ඉනිමක කඩුලු 9ක් දවා ගනී
- Warne-Murali දඟ පන්දු කුසලාන ඉතිහාසය
B කාණ්ඩය
Moors SC සහ NCC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී.
- Moors – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 243 (90.0) ජනිශ්ක පෙරේරා 52, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 100, යෙසිත් රූපසිංහ 29, මිලාන් රත්නායක 31, චාමික කරුණාරත්න 2/28, අශේන් ඩැනියෙල් 4/61, සචිඳු කොළඹගේ 2/37
CCC සහ Kurunegala Youth CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේදී.
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (65.3) ලසිත් කෲස්පුල්ලේ 24, නිමේෂ ගුණසිංහ 47, මිනෝද් භානුක 80, අංජල බණ්ඩාර 32, ඉනුක කරන්නාගොඩ 23, ලහිරු ජයරත්න 3/38, කවික ඩිල්ශාන් 6/121
- Kurunegala Youth – පළමු ඉනිම කඩුල්ලක් දැවී 111 (22.0) ගයාන් මනීශාන් නොදැවී 68, ගයන වීරසිංහ නොදැවී 33
Nugegoda S & WC සහ Kandy Customs CC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- Nugegoda – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 308 (90.0) අවිශ්ක පෙරේරා 109, රොෂාන් විජේනායක 103, තිලකරත්න සම්පත් 33, අක්‍රරම් මුතාලිබ් නොදැවී 40, සහන් අදීශ 2/69, ඉමේෂ් උදයංග 2/63
මෙම තරග සියල්ල හෙට (08) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<