ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (02) නිමා වූ තරගවල දී දසුන් ශානක, නවොද් පරණවිතාන, මෙලන් හංසක සහ කවින් බණ්ඩාර තම පළමු පෙළ තරග දිවියේ සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට සමත් වුනා.
SSC කණ්ඩායමේ දසුන් ශානක Moors කණ්ඩායමට එරෙහි ව පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 123ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 4000 සමාජයට එක් වීමට ද සමත් වුනා. මෙම ශතකය දසුන්ගේ පළමු පෙළ තරග දිවියේ 12 වැනි ශතකයයි.
NCC කණ්ඩායමේ කවින් බණ්ඩාර අද CCC කණ්ඩායමට එරෙහි ව තම පළමු පෙළ මංගල ශතකය වාර්තා කිරීමට සමත් වූනා. NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ඔහු පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 110ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Tamil Union කණ්ඩායමේ නවෝද් පරණවිතාන BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට කඩුලු 6ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට වෙද්දී ACE Capital කණ්ඩායමේ මෙලන් හංසක තම මංගල පළමු පෙළ තරගයේ 2 වැනි ඉනිමේ දී ලකුණු 55කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.
මේ අතර NCC කණ්ඩායමේ කවින් බණ්ඩාරට අමතර ව කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ ද අද ශතක ලබා ගැනීමට සමත් වුණා.
කමිල් මිෂාර පන්දු 254කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 119ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 2 වැනි ශතකය බවට පත් වුනා.
සහන් ආරච්චිගේ තම පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකය වාර්තා කරන්නේ පන්දු 231කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 125ක් ලබා ගනිමිනුයි.
ඊට අමතර ව Kurunegala Youth කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ, NCC කණ්ඩායමේ අශේන් බණ්ඩාර, SSC කණ්ඩායමේ චරිත් අසලංක සහ ෂෙවෝන් ඩැනියෙල්, Moors කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර සහ රමේෂ් මෙන්ඩිස්, ACE Capital කණ්ඩායමේ සම්මු අශාන්, Ragama කණ්ඩායමේ ගජිත කොටුවේගොඩ සහ සංතුශ් ගුණතිලක අර්ධ ශතක ඉනිම් ලබා ගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේ දී පළමු ඉනිමේ ලකුණු 65කට කඩුලු 9ක් දවා ගත් Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක 2 වැනි ඉනිමේ දී ලකුණු 85කට කඩුලු 4ක් දවා ගන්නවා. ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 150කට කඩුලු 13ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
මේ අතර Nugegoda කණ්ඩායමේ නායක තිලකරත්න සම්පත් Kurunegala Youth කණ්ඩායම හා සමඟ තරගයේ දී කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූ අතර Moors කණ්ඩායමේ චානුක ඩිල්ශාන් SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 95කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
තරගවල කෙටි ලකුණු පුවරු
A කාණ්ඩය
Chilaw MCC සහ Panadura SC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 303 (94.4) ලසිත් ලක්ෂාන් 32, ශෙහාන් ජයසූරිය 130, රවීන් යසස් 36, තික්ෂිල ද සිල්වා 32, මොහොමඩ් ඩිල්ශාඩ් 2/58, සහන් මිහිර 2/61, නිමේෂ් විමුක්ති 5/85
- Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (57.1) ඉරෝෂ් සමරසූරිය 32, රනිත ලියනාරච්චි 26, දුශාන් විමුක්ති 4/53, දුවිඳු තිලකරත්න 2/23, සුමින්ද ලක්ෂාන් 4/32
- Panadura – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 174 (48.3) ශාලිත් ප්‍රනාන්දු 47, ඉම්තියාස් ස්ලාසා 25, දුවිඳු තිලකරත්න 4/53, සුමින්ද ලක්ෂාන් 2/56, හේෂාන් හෙට්ටිආරච්චි 3/15
- Chilaw Marians – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 19 (3.3)
Chilaw Marians කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
Negombo CC සහ ACE Capital CC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.
- ACE Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (56.5) උදයවංශ පරාක්‍රම 55, රවිඳු රත්නායක 59, වනුජ සහන් 44, රොෂාන් ජයතිස්ස 36, මාධව වර්ණපුර 2/41, ෂෙහාන් ප්‍රනාන්දු 3/39, උපුල් ඉන්ද්‍රසිරි 4/44
- Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (49.0) ඩිල්ශාන් මුණවීර 21, හිමාෂ ලියනගේ 20, ෂෙශාන් ප්‍රනාන්දු 26, උමේෂ් ලක්ෂාන් නොදැවී 29, වනුජ සහන් 5/62, නිම්සර අතරගල්ල 2/38, රොෂාන් ජයතිස්ස 3/21
- ACE Capital – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 327 (81.0) පවන්ත වීරසිංහ 101, තනුක දාබරේ 60, රවීන් ද සිල්වා 42, සම්මු අශාන් 69, උදයවංශ පරාක්‍රම 26, උපුල් ඉන්ද්‍රසිරි 2/104, දනුශ්ක සඳරුවන් 2/45
- Negombo – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 148 (38.3) ඩිල්ශාන් මුණවීර 25, පසිඳු ලක්ශාන් 22, ෂෙශාන් ප්‍රනාන්දු 27, උමේෂ් ලක්ෂාන් 27, වනුජ සහන් 2/36, රොෂාන් ජයතිස්ස 3/31, මෙලන් හංසක 5/55
ACE Capital කණ්ඩායමට ලකුණු 254ක ජයක්.
Colts CC සහ Ragama CC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී.
- Colts – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 506 (106.3) සංගීත් කුරේ 21, යොහාන් මෙන්ඩිස් 38, සනෝජ් දර්ශික 101, ධනංජය ලක්ෂාන් 150, මුදිත ලක්ෂාන් නොදැවී 117, කවිශ්ක අංජුල 31, ශෂික දුල්ශාන් 2/106
- Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (90.5) ජනිත් ලියනගේ 67, විනුර දුල්සර 40, රවිඳු සෙම්බුකුට්ටි 34, ගජිත කොටුවේගොඩ 76, උදිත මදුශාන් 2/36, තරණ විමලධර්ම 3/57, මුදිත ලක්ෂාන් 3/62
- Ragama – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 191 (55.0) දිනෙත් තිමෝද්‍ය 47, සංතුශ් ගුණතිලක 67, මුදිත ලක්ෂාන් 2/67
තරගයේ විසඳුමක් නෑ.
- තරිඳු රත්නායක ඉනිමක කඩුලු 9ක් දවා ගනී
- ඕස්ට්‍රේලියාව දැවැන්ත ජයක් ලබයි
- ඕස්ට්‍රේලියාව පරාජය කළත් ශ්‍රී ලංකාවේ ගමන නවතී
- Warne-Murali දඟ පන්දු කුසලාන ඉතිහාසය
- කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී
B කාණ්ඩය
Moors SC සහ SSC අතර තරගය බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 412 (116.1) ජනිශ්ක පෙරේරා 87, සොහාන් ද ලිවේරා 36, ලසිත් අබේරත්න 83, පසිඳු සූරියබණ්ඩාර 85, දිනුක ඩිල්ශාන් 42, රමේෂ් මෙන්ඩිස් 33, ප්‍රමෝද් මදුශාන් 4/69, කවිඳු නදීශාන් 2/51
- SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 275 (64.0) ශෙවෝන් ඩැනියෙල් 20, ක්‍රිශාන් සංජුල 32, චරිත් අසලංක 66, දසුන් ශානක 123, රමේෂ් මෙන්ඩිස් 2/62, චානුක ඩිල්ශාන් 3/95
- Moors SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 171 (46.0) සොහාන් ද ලිවේරා 29, පසිඳු සූරියබණ්ඩාර 61, රමේෂ් මෙන්ඩිස් නොදැවී 50, නිම්නක ජයතිලක 3/50, චරිත් අසලංක 2/45
- SSC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 105 (14.0) නිපුන් ධනංජය 21, ෂෙවෝන් ඩැනියෙල් නොදැවී 54, ක්‍රිශාන් සංජුල නොදැවී 28
තරගයේ විසඳුමක් නෑ.
BRC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (37.0) නවෝද් පරණවිතාන 24, සිනෙත් ජයවර්ධන 72, මොහොමඩ් ශමාස් 20, අයන සිරිවර්ධන 20, ලහිරු සමරකෝන් නොදැවි 49, මොහොම්ඩ ශිරාස් 5/63, මාලින්ද පුෂ්පකුමාර 5/123
- BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (65.3) රොෂේන් සිල්වා 67, ඩිල්ශාන් ද සොයිසා 35, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 22, තරිඳු රත්නායක 9/65
- Tamil Union – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 259 (67.0) නවෝද් පරණවිතාන 98, සඳුන් වීරක්කොඩි 22, තරිඳු රත්නායක 81, මාලින්ද පුෂ්පකුමාර 6/93, මොවින් සුබසිංහ 3/86
- BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 112 (32.3) රවිජ සඳරුවන් 30, මොවින් සුබසිංහ නොදැවී 36, තරිඳු රත්නායක 4/85, නවෝද් පරණවිතාන 6/18
Tamil Union කණ්ඩායමට ලකුණු 169ක ජයක්.
NCC සහ CCC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 474 (116.3) ලසිත් කෲස්පුල්ලේ 128, පවන් රත්නායක 194, අංජල බණ්ඩාර 85, චාමික කරුණාරත්න 3/76, අසේල් සිගේරා 2/52, ලසිත් ඇඹුල්දෙණිය 2/111
- NCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 476 (130.1) කමිල් මිෂාර 119, සහන් ආරච්චිගේ 125, කවින් බණ්ඩාර නොදැවී 110, අශේන් ඩැනියෙල් නොදැවී 63, චතුරංග ද සිල්වා 3/94
තරගයේ විසඳුමක් නෑ.
Nugegoda S &WC සහ Kurunegala YCC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 277 (126) ගයාන් මනීශාන් 112, දිල්හාර පොල්ගම්පළ 32, ලක්ෂාන් එදිරිසිංහ 42, සමීර සඳමාල් 20, දිනුෂ්ක මාලන් 31, තිලකරත්න සම්පත් 6/48, චාමිකර එදිරිසිංහ 2/100
- Nugegoda – පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (76) තිලකරත්න සම්පත් 31, අක්‍රම් මුතාලිබ් 34, ලක්ෂාන් ගමගේ 46, ලහිරු ජයරත්න 2/24, දිනුෂ්ක මාලන් 3/33, කවික ඩිල්ශාන් 3/71
- Kurunegala Youth – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 226 (88.3) ලක්ෂාන් එදිරිසිංහ 95, රශ්මික මදුශංක 36, දිනුෂ්ක මාලන් 33, තිලකරත්න සම්පත් 4/53, මධුක ලියනපතිරණ 2/17, චාමිකර එදිරිසිංහ 2/78
- Nugegoda – කඩුලු 2ක් දැවී 1 (1.0)
තරගයේ විසඳුමක් නෑ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<