ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (26) නිමා වූ NCC සහ Nugegoda අතර තරගයේ දී NCC කණ්ඩායමේ චාමික කරුණාරත්න Nugegoda කණ්ඩායමට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තා.
ඔහු විසින් ඉනිමේ යැවුණ 57 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේ දී අක්‍රම් මුතාලිබ් ව ද, 4 වැනි පන්දුවේ දී මදුක ලියනපතිරණගේ ද සහ 5 වැනි පන්දුවේ දී ඩිල්ශාන් අබේසිංහ ද දවා ගනිමින් මෙම දක්ෂතා ව සිදු කළා.
මේ අතර පිතිකරුවන් අතුරින් වැඩි දක්ෂතා දැක් වීමට Nugegoda කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා සමත් වුනා. ඒ NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 120ක් ලබා ගනිමින්. එය ඔහුගේ පළමු පෙළ තරග 111ක 21 වැනි ශතකයයි.
ඊට අමතර ව Bloomfield කණ්ඩායමේ කසුන් අබේරත්න Negombo කණ්ඩායමට එරෙහි ව පන්දු 187කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 37ක 6 වැනි ශතකයයි.
මේ අතර Moors කණ්ඩායමේ සිතාර ගිම්හාන් අද අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් පළමු පෙළ තරග දිවියේ ලකුණු 4000 කඩඉම පසු කිරීමට සමත් වුනා. ඔහු මේ වෙනුවෙන් තරග 78කට ක්‍රීඩා කර තිබෙන අතර ශතක 4ක් සහ අර්ධ ශතක 28ක් ඊට ඇතුලත්.
අද පැවැති තරගවල දී Ace Capital කණ්ඩායමේ සම්මු අශාන් සහ සකුණ ලියනගේ, Tamil Union කණ්ඩායමේ තුලින ඩිල්ශාන්, Moors සිතාර ගිම්හාන් සහ රමේෂ් මෙන්ඩිස්, SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු, Bloomfield කණ්ඩායමේ නිපුන් කරුණානායක, Ragama කණ්ඩායමේ විනුර දුල්සර, Police කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා සහ අශේන් බණ්ඩාර අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී BRC කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර SSC කණ්ඩායමට එරෙහි දෙවැනි ඉනිමේ දී ලකුණු 63කට කඩුලු 6ක් දවා ගත් අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 98කට කඩුලු 13ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
මේ අතර Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක Kandy Customs කණ්ඩායමට එරෙහි ව කඩුලු 5ක් දවා ගනිමින් පළමු පෙළ කඩුලු 300 කඩඉම පසු කිරීමට සමත් වුනා. ඔහුට මෙම කඩඉම පසු කිරීමට තරග 68ක් වැය වෙනවා.
ඔවුන්ට අමතර ව Moors කණ්ඩායමේ චානුක ඩිල්ශාන් CCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 34කට කඩුලු 6ක් දවා ගනිද්දී Colts කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ද කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Group A
Police SC සහ Ragama CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
- Police – පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (61.2) අවිශ්ක තරිඳු 27, අශේන් බණ්ඩාර 41, නලින් ප්‍රියදර්ශන 22, ජනිත් ලියනගේ 3/30, හරීන් රත්නමුදලි 2/35, දමිත සිල්වා 2/15
- Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 256 (87.1) සංතුශ් ගුණතිලක 24, ජනිත් ලියනගේ 25, විනුර දුල්සර 92, ගජිත කොටුවේගොඩ 22, කොශාන් දනුශ්ක 45, දිලුම් සුදීර 4/85, නලින් ප්‍රියදර්ශන 4/76
- Police – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 172 (32.3) ප්‍රියමාල් පෙරේරා නොදැවී 87, අශේන් බණ්ඩාර 50, කොශාන් දනුශ්ක 2/37
තරගයේ විසඳුමක් නෑ.
Bloomfield C & AC සහ Negombo CC අතර තරගය Bloomfield ක්‍රීඩාංගණයේ දී.
- Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (57.1) යොහාන් ද සිල්වා 17, රවිඳු ප්‍රනාන්දු 22, ලහිරු මදුශංක නොදැවී 55, තරිඳු ගුරුගේ 27, මාධව වර්ණපුර 2/14, ඩිල්ශාන් මුණවීර 4/37, දනුශ්ක සඳරුවන් 2/42, උපුල් ඉන්ද්‍රසිරි 2/45
- Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (53.0) පසිඳු ලක්ෂාන් 26, ප්‍රමෝද් මදුවන්ත 53, උපුල් ඉන්ද්‍රසිරි 23, රවිඳු ප්‍රනාන්දු 3/41, ඉසිත විජේසුන්දර 3/33
- Bloomfield – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 301 (91.5) යොහාන් ද සිල්වා 33, කසුන් අබේරත්න 115, නිපුන් කරුණානායක 73, රවිඳු ප්‍රනාන්දු 22, උපුල් ඉන්ද්‍රසිරි 4/95, ෂෙශාන් ප්‍රනාන්දු 3/33
- Negombo – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 53 (8.0) සහන් නානායක්කාර 2/29
තරගයේ විසඳුමක් නෑ.
Baduraliya SC සහ Colts අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
- Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (45.5) දුනිත් සිගේරා 22, රනේෂ් සිල්වා නොදැවී 43, අලංකාර අසංක 27, උදිත් මදුශාන් 2/30, අකිල ධනංජය 6/42
- Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (47.2) රවිඳු රසාන්ත 21, ශෙරාන් ෆොන්සේකා 71, කවිශ්ක අංජුල 31, චානක කොමසාරු 7/46
- Baduraliya – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 118 (26.5) රනේෂ් සිල්වා 62, උදිත් මදුශාන් 2/27, මුදිත ලක්ශාන් 5/32, අකිල දනංජය 2/46
- Colts – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 113 (26.5) රවිඳු රසාන්ත 39, යොහාන් මෙන්ඩිස් නොදැවී 31, චානක කොමසාරු 2/37, චලන ද සිල්වා 2/34
Colts කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
- කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී
- මොවින් පන්දු 56ක දී ශතකයක් ලබා ගනී
- මාලින්ද පළමු පෙළ කඩුලු 950 පසු කරයි
- Warne-Murali ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- කැංගරුවන්ගේ සිංහ දේශ සංචාරය
Group B
SSC සහ BRC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.
- SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (33.3) සසිඳු මල්ශාන් 32, මාලින්ද පුෂ්පකුමාර 7/35, මොවින් සුබසිංහ 2/35
- BRC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 340 (74.3) ඩිල්ශාන් ද සොයිසා 26, රොෂේන් සිල්වා නොදැවී 105, දිනිරු අබේවික්‍රමසිංහ 51, මොවින් සුබසිංහ නොදැවී 100, නිසල තාරක 2/43, නිම්නක ජයතිලක 3/108
- SSC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 176 (45.2) ක්‍රිශාන් සංජුල 32, ලක්ෂිත මනසිංහ 22, නුවනිඳු ප්‍රනාන්දු 51, කවිඳු නදීශාන් 23, මාලින්ද පුෂ්පකුමාර 6/63
BRC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 48ක ජයක්.
Moors SC සහ CCC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 301 (80.5) ලසිත් කෲස්පුල්ලේ 32, මිනෝද් භානුක 83, චමිඳු විජේසිංහ 50, සඳුන් මෙන්ඩිස් නොදැවී 19, ශිරාන් ප්‍රනාන්දු 5/64, රමේෂ් මෙන්ඩිස් 3/102
Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (74.4) සොහාන් ද ලිවේරා 29, පසිඳු සූරියබණ්ඩාර 21, සිතාර ගිම්හාන් 50, රමේෂ් මෙන්ඩිස් 80, දිනුක ඩිල්ශාන් 26, චතුරංග ද සිල්වා 3/84, චමිඳු විජේසිංහ 2/21, ලක්ෂාන් සඳකැන් 3/61
- CCC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 100 (32.0) චමිඳු විජේසිංහ නොදැවී 21, චානුක ඩිල්ශාන් 6/34, පසිඳූ සූරියබණ්ඩාර 2/29
තරගයේ විසඳුමක් නෑ.
NCC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- Nugegoda – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (42.5) ඇන්ජලෝ පෙරේරා 22, චාමිකර එදිරිසිංහ නොදැවී 22, චාමික කරුණාරත්න 2/23, සම්පත් නිශ්ශංක 4/20
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 198 (52.4) කමිල් මිෂාර 32, චාමික කරුණාරත්න 43, කවින් බණ්ඩාර 22, චාමික ගුණසේකර 31, ලසිත් ඇඹුල්දෙණිය 35, ඩිල්ශාන් අබේසිංහ 3/39, තිලකරත්න සම්පත් 5/88
- Nugegoda – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 294 (56.5) අවිශ්ක පෙරේරා 31, රොශාන් විජේනායක 32, තිලකරත්න සම්පත් 20, ඇන්ජලෝ පෙරේරා නොදැවී 120, ලක්ශාන් ගමගේ 35, චාමික කරුණාරත්න 4/72, සම්පත් නිශ්ශංක 3/61
- NCC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 146 (45.0) ලහිරු උදාර 41, කමිල් මිෂාර 22, අශේන් ඩැනියෙල් නොදැවී 22, තිලකරත්න සම්පත් 2/20, චාමිකර එදිරිසිංහ 4/39
තරගයේ විසඳුමක් නෑ.
Tamil Union C & AC සහ Kandy Custom CC අතර තරගය කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.
- Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 99 (27.5) ඉමේෂ් උදයංග 21, තරිඳු රත්නායක 8/34
- Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (47.5) නවොද් පරණවිතාන 36, තුලින ඩිල්ශාන් 23, තරුෂ ප්‍රනාන්දු 27, බුද්ධික සංජීව 4/46, සචිත්‍ර පෙරේරා 3/24, අවිඳු තීක්ෂණ 2/22
- Kandy Custom – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 180 (37.5) මලිඳු මදුරංග 22, රොස්කෝ තට්ටිල් නොදැවී 38, බුද්ධික සංජීව 48, අසංක මනෝජ් 4/61, තරිඳු රත්නායක 5/94
- Tamil Union – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 127 (19.5) නවෝද් පරණවිතාන නොදැවී 40, සිනෙත් ජයවර්ධන 22, තුලින ඩිල්ශාන් නොදැවී 61
Tamil Union කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
අද ආරම්භ තරග
Ace Capital CC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
- Ace Capital – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 298 (87.0) පවන්ත වීරසිංහ 42, උදයවංශ පරාක්‍රම 34, රවීන් ද සිල්වා 30, සම්මු අශාන් 79, සකුණ ලියනගේ 62, දුශාන් විමුක්ති 3/57, දුවිඳු තිලකරත්න 2/61
මෙම තරගය හෙට (27) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<