උදයවංශ සහ සහන්ගෙන් කැපී පෙණෙන දක්ෂතා

SLC Major Club 3 Day Tournament

82
Sahan Nanayakkara &Udayawansha Parakrama

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය නිමා කරමින් අද (28) අවසන් වූ තරගවල දී උදයවංශ පරාක්‍රම සහ සහන් නානායක්කාර දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වුනා.  

ACE Capital කණ්ඩායම නියෝජනය කරන 28 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු උදයවංශ පරාක්‍රම Baduraliya කණ්ඩායමට එරෙහි ව පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 113ක් ලබා ගැනීමට සමත් වූවා.  එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 5 වැනි ශතකයයි.

එමෙන් ම Bloomfield කණ්ඩායම නියෝජනය කරන 29 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන සහන් නානායක්කාර Ragama කණ්ඩායමට එරෙහි ව ලකුණු 24කට කඩුලු 7ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීමයි.

මේ අතර Moors කණ්ඩායමේ චානුක ඩිල්ශාන් BRC කණ්ඩායමට එරෙහි ව තරගයේ දී ලකුණු 77කට කඩුලු 10ක් දවා ගනිමින් එය ඔහුගේ පළමු පෙළ තරග 21ක හොඳම පන්දු යැවීම බවට වාර්තා කර ගත්තා.

අද නිමා වූ තරගවල දී Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක, CCC කණ්ඩායමේ නිමේෂ ගුණසිංහ, ACE Capital කණ්ඩායමේ සකුණ ලියනගේ සහ Police කණ්ඩායමේ නදීර බාලසූරිය Bloomfield කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

A කාණ්ඩය

ACE Capital සහ Baduraliya අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.

Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (84.2) දුනිත් ජයතුංග 51, අලංකාර අසංක 45, අනුක් ප්‍රනාන්දු 64, චානක රුවන්සිරි 69, චලන ද සිල්වා 32, සිතුම් දිසානායක 3/21, වනුජ සහන් 2/86, රොෂාන් ජයතිස්ස 3/75

 

ACE Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (39.4) තනුක දාබරේ 93, අනුක් ප්‍රනාන්දු 3/27, චානක රුවන්සිරි 3/50, චානක කොමසාරු 2/18

 

ACE Capital – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 364 (70.1) පවන්ත වීරසිංහ 33, තනුක දාබරේ 34, උදයවංශ පරාක්‍රම 113, සකුණ ලියනගේ 67, දනාල් හේමානන්ද 45, අනුක් ප්‍රනාන්දු 2/82, චානක රුවන්සිරි 4/106, චානක කොමසාරු 4/65

 

Baduraliya – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 131 (55.2) දුනිත් ජයතුංග 35, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 28, හර්ෂ විතාන 27, අනුක් ප්‍රනාන්දු 26, වනුජ සහන් 3/67, රොහාන් ජයතිස්ස 4/42, සම්මු අශාන් 2/11

ACE Capital කණ්ඩායමට ලකුණු 83ක ජයක්.

Negombo සහ Colts අතර තරගය කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී.

Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (66.5) ඩිල්ශාන් මුණවීර 44, හිමාෂ ලියනගේ 26, මාදව වර්ණපුර 36, කවිශ්ක අංජුල 2/39, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 3/21, අකිල ධනංජය 3/34

 

Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 352 (95.0) රවිඳු රසාන්ත 37, සනෝජ් දර්ශික 145, ධනංජය ලක්ෂාන් 72, අකිල දනංජය 46, චනුර ප්‍රනාන්දු 3/45, දනුශ්ක සඳරුවන් 3/69, නිශාන් පීරිස් 2/114

 

Negombo – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 79 (33.4) කේශාන් වන්නිආරච්චි 21, ඩිල්ශාන් මුණවීර 22, කවිශ්ක අංජුල 3/14, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 4/15

Colts කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 92ක ජයක්.

Ragama සහ Bloomfield අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (116.2) දිනෙත් තිමෝද්‍ය 60, විනුර දුල්සර 65, සංජය චතුරංග නොදැවී 78, රන්මිත් ජයසේන 36, රවිඳු ප්‍රනාන්දු 4/58

 

Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (70.4) රොන් චන්ද්‍රගුප්ත 37, හසිත බෝයගොඩ 74, කසුන් අබේරත්න 44, සංතුශ් ගුණතිලක 2/32, හරීන් රත්නමුදලි 3/47, ශෂික දුල්ශාන් 4/55

 

Ragama – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 61 (37.0) යොහාන් ලියනගේ 22, රවිඳු ප්‍රනාන්දු 3/23, සහන් නානායක්කාර 7/24

 

Bloomfield – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 164 (30.0) රොන් චන්ද්‍රගුප්ත 74, මිනෙත් ප්‍රේමරත්න 31, රවිඳු ප්‍රනාන්දු 22, නිපුන් මාලිංග 3/51, ශෂික දුල්ශාන් 3/35

Bloomfield කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

B කාණ්ඩය

Panadura සහ Police අතර තරගය පානදුර මහජන ක්‍රිඩාංගණයේ දී.

Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (75.1) ඉරෝෂ් සමරසූරිය 42, ඔෂඳ ප්‍රනාන්දු 25, රුමේෂ් බුද්ධික 81, ඉම්තියාස් ස්ලාසා 32, දිලුම් සුදීර 3/70, නලින් ප්‍රියදර්ශන 5/80

 

Police – පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (76.1) සංගීත් ශෙහාර 18, අවිශ්ක තරිඳු 23, ප්‍රියමාල් පෙරේරා 89, අශේන් බණ්ඩාර 92, යශාන් අවිශ්ක 2/52, විශ්ව ලහිරු 6/59, දුශාන් හේමන්ත 2/36

 

Panadura – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 91 (32.2) ශාලිත් ප්‍රනාන්දු 43, දිලුම් සුදීර 4/36, නලින් ප්‍රියදර්ශන 3/13, අශේන් බණ්ඩාර 3/13

 

Police – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 77 (10.2) නදීර බාලසූරිය නොදැවී 55

Police කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

Kandy Custom සහ NCC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (106.5) තෙවිඳු දික්වැල්ල 23, ශෙහාන් ප්‍රනාන්දු 56, සහන් කෝසල 116, රොස්කෝ තට්ටිල් 88, දුශ්මන්ත චමීර 3/56, චාමික ගුණසේකර 3/56, අසේල් සිගේරා 2/45

 

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (87.4) ලහිරු උදාර 65, කමිල් මිෂාර 51, අහන් වික්‍රමසිංහ 36, සහන් ආරච්චිගේ 69, අශේන් ඩැනියෙල් 21, බුද්ධික සංජීව 3/86, සහන් අදීශ 2/36, සචිත්‍ර පෙරේරා 4/94

 

Kandy Custom – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 135 (44.1) තෙවිඳු දික්වැල්ල 21, ඉමේෂ් උදයංග 26, සහන් කෝසල 20, රොස්කෝ තට්ටිල් 24, ලසිත් ඇඹුල්දෙණිය 3/38, චාමික ගුණසේකර 3/57, අසේල් සිගේරා 2/11, සහන් ආරච්චිගේ 2/11

 

NCC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 174 (19.0) නිරෝෂන් දික්වැල්ල 44, අසේල් සිගේරා 47, සහන් ආරච්චිගේ නොදැවී 30, සහන් අදීශ 2/47

NCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Tamil Union සහ CCC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (45.5) තුලින ඩිල්ශාන් 30, සිතාර හපුහින්න 34, සචිත ජයතිලක නොදැවී 64, තරිඳු රත්නායක 27, ඉසුරු උදාන 3/32, ධනංජය ද සිල්වා 2/34, සොනාල් දිනූෂ 2/31, ලක්ශාන් සඳකැන් 2/04

 

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 380 (85.3) නිමේෂ් ගුණසිංහ 20, ලසිත් කෲස්පුල්ලේ 35, මිනෝද් භානුක 58, පවන් රත්නායක 46, සොනාල් දිනූෂ නොදැවී 117, ඉසුරු උදාන 54, තරිඳු රත්නායක 2/132, විජයකාන්ත් වියස්කාන්ත් 5/81, සඳුන් වීරක්කොඩි 2/33

 

Tamil Union – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 299 (79.3) තුලින ඩිල්ශාන් 32, මොහොමඩ් ශමාස් 40, සිතාර හපුහින්න 53, සචිත ජයතිලක 43, විජයකාන්ත් වියස්කාන්ත් 24, තරිඳු රත්නායක 86, විශ්ව ප්‍රනාන්දු 3/43, ධනංජය ද සිල්වා 4/71, චමිඳු විජේසිංහ 3/68

 

CCC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 98 (23.1) නිමේෂ ගුණසිංහ නොදැවී 56, අංජල බණ්ඩාර නොදැවී 37

CCC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

BRC සහ Moors අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (56.3) චාමික හීනටිගල 38, දිනිරු අබේවික්‍රමසිංහ 23, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 38, චානුක ඩිල්ශාන් 7/46, රමේෂ් මෙන්ඩිස් 3/58

 

Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 326 (93.3) සදීර සමරවික්‍රම 114, පසිඳු සූරියබණ්ඩාර 41, මිලාන් රත්නායක 26, රමේෂ් මෙන්ඩිස් 57, චමින්ද බණ්ඩාර 2/49, මාලින්ද පුෂ්පකුමාර 3/104, මර්වින් අබිනාශ් 4/75

 

BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 175 (65.2) ඩිල්ශාන් ද සොයිසා 42, නවිඳු නිර්මාල් 25, දිනිරු අබේවික්‍රමසිංහ 40, චානුක ඩිල්ශාන් 3/31, රමේෂ් මෙන්ඩිස් 3/53, රොහාන් සංජය 3/40

 

Moors – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 52 (6.5) සොහාන් ද ලිවේරා 22, රවිශාන් ද සිල්වා නොදැවී 21

Moors කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

ඒ අනුව Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය අද අවසන් වූ අතර එහි දී A කාණ්ඩය නියෝජනය කළ ACE Capital, Colts සහ Bloomfield කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළ අතර B කාණ්ඩය නියෝජනය කළ Kurunegala Youth, Police, NCC,  CCC සහ Moors කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<