රොන් ලකුණු 5000 සමාජයට

SLC Major Club 3 Day Tournament

6

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (5) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි දී  Bloomfield කණ්ඩායමේ ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඒ සමඟ ම ඔහු පළමු පෙළ ලකුණු 5000 සමාජයට ද වුනා.

Bloomfield කණ්ඩායම

 

නිපුන් කරුණානායක (නායක), හසිත බෝයගොඩ, රොන් චන්ද්‍රගුප්ත, අසිත වන්නිනායක, රවිඳු ප්‍රනාන්දු, කසුන් අබේරත්න (කඩුලු රකින්නා), ලහිරු මදුශංක, සහන් නානායක්කාර, ඉසිත විජේසුන්දර, ජෙෆ්රි වැන්ඩර්සේ, දුලාජ් සමුදිත.

NCC කණ්ඩායම

 

සහන් ආරච්චිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, ලහිරු උදාර, කමිල් මිෂාර, කවින් බණ්ඩාර, චාමික ගුණසේකර, අශේන් ඩැනියෙල්, අසේල් සිගේරා, චාමික කරුණාරත්න, ලහිරු කුමාර

කාසියේ වාසිය දිනා ගත් Bloomfield කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පළමු දිනයට තරගය නතර කරන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 260ක් ලබා සිටියා.

එම ඉනිමට සුවිශේෂීත්වයක් එක් කිරීමට රොන් චන්ද්‍රගුප්ත සමත් වීම කැපී පෙණුනා. ඒ අතර පළමුවෙන් ම ඔහු තමන් මුහුණ දුන් 114 වැනි පන්දුවේ දී තම 89ක් වන පළමු පෙළ තරග දිවියේ 5000 වැනි ලකුණ ලබා ගැනීමට සමත් වෙනවා.

එම කඩඉම පසු කිරීමත් සමඟින් තවත් ලකුණු 2ක් Bloomfield ඉනිමට එක් වෙද්දී රොන් චන්ද්‍රගුප්ත ගේ පළමු කඩුල්ලේ සගයා හසිත බෝයාගොඩ දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටි අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 9 වැනි අර්ධ ශතකය බවට පත් වුනා.

ලහිරු කුමාර විසින් දවා ගත් එම කඩුල්ල ලකුණු පුවරුවට එක් වෙද්දී රොන් සහ බෝයගොඩ එක් ව එම කඩුල්ලට පන්දු 232ක දී ලකුණු 119ක් ලබා සිටියා.

අනතුරු ව රොන් ගේ ඉනිම ආරම්භ වෙන්නේ අසිත වන්නායක සමඟයි. සිව් දිනක් පැවැත්වෙන තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 141ක සබඳතාවක් ගොඩ නගා තිබුණා.

එහි දී තම පළමු පෙළ තරග දිවියේ 11 වැනි ශතකය තමන් මුහුණ දුන් 196 වැනි පන්දුවේ දී වාර්තා කළ රොන් චන්ද්‍රගුප්ත දිනය අවසන් වන විට පන්දු 279කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 140ක් ලබා සිටියා.

අසිත වන්නිනායක නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 62ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 148කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 8ක් ද එක් කර තිබුණා.

ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය ලහිරු කුමාර සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Bloomfield – පළමු ඉනිම කඩුල්ලක් දැවී 260 (90.0) හසිත බෝයගොඩ 52, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 140, අසිත වන්නිනායක නොදැවී 62, ලහිරු කුමාර 1/50

මෙම තරගය හෙට (06) 2 වැනි දිනයට ආරම්භ වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<