ලහිරු සහ උපුල් දවසේ කැපී පෙණෙන දක්ෂතා දක්වයි

SLC Major Club 3 Day Tournament

44
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ 2 වැනි දිනය වූ අද (8) දවසේ කැපි පෙණෙන දක්ෂතා දැක්වීමට ලහිරු උදාර සහ උපුල් ඉන්ද්‍රසිරි සමත් වුනා.

NCC කණ්ඩායමේ ලහිරු උදාර මෙවර තරගාවලියේ 3 වැනි ද්විත්ව ශතකය අද වාර්තා කළා. ඒ Moors කණ්ඩායමට එරෙහිවයි. ඔහු පන්දු 214කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 206ක් ලබා ගත් අතර එය ඔහු මෙවර තරගාවලියේ ලබා ගත් දීර්ඝත ම ඉනිම බවට ද පත් වුනා.

මේ අතර Negombo කණ්ඩායමේ 42 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන උපුල් ඉන්ද්‍රසිරි Panadura කණ්ඩායමට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ද සමත් වුනා.

ඔහු විසින් යැවුණ ඉනිමේ 32 වැනි පන්දුවාරයේ අවසන් පන්දු ද්විත්වයේ දී විශ්ව ලහිරු සහ සහන් මිහිර දවා ගත් අතර ඊට පසුව යැවුණ 34 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී මොහොමඩ් ඩිල්ශාඩ් දවා ගනිමින් මෙම කඩඉමට පිවිසියා. එම දක්ෂතාවත් සමඟින් ඔහු මෙම ඉනිමේ දී ලකුණු 40කට කඩුලු 7ක් දවා ගත්තා.

මේ අතර අද පැවැති තරගවල දී SSC කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන ශෙවෝන් ඩැනියෙල් පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 142ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ සිව් වැනි ශතකයයි.

එමෙන් ම එම කණ්ඩායමේ නායක චරිත් අසලංක ද අද ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල 2 වැනි ශතකය වූ අතර ඒ සමඟින් ම ඔහු පළමු පෙළ ලකුණු 2000 සමාජයට එක් වීමට ද සමත් වුනා.

මේ අතර CCC කණ්ඩායම නියෝජනය කරන නිශාන් මදුශ්ක Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 14 වැනි ශතකයයි.

පන්දු යැවීමේ දී Colts කණ්ඩායමේ 24 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන මුදිත ලක්ෂාන් Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 47කට කඩුලු 6ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 12ක ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් වුනා.

ඊට අමතර ව CCC කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දග පන්දු යවන ඉනුක කරන්නාගොඩ Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ලකුණු 68කට කඩුලු 6ක් දවා ගත්තා. එය ඔහුගේ තරග 3ක් වන පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීමයි.

අද දවසේ දී දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් Colts කණ්ඩායමේ සංගීත් කුරේ, Ace Capitol කණ්ඩායමේ සම්මු අශාන්, Bloomfield කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත, Negombo කණ්ඩායමේ හිමාෂ ලියනගේ සහ ඇන්ජලෝ ජයසිංහ, Panadura කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු, Baduraliya කණ්ඩායමේ රනේෂ් සිල්වා සහ චානක රුවන්සිරි, NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ සහන් ආරච්චිගේ, Kurunegala Youth කණ්ඩායමේ ගයන වීරසිංහ, CCC කණ්ඩායමේ මිනෝද් භානුක, Nugegoda කණ්ඩායමේ අක්‍රම් මුතාලිබ් සහ Kandy Customs කණ්ඩායමේ ශෙෂාන් ප්‍රනාන්දු අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

තරගවල කෙටි ලකුණු පුවරු

A කාණ්ඩය

SSC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

  • Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (84.2)සිනෙත් ජයවර්ධන 24, තුලින ඩිල්ශාන් 66, තරිඳු හර්ෂණ 29, රිසිත් උපමාල් 60, ලහිරි සමරකෝන් 21, තරිඳු රත්නායක 50, කලණ පෙරේරා 46, චරිත් අසලක 6/112
  • SSC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 432 (90.0)ශෙවෝන් ඩැනියෙල් 142, අවිශ්ක ප්‍රනාන්දු 39, ක්‍රිශාන් සංජුල 39, ක්‍රිශාන් සංජුල 48, චරිත් අසලංක නොදැවී 102, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 75, තරිඳු රත්නායක 2/161

Police SC සහ Colts CC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී

  • Colts – පළමු ඉනිම සියලු ම දෙනා දැවී 246 (64.5)සනෝජ් දර්ශික 40, ධනංජය ලක්ෂාන් 63, මුදිත ලක්ෂාන් 54, අකිල ධනංජය 41, දිලුම් සුදීර 6/96, නලින් ප්‍රියංකර 3/75
  • Police – පළමු ඉනිම සියලුම දෙනා දැවී 184 (59.4)අවිශ්ක තරිඳු 33, විශාද් රන්දික 43, ප්‍රියමාල් පෙරේරා 49, කවිශ්ක අංජුල 3/28, මුදිත ලක්ෂාන් 6/47
  • Colts- දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 142 (48.0) රවිඳු රසාන්ත 29, යොහාන් මෙන්ඩිස් 42, සංගීත් කුරේ 50, නලින් ප්‍රියදර්ශන 4/57, නදීර බාලසූරිය 2/20

Ace Cpital CC සහ Bloomfield C & AC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී. 

  • Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 308 (83.2)යොහාන් ද සිල්වා 22, අසිත වන්නිනායක 52, කසුන් අබේරත්න 40, රවිඳු ප්‍රනාන්දු 94, තරින්ද ගුරුගේ 34, රොෂාන් ජයතිස්ස 2/77,  මෙලන් හංසක 6/92
  • Ace Capitol – පළමු ඉනිම සියලුම දෙනා දැවී 162 (50.5) සම්මු අශාන් 79, වනුජ සහන් 26, ලහිරු මදුශංක 3/39, සහන් නානායක්කාර 4/33
  • Bloomfield– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 144 (40.3) රොන් චන්ද්‍රගුප්ත 74, අසිත විජේනායක 49,

Negombo CC සහ Panadura SC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේදී.

  • Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (76.5)හිමාෂ ලියනගේ 73, ඇන්ජලෝ ජයසිංහ 32, උමේෂ් ලක්ෂාන් නොදැවී 35, මොහොමඩ් ඩිල්ෂාඩ් 5/37, දුශාන් හේමන්ත 3/68
  • Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (33.1)ඕෂද ප්‍රනාන්දු51, රුමේෂ් බුද්ධික 35, ශෙෂාන් ප්‍රනාන්දු 2/50, උපුල් ඉන්ද්‍රසිරි 7/40
  • Negombo– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 231 (57.0)උමේෂ් ලක්ෂාන් 26, හිමාෂ ලියනගේ 57, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 73, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 28, දුශාන් හේමන්ත 2/49

Baduraliya SC සහ Chilaw Marians CC අතර තරගය මග්ගොන Surrey Village  ක්‍රීඩාංගණයේදී.

  • Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (48.1) දුශාන් විමුක්ති 20, තික්ෂිල ද සිල්වා 54, චානක කොමසාරු 5/45, චානක රුවන්සිරි 4/59
  • Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 259 (71.0) දුනිත් ජයතුංග 38, රනේෂ් සිල්වා 56, චානක රුවන්සිරි 84, දුෂාන් විමුක්ති 3/59, දුවිඳු තිලකරත්න 4/107
  • Chilaw Marians– දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 164 (55.0) රවීන් යසස් 42, සුපුන් වඩුගේ නොදැවී 46, සුමින්ද ලක්ශාන් නොදැවී 23, චානක කොමසාරු 2/42, චලන ද සිල්වා 2/33, කවිඳු අමන්ත 2/26

B කාණ්ඩය

Moors SC සහ NCC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී.

  • Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 256 (93.0)ජනිශ්ක පෙරේරා 52, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 106, යෙසිත් රූපසිංහ 29, මිලාන්‍ රත්නායක 31, චාමික කරුණාරත්න 2/28, අශේන් ඩැනියෙල් 4/61, සචිඳු කොළඹගේ 2/44
  • NCC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 409 (79.0) නිරෝෂන් දික්වැල්ල 69, ලහිරු උදාර 206, සහන් ආරච්චිගේ නොදැවී 62, චානුක ඩිල්ශාන් 2/88, රොහාන් සංජය 2/66

CCC සහ Kurunegala Youth CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේදී.

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (65.3)ලසිත් කෲස්පුල්ලේ 24, නිමේෂ ගුණසිංහ 47, මිනෝද් භානුක 80, අංජල බණ්ඩාර 32, ඉනුක කරන්නාගොඩ 23, ලහිරු ජයරත්න 3/38, කවික ඩිල්ශාන් 6/121
  • Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (48.1)ගයාන් මනීශාන් 76, ගයන වීරසිංහ 50, රශ්මික මදුශංක නොදැවී 27, වනිඳු හසරංග 2/45, චමිඳු විජේසිංහ 2/26, ඉනුක කරන්නාගොඩ 6/68
  • CCC– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 273 (63.0)නිශාන් මදුශ්ක 112, මිනෝද් භානුක 89, පවන් රත්නායක 35, අංජල බණ්ඩාර 21, කවික ඩිල්ශාන් 2/101, සමීර සඳමාල් 2/57

Nugegoda S & WC  සහ Kandy Customs CC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

  • Nugegoda – පළමු ඉනිම සියලුම දෙනාදැවී 365(106.0) අවිශ්ක පෙරේරා 109, රොෂාන් විජේනායක 103, තිලකරත්න සම්පත් 33, රාහුල් ගුණසේකර 22, අක්‍රම් මුතාලිබ් 64, සහන් අදීශ 2/81, ඉමේෂ් උදයංග 4/80, සචිත්‍ර පෙරේරා 4/71
  • Kandy Customs– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 253 (85.4)ඉමාල් ලියනගේ 21, ශෙෂාන් ප්‍රනාන්දු 57, මිතුන් ජයවික්‍රම 44, සහන් කෝසල 29, රොස්කෝ තට්ටිල් 23, ඉමේෂ් උදයංග 27, අවිඳු තීක්ෂණ නොදැවී 22, තිලකරත්න සම්පත් 5/85, චාමිකර එදිරිසිංහ 2/58

මෙම තරග සියල්ල හෙට (09) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<