ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති Police සහ Bloomfield කණ්ඩායම් අතර තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට Police කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන සමත් වුනා.
දකුණතින් පිට දඟ පන්දු යවන නලින් ප්‍රියදර්ශන Bloomfield කණ්ඩායමේ දෙවැනි ඉනිමේ සිව් වැනි පන්දුවාරයේ දී මෙම දක්ෂතාව සිදු කළ ඔහුගේ ගොදුරු බවට පත් වූයේ රොන් චන්ද්‍රගුප්ත, හසිත බෝයගොඩ සහ කසුන් අබේරත්න යි. එම ඉනිම අවසන් වෙද්දී නලින් ප්‍රියදර්ශනගේ පන්දු යැවීම ලකුණු 58කට කඩුලු 6ක් සේ සටහන් වූවා.
මේ අතර Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක, BRC කණ්ඩායමේ මොහොමඩ් ශිරාස් සහ මාලින්ද පුෂ්පකුමාර, Police කණ්ඩායමේ දිලුම් සුදීර කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
අද පැවැති තරගවල දී පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූවන් අතර පෙරමුණ ගැනීමට CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ සහ පවන් රත්නායක සමත් වුණා. ලසිත් කෲස්පුල්ලේ පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 128ක් ලබා ගත් අතර පවන් රත්නායක පන්දු 212කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 136ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 210ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.
ඊට අමර ව Colts කණ්ඩායමේ සනෝජ් දර්ශික Ragama කණ්ඩායමට එරෙහි ව පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 101ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තර 43ක 3 වැනි ශතකයයි.
Kurunegala Youth කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගයාන් මනීශාන් අද තම 100 වැනි පළමු පෙළ තරගයට සහභාගී වූ අතර එහි දී පන්දු 192කට මුහුණ දෙමින් හතතෙර් පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා. ඔහු මෙම දක්ෂතා ව දැක් වූයේ Nugegoda කණ්ඩායමට එරෙහිවයි.
Moors කණ්ඩායම නියෝජනය කරමින් තම 110 වැනි පළමු පෙළ තරගයට සහභාගී වූ ලසිත් අබේරත්න අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් පළමු පෙළ තරගවල ලකුණු 6000 කඩඉම පසු කිරීමට අද සමත් වූවා.
මේ අතර අද දවසේ දී Bloomfied කණ්ඩායමේ ඉසිත විජේසුන්දර, Colts කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්, Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා, ලසිත් අබේරත්න සහ පසිඳු සූරියබණ්ඩාර, Tamil Union කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන සහ Chilaw Marians කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
A කාණ්ඩය
Chilaw MCC සහ Panadura SC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 243 (75.0) ලසිත් ලක්ෂාන් 32, ශෙහාන් ජයසූරිය නොදැවී 93, රවීන් යසස් 36, තික්ෂිල ද සිල්වා නොදැවී 32, සහන් මිහිර 2/50, නිමේෂ් විමුක්ති 3/61
Negombo CC සහ ACE Capital CC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.
- ACE Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (56.5) උදයවංශ පරාක්‍රම 55, රවිඳු රත්නායක 59, වනුජ සහන් 44, රොෂාන් ජයතිස්ස 36, මාධව වර්ණපුර 2/41, ෂෙහාන් ප්‍රනාන්දු 3/39, උපුල් ඉන්ද්‍රසිරි 4/44
- Negombo – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 45 (18.0) ඩිල්ශාන් මුණවීර 21, වනුජ සහන් 3/18
Colts CC සහ Ragama CC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී.
- Colts – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 333 (79.0) සංගීත් කුරේ 21, යොහාන් මෙන්ඩිස් 38, සනෝජ් දර්ශික 101, ධනංජය ලක්ෂාන් 92, මුදිත ලක්ෂාන් 40
මෙම තරග සියල්ල හෙට (01) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
Police SC සහ Bloomfied C & AC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී.
- Bloomfied – පළමු ඉනිම සියලුම නො දැවී 216 (87.1) රොන් චන්ද්‍රගුප්ත 40, මිනෙත් ප්‍රේමරත්න 49, ලහිරු මදුශංක 26, ඉසිත විජේසුන්දර 54, නලින් ප්‍රියදර්ශන 3/80, දිලුම් සුදීර 5/80
- Police – පළමු ඉනිම සියලුම දෙනා දැවී 112 (28.4) සංගීත් ෂෙහාර 20, නදීර බාලසූරිය 49, ඉසිත විජේසුන්දර 2/26, රවිඳු ප්‍රනාන්දු 4/33, සහන් නානායක්කාර 2/22
- Bloomfied – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 127 (34.4) ලහිරු මදුශංක 42, ඉසිත විජේසුන්දර 30, නලින් ප්‍රියදර්ශන 6/58, දිලුම් සුදීර 2/27
- Police – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 6 (3.0)
මෙම තරගය හෙට (01) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
- Bloomfield 8 වැනි කඩුල්ලේ දී ගොඩ යයි
- ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය Jasprit Bumrahට හිමි වෙයි
- ලෝක ඇගයීමට මඟ පෑදු දක්ෂතා
- චාමිකගෙන් කඩුලු ත්‍රිත්වයක්
- කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී
B කාණ්ඩය
Moors SC සහ SSC අතර තරගය බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 277 (75.4) ජනිශ්ක පෙරේරා 87, සොහාන් ද ලිවේරා 36, ලසිත් අබේරත්න නොදැවී 68, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 58,
BRC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (37.0) නවෝද් පරණවිතාන 24, සිනෙත් ජයවර්ධන 72, මොහොමඩ් ශමාස් 20, අයන සිරිවර්ධන 20, ලහිරු සමරකෝන් නොදැවි 49, මොහොම්ඩ ශිරාස් 5/63, මාලින්ද පුෂ්පකුමාර 5/123
- BRC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 147 (46.0) රොෂේන් සිල්වා නොදැවී 50, ඩිල්ශාන් ද සොයිසා 35, තරිඳු රත්නායක 6/54
NCC සහ CCC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
CCC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 328 (78.0) ලසිත් කෲස්පුල්ලේ 128, පවන් රත්නායක 136, අන්ජල බණ්ඩාර නොදැවී 49, චාමික කරුණාරත්න 2/62
Nugegoda S &WC සහ Kurunegala YCC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala Youth – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 228 (103) ගයාන් මනීශාන් 112, දිල්හාර පොල්ගම්පළ 32, ලක්ෂාන් එදිරිසිංහ 42, සමීර සඳමාල් 20, තිලකරත්න සම්පත් 4/26
මෙම තරග සියල්ල හෙට (01) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<