Bloomfield 8 වැනි කඩුල්ලේ දී ගොඩ යයි

SLC Major Club 3 Day Tournament

127
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ Police කණ්ඩායම සහ Bloomfield කණ්ඩායම අතර තරගය අද (30) කොළඹ, තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

A කාණ්ඩයේ තරගයක් වන මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට පළමුවෙන් පන්දුවට පහර දුන් Bloomfield ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 186ක් ලබා සිටියා.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ කඩුලු 6ක් ලකුණු 81කට දැවී ගොස් තිබිය දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් මිනෙත් ප්‍රේමරත්න සහ ලහිරු මදුශංක (26) එක් ව පන්දු 126කට ලකුණු 47ක් ද සහ 8 වැනි කඩුල්ල සඳහා මිනෙත් ප්‍රේමරත්න සහ ඉසිත විජේසුන්දර එක් ව පන්දු 112ක දී ලකුණු 57ක් එක් කළා.

එම ඉනිම වෙනුවෙන් මිනෙත් ප්‍රේමරත්න පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ලබා ගනිමින් මෙතෙක් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත් අතර දිනය අවසන් වන විට ඉසිත විජේසුන්දර පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 60කට කඩුලු 4ක් දවා ගත් අතර නලින් ප්‍රියදර්ශන ලකුණු 77කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව ප්‍රියමාල් පෙරේරා සහ සුපුන් මදුශංක කඩුල්ල බැගින් දවා ගෙන සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Police SC සහ Bloomfied C & AC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfied– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 186 (80.0) රොන් චන්ද්‍රගුප්ත 40, මිනෙත් ප්‍රේමරත්න 49, ලහිරු මදුශංක 26, ඉසිත විජේසුන්දර නොදැවී 34, නලින් ප්‍රියදර්ශන 2/77, දිලුම් සුදීර 4/60

මෙම තරගය හෙට (31) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<