Ace Capital සහ Chilaw තරගය විසඳුමකින් තොරයි

SLC Major Club 3 Day Tournament

47
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ Ace Capital කණ්ඩායම සහ Chilaw Marians කණ්ඩායම අතර අද (28) කොළඹ CCC පිටියේ දී පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් වුනා.

A කාණ්ඩයේ තරගයක් වන මෙහි දී අවසන් දිනයේ දී තරගයේ ජයග්‍රහණය සඳහා Chilaw Marians කණ්ඩායම ලකුණු 260ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි අතර තරගය නතර කරන විට ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 143ක් ලබා සිටියා.

එහි දී කසුන් විදුර පන්දු 37කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියා. ඊට අමතර ව නායක දුශාන් විමුක්ති පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 73ක දී ලකුණු 83ක සබඳතාවක් ද එක් කළා. ඊට අමතර ව අශාන් රන්දික පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් ලබා ගැනීමට ද සමත් වූවා.

කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Ace Capital CC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Ace Capital– පළමු ඉනිම සියලුම දෙනා දැවී 324 (97.3)පවන්ත වීරසිංහ 42, උදයවංශ පරාක්‍රම 34, රවීන් ද සිල්වා 30, සම්මු අශාන් 79, සකුණ ලියනගේ 62, වනුජ සහන් 20, හර්ෂ කුරේ 28, දුශාන් විමුක්ති 3/57, දුවිඳු තිලකරත්න 5/38
  • Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (83.2)කසුන් විදුර 31, ශෙහාන් ජයසූරිය 23, දුශාන් විමුක්ති නොදැවී 54, තික්ෂිල ද සිල්වා 25, සුමින්ද ලක්ෂාන් 29, රොහාන් ජයතිස්ස 5/71, වනුජ සහන් 3/66
  • Ace Capital– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 163 (49.0)පවන්ත වීරසිංහ 41, සම්මු අශාන් 23, සකුණ ලියනගේ 32, හර්ෂ කුරේ 21, දුශාන් විමුක්ති 4/41, ශෙහාන් ජයසූරිය 2/52, දුවිඳු තිලකරත්න 3/40
  • Chilaw Marians– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 143 (19.0)අශාන් රන්දික 49, කසුන් විදුර නොදැවී 51, දුශාන් විමුක්ති නොදැවී 33, වනුජ සහන් 3/47

තරගයේ විසඳුමක් නෑ.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<