ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි දිනය වු (28) අද දවසේ දී මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට Kurunegala Youth ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.
SSC කණ්ඩායම සමඟ SSC පිටියේ දී පැවැති එම තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වූ අතර එහි දී 31 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන දිනූෂ්ක මාලන් තරගය අවසානයේ දී ලකුණු 49කට කඩුලු 10ක් දවා ගැනීමට සමත් වෙනවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීමයි.
SSC කණ්ඩායමේ කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිවාදීයා වූ ඔහු පළමු ඉනිමේ දී ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත් අතර 2 වැනි ඉනිමේ දී ද ලකුණු 22කට කඩුලු 5ක් දවා ගන්නවා. දෙවැනි ඉනිමේ දී ඔහු පෑ දක්ෂතාව ඔහුගේ පළමු පෙළ තරග 35ක, ඉනිමක හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.
මේ අතර අද දවසේ දී Colts කණ්ඩායමේ සනෝජ් දර්ශික Negombo කණ්ඩායමට එරෙහි ව පන්දු 207කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 145ක් ලබා ගත් අතර ඔහු ලබා ගත් මෙම ශතකයත් සමඟින් ඔහු තම පළමු පෙළ තරග දිවියේ ලකුණු 2000 කඩඉම පසු කිරීමට ද සමත් වූවා.
එමෙන් ම CCC කණ්ඩායමේ සොනාල් දිනූෂ ද Tamil Union කණ්ඩායමට එරෙහි ව පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 117ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ලබා ගත් 5 වැනි ශතකය බවට පත් වුනා.
මේ අතර Moors කණ්ඩායමේ සදීර සමරවික්‍රම BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 180කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 15 වැනි ශතකය වූ අතර ඔහු Moors ඉනිමේ සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට එක් වූ මිලාන් රත්නායක (26) සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 221කට මුහුණ දෙමින් ලකුණු 105ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.
ඊට අමතර ව අද දවසේ දී Police කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා සහ අශේන් බණ්ඩාර, ACE Capital කණ්ඩායමේ තනුක දාබරේ, උදයවංශ පරාක්‍රම සහ සකුණ ලියනගේ, Colts කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්, Bloomfield කණ්ඩායමේ හසිත බෝයගොඩ, Ragama කණ්ඩායමේ සංජය චතුරංග, NCC කණ්ඩායමේ ලහිරු උදාර, කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ, CCC කණ්ඩායමේ ඉසුරු උදාන අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
අද දවසේ පන්දු යැවීමේ දී Panadura කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන විශ්ව ලහිරු Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 59කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූනා. ඊට අමතර ව Tamil Union කණ්ඩායමේ විජයකාන්ත වියස්කාන්ත් කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
A කාණ්ඩය
ACE Capital සහ Baduraliya අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.
Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (84.2) දුනිත් ජයතුංග 51, අලංකාර අසංක 45, අනුක් ප්‍රනාන්දු 64, චානක රුවන්සිරි 69, චලන ද සිල්වා 32, සිතුම් දිසානායක 3/21, වනුජ සහන් 2/86, රොෂාන් ජයතිස්ස 3/75
ACE Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (39.4) තනුක දාබරේ 93, අනුක් ප්‍රනාන්දු 3/27, චානක රුවන්සිරි 3/50, චානක කොමසාරු 2/18
ACE Capital – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 229 (41.0) පවන්ත වීරසිංහ 33, තනුක දාබරේ 34, උදයවංශ පරාක්‍රම 83, සකුණ ලියනගේ නොදැවී 63,
Negombo සහ Colts අතර තරගය කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී.
Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (66.5) ඩිල්ශාන් මුණවීර 44, හිමාෂ ලියනගේ 26, මාදව වර්ණපුර 36, කවිශ්ක අංජුල 2/39, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 3/21, අකිල ධනංජය 3/34
Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 352 (95.0) රවිඳු රසාන්ත 37, සනෝජ් දර්ශික 145, ධනංජය ලක්ෂාන් 72, අකිල දනංජය 46, චනුර ප්‍රනාන්දු 3/45, දනුශ්ක සඳරුවන් 3/69, නිශාන් පීරිස් 2/114
Negombo – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 10 (4.0)
Ragama සහ Bloomfield අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (116.2) දිනෙත් තිමෝද්‍ය 60, විනුර දුල්සර 65, සංජය චතුරංග නොදැවී 78, රන්මිත් ජයසේන 36, රවිඳු ප්‍රනාන්දු 4/58
Bloomfield – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 155 (54.0) රොන් චන්ද්‍රගුප්ත 37, හසිත බෝයගොඩ 74, සංතුශ් ගුණතිලක 2/19
- සහන් සහ චානුක දක්ෂතා දක්වයි
- යශෝධ, හෂාන්, දුශාන් සහ රොන් ගෙන් දක්ෂතා
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථා වෙනසක්
- ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර හමුවක්
B කාණ්ඩය
Panadura සහ Police අතර තරගය පානදුර මහජන ක්‍රිඩාංගණයේ දී.
Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (75.1) ඉරෝෂ් සමරසූරිය 42, ඔෂඳ ප්‍රනාන්දු 25, රුමේෂ් බුද්ධික 81, ඉම්තියාස් ස්ලාසා 32, දිලුම් සුදීර 3/70, නලින් ප්‍රියදර්ශන 5/80
Police – පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (76.1) සංගීත් ශෙහාර 18, අවිශ්ක තරිඳු 23, ප්‍රියමාල් පෙරේරා 89, අශේන් බණ්ඩාර 92, යශාන් අවිශ්ක 2/52, විශ්ව ලහිරු 6/59, දුශාන් හේමන්ත 2/36
Panadura – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 72 (23.0) ශාලිත් ප්‍රනාන්දු 43, නලින් ප්‍රියදර්ශන 3/13
SSC සහ Kurunegala Youth අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 89 (35.4) දිමුත් කරුණාරත්න 24, ලක්ෂිත මනසිංහ 22, ලහිරු ජයරත්න 3/31, දිනුශ්ක මාලන් 5/27
Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (41.5) ගයාන් මනීශාන් 39, ලහිරු ජයරත්න 43, කසුන් රාජිත 2/34, දසුන් ශානක 5/36, අක්මාල් ෆස්ලි 2/32
SSC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 129 (39.5) ක්‍රිශාන් සංජුල 46, දසුන් ශානක 29, ලහිරු ජයරත්න 2/32, දිනූෂ්ක මාලන් 5/22, අරවින්ද ප්‍රේමරත්න 2/57
Kurunegala Youth – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 77 (12.5) ගයාන් මනීශාන් 43, දිල්හාර පොල්ගම්පොළ නොදැවී 25
Kurunegala Youth කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
Kandy Custom සහ NCC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.
Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (106.5) තෙවිඳු දික්වැල්ල 23, ශෙහාන් ප්‍රනාන්දු 56, සහන් කෝසල 116, රොස්කෝ තට්ටිල් 88, දුශ්මන්ත චමීර 3/56, චාමික ගුණසේකර 3/56, අසේල් සිගේරා 2/45
NCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 280 (70.0) ලහිරු උදාර 65, කමිල් මිෂාර 51, අහන් වික්‍රමසිංහ 36, සහන් ආරච්චිගේ නොදැවී 53, සහන් අදීශ 2/36, සචිත්‍ර පෙරේරා 3/72
Tamil Union සහ CCC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (45.5) තුලින ඩිල්ශාන් 30, සිතාර හපුහින්න 34, සචිත ජයතිලක නොදැවී 64, තරිඳු රත්නායක 27, ඉසුරු උදාන 3/32, ධනංජය ද සිල්වා 2/34, සොනාල් දිනූෂ 2/31, ලක්ශාන් සඳකැන් 2/04
CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 380 (85.3) නිමේෂ් ගුණසිංහ 20, ලසිත් කෲස්පුල්ලේ 35, මිනෝද් භානුක 58, පවන් රත්නායක 46, සොනාල් දිනූෂ නොදැවී 117, ඉසුරු උදාන 54, තරිඳු රත්නායක 2/132, විජයකාන්ත් වියස්කාන්ත් 5/81, සඳුන් වීරක්කොඩි 2/33
Tamil Union – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 150 (39.0) තුලින ඩිල්ශාන් 32, මොහොමඩ් ශමාස් 40, සිතාර හපුහින්න 53, විශ්ව ප්‍රනාන්දු 3/33, ධනංජය ද සිල්වා 2/26
BRC සහ Moors අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.
BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (56.3) චාමික හීනටිගල 38, දිනිරු අබේවික්‍රමසිංහ 23, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 38, චානුක ඩිල්ශාන් 7/46, රමේෂ් මෙන්ඩිස් 3/58
Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 326 (93.3) සදීර සමරවික්‍රම 114, පසිඳු සූරියබණ්ඩාර 41, මිලාන් රත්නායක 26, රමේෂ් මෙන්ඩිස් 57, චමින්ද බණ්ඩාර 2/49, මාලින්ද පුෂ්පකුමාර 3/104, මර්වින් අබිනාශ් 4/75
BRC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 90 (37.0) ඩිල්ශාන් ද සොයිසා නොදැවී 41, චානුක ඩිල්ශාන් 3/24
අද අවසන් තරගය හැරෙන්නට අනෙක් තරග සියල්ල හෙට (29) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.