දුවිඳු සහ දුශාන් දක්ෂතා දක්වයි

SLC Major Club 3 Day Tournament

138
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක 2 වැනි දිනය අද (27) අවසන් වෙද්දී දුශාන් විමුක්ති සහ දුවිඳු තිලකරත්න දක්ෂතා දැක් වූවා.

A කාණ්ඩයේ තරගයක් වන මෙහි දී Chilaw Marians කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන දුවිඳු තිලකරත්න ලකුණු 68කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී දුශාන් විමුක්ති තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වනවා.

ඔහු පන්දු යවන්නෙක් ලෙසින් ප්‍රතිවාදී කඩුලු 3ක් දවා ගත් අතර පන්දුවට පහර දීමේ දී පන්දු 155කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගන්නවා.

මේ අතර Ace Capital කණ්ඩායමේ රොශාන් ජයතිස්ස ලකුණු 67කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Ace Capital CC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Ace Capital– පළමු ඉනිම සියලුම දෙනා දැවී 324 (97.3)පවන්ත වීරසිංහ 42, උදයවංශ පරාක්‍රම 34, රවීන් ද සිල්වා 30, සම්මු අශාන් 79, සකුණ ලියනගේ 62, වනුජ සහන් 20, හර්ෂ කුරේ 28, දුශාන් විමුක්ති 3/57, දුවිඳු තිලකරත්න 5/38
  • Chilaw Marians – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 223 (78.0) කසුන් විදුර 31, ශෙහාන් ජයසූරිය 23, දුශාන් විමුක්ති නොදැවී 54, තික්ෂිල ද සිල්වා 25, සුමින්ද ලක්ෂාන් 29, රොහාන් ජයතිස්ස 4/67, වනුජ සහන් 2/65

මෙම තරගය හෙට (28) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<