සහන් සහ චානුක දක්ෂතා දක්වයි

SLC Major Club 3 Day Tournament

82

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (27) පැවැති තරගවල දී මෙවර තරගාවලියේ මංගල ශතකය වාර්තා කිරීමට සහන් කෝසල සමත් වූ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට චානුක ඩිල්ශාන් සමත් වුනා.

Kandy Custom කණ්ඩායමේ 22 හැවිරිදි වියේ පසුවෙන සහන් කෝසල NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා. මෙම ශතකය ඔහුගේ තරග 22ක පළමු පෙළ තරග දිවියේ 2 වැනි ශතකයයි.

එමෙන් ම ඔහු රොස්කෝ තට්ටිල් එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 314ක දී ලකුණු 173ක සම්බන්ධතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා.

පන්දු යැවීමේ දී Moors කණ්ඩායමේ 28 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන චානුක ඩිල්ශාන් BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 46කට කඩුලු 7ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග 21ක හොඳම පන්දු යැවීම ලෙසිනුයි වාර්තා වෙන්නේ.

මේ අතර අද පැවැති තරගවල දී Panadura කණ්ඩායමේ රුමේෂ් බුද්ධික,  Baduraliya  කණ්ඩායමේ දුනිත් ජයතුංග, අනුක් ප්‍රනාන්දු සහ චානක රුවන්සිරි, Ragama කණ්ඩායමේ දිනෙත් තිමෝද්‍ය සහ විනුර දුල්සර, Kandy Custom කණ්ඩායමේ ශෙහාන් ප්‍රනාන්දු සහ රොස්කෝ තට්ටිල්, Tamil Union කණ්ඩායමේ සචිත ජයතිලක, CCC කණ්ඩායමේ මිනෝද් භානුක අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Police කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන, Kurunegala Youth කණ්ඩායමේ දිනුෂ්ක මාලන්, SSC කණ්ඩායමේ දසුන් ශානක කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර අද තරගවල දී Moors කණ්ඩායම වෙනුවෙන් රවිශාන් ද සිල්වා, BRC කණ්ඩායම වෙනුවෙන් චාමික හීනටිගල, Kurunegala Youth කණ්ඩායම වෙනුවෙන් ගයන වීරසිංහ, SSC කණ්ඩායම වෙනුවෙන් අක්මල් ෆස්ල්, Police කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිර්මාල් සහ සංගීත් ශෙහාර පළමු පෙළ තරග වරම් දිනා ගත්තා.

A කාණ්ඩය

ACE Capital සහ Baduraliya අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.

 

Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (84.2) දුනිත් ජයතුංග 51, අලංකාර අසංක 45, අනුක් ප්‍රනාන්දු 64, චානක රුවන්සිරි 69, චලන ද සිල්වා 32, සිතුම් දිසානායක 3/21, වනුජ සහන් 2/86, රොෂාන් ජයතිස්ස 3/75

Negombo සහ Colts අතර තරගය කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී.

 

Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (66.5) ඩිල්ශාන් මුණවීර 44, හිමාෂ ලියනගේ 26, මාදව වර්ණපුර 36, කවිශ්ක අංජුල 2/39, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 3/21, අකිල ධනංජය 3/34

 

Colts – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 39 (18.0) රවිඳු රසාන්ත නොදැවී 28

Ragama සහBloomfield අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

 

Ragama – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 255 (90) දිනෙත් තිමෝද්‍ය 60, විනුර දුල්සර 65, සංජය චතුරංග නොදැවී 49, රන්මිත් ජයසේන 36, රවිඳු ප්‍රනාන්දු 4/58

B කාණ්ඩය

Panadura සහ Police අතර තරගය පානදුර මහජන ක්‍රිඩාංගණයේ දී.

 

Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (75.1) ඉරෝෂ් සමරසූරිය 42, ඔෂඳ ප්‍රනාන්දු 25, රුමේෂ් බුද්ධික 81, ඉම්තියාස් ස්ලාසා 32, දිලුම් සුදීර 3/70, නලින් ප්‍රියදර්ශන 5/80

 

Police – පළමු ඉනිම කඩුල්ලක් දැවී 22 (12.0) සංගීත් ශෙහාර නොදැවී 18

SSC සහ Kurunegala Youth අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

 

SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 89 (35.4) දිමුත් කරුණාරත්න 24, ලක්ෂිත මනසිංහ 22, ලහිරු ජයරත්න 3/31, දිනුශ්ක මාලන් 5/27

 

Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (41.5) ගයාන් මනීශාන් 39, ලහිරු ජයරත්න 43, කසුන් රාජිත 2/34, දසුන් ශානක 5/36, අක්මාල් ෆස්ලි 2/32

Kandy Custom සහNCC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

 

Kandy Custom – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 316 (90.0) තෙවිඳු දික්වැල්ල 23, ශෙහාන් ප්‍රනාන්දු 56, සහන් කෝසල 116, රොස්කෝ තට්ටිල් නොදැවී 72, දුශ්මන්ත චමීර 2/45

Tamil Union සහ CCC අතර තරගය කොළඹ P.SaraOval ක්‍රීඩාංගණයේ දී.

Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (45.5) තුලින ඩිල්ශාන් 30, සිතාර හපුහින්න 34, සචිත ජයතිලක නොදැවී 64, තරිඳු රත්නායක 27, ඉසුරු උදාන 3/32, ධනංජය ද සිල්වා 2/34, සොනාල් දිනූෂ 2/31, ලක්ශාන් සඳකැන් 2/04

 

CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 189 (44.0) නිමේෂ් ගුණසිංහ 20, ලසිත් කෲස්පුල්ලේ 35, මිනෝද් භානුක 58, පවන් රත්නායක 46, තරිඳු රත්නායක 2/67, විජයකාන්ත් වියස්කාන්ත් 2/26, සඳුන් වීරක්කොඩි 2/07

BRC සහ Moors අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

 

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (56.3) චාමික හීනටිගල 38, දිනිරු අබේවික්‍රමසිංහ 23, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 38, චානුක ඩිල්ශාන් 7/46, රමේෂ් මෙන්ඩිස් 3/58

 

Moors – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 133 (33.0) සදීර සමරවික්‍රම නොදැවී 42, පසිඳු සූරියබණ්ඩාර 41

මෙම තරග සියල්ල හෙට (28) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<