මාලින්ද පළමු පෙළ කඩුලු 950 පසු කරයි

SLC Major Club 3 Day Tournament

48
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (24) පැවැති SSC සහ BRC අතර තරගයේ දී BRC කණ්ඩායමේ නායක මාලින්ද පුෂ්පකුමාර කඩුලු 7ක් දවා ගැනීමට සමත් වෙනවා. ඒ සමඟින් ම ඔහු තම පළමු පෙළ තරග දිවියේ කඩුලු 950 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා.

මේ වෙන විට ඔහු තම 165 වැනි පළමු පෙළ තරගයට සහභාගී වෙමින් කඩුලු 956ක් ලබා සිටිනවා.

කොළඹ SSC පිටියේ දී අද පැවැති තරගයේ දී මාලින්ද ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබා දෙමින් පන්දුවාර 16.3ක දී මෙම දක්ෂතාව සිදු කරනවා. ඔහු විසින් පෑ එම දක්ෂතාව හේතුවෙන් ම SSC කණ්ඩායම පළමු දිනයේ දී ම ලකුණු 116කට සීමා කිරීමට ද BRC කණ්ඩායම සමත් වෙනවා.

අද පැවැති සෑම තරගයකට ම වර්ෂාවෙන් බාධා එල්ල වූනා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Group A

Police SC සහ Ragama CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

  • Police– පළමු ඉනිම කිසිවෙක් නොදැවී 9 (5.0)

 

Bloomfield C & AC සහ Negombo CC අතර තරගය Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 66 (30.0)යොහාන් ද සිල්වා 17, මාධව වර්ණපුර 2/14, ඩිල්ශාන් මුණවීර 2/12

Baduraliya SC සහ Colts අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya– පළමු ඉනිම කිසිවෙක් නොදැවී 5 (0.4)

 

Group B

SSC සහ BRC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

  • SSC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (33.3)සසිඳු මල්ශාන් 32, මාලින්ද පුෂ්පකුමාර 7/35, මොවින් සුබසිංහ 2/35
  • BRC– පළමු ඉනිම කිසිවෙක් නොදැවී 6 (3.0)

 

Moors SC සහ CCC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • CCC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 100 (25.1)ලසිත් කෲස්පුල්ලේ 32, මිනෝද් භානුක නොදැවී 30, රමේෂ් මෙන්ඩිස් 2/24

NCC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda –පළමු ඉනිම කඩුලු 7ක් දැවී 85 (23.0)ඇන්ජලෝ පෙරේරා 22, චාමිකර එදිරිසිංහ නොදැවී 22, චාමික කරුණාරත්න 2/23, සම්පත් නිශ්ශංක 4/20

මෙම තරග සියල්ල හෙට (25) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<