ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් ලෙසින් SSC කණ්ඩායම සහ Police කණ්ඩායම අද (11) නම් කෙරුණා.
මෙම කණ්ඩායම් 2 අතර පැවැති අවසන් මහා තරගය සිවු දින තරගයක් ලෙසින් කොළඹ 7, NCC පිටියේ දී ක්‍රියාත්මක වූ අතර 2 වැනි සහ 4 වැනි දින 2ක් ම අයහපත් ක්‍රීඩාංගණයේ තත්ත්වය මත එකඳු පන්දුවක් හෝ නොයවා බිලි වූ අතර 3 වැනි දිනයේ ද යැවුණේ පන්දු 10ක් පමණයි.
>>Photos – SSC vs Police SC | SLC Major Clubs League Tournament 2023/24 | Final – Day 4<<
තරගයේ ආරම්භක දිනයේ දී පන්දුවාර 63ක් යැවුණ අතර ඒ අනුව සම්පූර්ණ තරගය ම පන්දුවාර 64.4කට පමණක් සීමා වූවා. ඒ වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දුන් SSC කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා.
- තෙවැනි දිනය පන්දු 10කට සීමා වෙයි
- ක්රීඩකයන්ට විවේකයක් ලබා දෙමින්, දවස නිමා වෙයි
- අවිශ්ක සහ ශෙවෝන්ගෙන් ශතක සබඳතාවක්
- Major කුසලානය සොයා SSC සහ Police සටන් බිමට
- ජාතික ක්‍රීඩා සභාව සහ තේරීම් කමිටුව නම් කරයි
- අකිල, ඩැනියෙල්, තරිඳු සහ රවිඳු සුවිශේෂී කඩඉම්වලට
අවසන් මහා තරගය, NCC, දෙසැම්බර් 08 – 11, 2023, SLC Major League Tournament
- ක්‍රීඩාංගණය – NCC, කොළඹ
- කාසියේ වාසිය – Police
SSC – පළමු ඉනිම පන්දුවාර 64.4ක දී කඩුලු 3ක් දැවී 254 (ශෙවෝන් ඩැනියෙල් 56, අවිශ්ක ප්‍රනාන්දු 107, නිපුන් ධනංජය 40, කුසල් මෙන්ඩිස් නොදැවී 29, චාරුක ප්‍රමෝද් 1/54)
තරගයේ විසඳුමක් නෑ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛත ම ක්‍රිකට් තරගාවලියේ වැඩිම වාර ගණනක දී ශූරයන් වූ වාර්තාව තව දුරටත් දිගු කර ගැනීමට SSC කණ්ඩායම සමත් වූවා. ඔවුන් මේ දක්වා අවස්ථා 33ක දී ශූරතා දිනා තිබෙනවා. ඒ අතර 1985-86 සහ 1988-89 වසරවල දී NCC කණ්ඩායම සමඟ ද, 1994-1995 වසරේ Bloomfield කණ්ඩායම සමඟ ද ඔවුන් සම ශූරතා දිනා තිබෙනවා.
Police කණ්ඩායම මෙම ශූරතාවේ උණුසුම ලබන්නේ පළමු වරටයි.
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මාලින්ද පුෂ්පකුමාර (Police SC)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – ලහිරු උදාර (NCC)
- තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – රවිඳු ප්‍රනාන්දු (Tamil Union C & AC)
- අවසන් තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (SSC)
දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shevon Daniel | c Kusal Perera b Malinda Pushpakumara | 56 | 88 | 7 | 0 | 63.64 |
Avishka Fernando | c Priyamal Perera b Nalin Priyadarshana | 107 | 137 | 9 | 3 | 78.10 |
Nipun Dhananjaya | c Malinda Pushpakumara b Charuka Pramod | 40 | 75 | 2 | 0 | 53.33 |
Kusal Mendis | not out | 29 | 55 | 3 | 0 | 52.73 |
Nuwanidu Fernando | not out | 10 | 33 | 1 | 0 | 30.30 |
Extras | 12 (b 6 , lb 0 , nb 0, w 6, pen 0) |
Total | 254/3 (64.4 Overs, RR: 3.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Malinda Pushpakumara | 19 | 1 | 65 | 1 | 3.42 | |
Danal Hemananda | 7 | 0 | 34 | 0 | 4.86 | |
Charuka Pramod | 12 | 0 | 54 | 1 | 4.50 | |
Nalin Priyadarshana | 16 | 1 | 64 | 1 | 4.00 | |
Chathuranga Kumara | 9.4 | 2 | 26 | 0 | 2.77 | |
Priyamal Perera | 1 | 0 | 5 | 0 | 5.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<