රොෂාන්, සසිඳු සහ දුශාන් සුවිශේෂී කඩඉම් වාර්තා කරයි

SLC Major Club 3 Day Tournament

6
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (16) දවසේ දී කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට රොෂාන් විජේනායක, සසිඳු මල්ශාන් සහ දුශාන් විමුක්ති සමත් වුනා.

ඔවුන් අතුරින් පෙර දිනයේ නොදැවී ලකුණු 167ක් ලබා සිටි Nugegoda කණ්ඩායමේ රොෂාන් විජේනායක අද තම ඉනිම ද්විත්ව ශතකයක් කරා රැගෙන ගියා. ඔහු, ඔවුන්ගේ ඉනිම අවසන් වෙද්දී පන්දු 330කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 201ක් ලබා සිටියා.

එය ඔහුගේ තරග 38ක් වන පළමු පෙළ තරග අතර වාර්තා වූ හොඳම ඉනිමයි.

මේ අතර SSC කණ්ඩායම නියෝජනය කරන 22 හැවිරිදි වියේ පසුවෙන සසිඳු මල්ශාන් අද තරග 5ක් වන තම පළමු පෙළ තරග දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

ඔහු NCC කණ්ඩායමට එරෙහි ව පන්දු  175කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට නොදැවී ලකුණු 105ක් ලබා සිටියා.

දිනයේ පන්දු යවන්නන් අතුරින් සුවිශේෂී කඩඉමකට පිවිසීමට  Chilaw Marians කණ්ඩායමේ 33 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන දුශාන් විමුක්ති සමත් වුනා. ඔහු Ragama කණ්ඩායමට එරෙහි ව ලකුණු 100කට කඩුලු 11ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 81ක තරගයක හොඳම පන්දු යැවීමයි.

මේ අතර Panadura කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු, ඉරෝෂ් සමරසූරිය, ලහිරු දවටගේ සහ ශාලිත් ප්‍රනාන්දු, Negombo කණ්ඩායමේ ප්‍රමෝද් මදුවන්ත, SSC කණ්ඩායමේ දිනුර කළුපහන, Moors කණ්ඩායමේ සදීර සමරවික්‍රම, BRC කණ්ඩායමේ ඩිල්ශාන් ද සොයිසා සහ Ragama කණ්ඩායමේ විනුර දුල්සර අර්ධ ශතක ඉනිම් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Kandy Customs කණ්ඩායමේ කෞමාල් නානායක්කාර CCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 55කට කඩුලු 6ක් සහ Ace Capital කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස Police කණ්ඩායමට එරෙහි ලකුණු 82කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී Kurunegala Youth කණ්ඩායමේ කවික ඩිල්ශාන්, Nugegoda කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ සහ BRC කණ්ඩායමේ චාමික හීනටිගල කඩුලු 5ක් බැගින් දවා ගැනීමට සමත් ව තිබුණා.

තරගවල කෙටි ලකුණු පුවරුව

Group A

Ragama CC සහ Chilaw Marians CC අතර තරගය මග්ගොන Surrey Village  ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 276 (89.4) කසුන් විදුර 60, රවීන් යසස් 45, චමොද් සඳරු 46, සුමින්ද ලක්ෂාන් 73, කවිඳු නිර්මාන 32, සංතුශ් ගුණතිලක 2/32, හරීන් රත්නමුදලි 4/45, ශෂික දුල්ශාන් 3/84
  • Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 89 (35.0) සංතුශ් ගුණතිලක 23, ශෂික දුල්ශාන් නොදැවී 31, දුශාන් විමුක්ති 8/39
  • Ragama– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 258 (82.5) සමින්ද ප්‍රනාන්දු 96, විනුර දුල්සර 75, ශෂික දුල්ශාන් 27, දුශාන් විමුක්ති 3/61, දුවිඳු තිලකරත්න 2/40, සුමින්ද ලක්ෂාන් 5/92
  • Chilaw Marians– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 74 (28.1) දුශාන් විමුක්ති 27, චමෝද් සඳරු 20, ශෂික දුල්ශාන් 3/19, කොශාන් දනුශ්ක 3/23

Chilaw Marians කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Police SC සහ Ace Capital CC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී.

  • Ace Capital– පළමු ඉනිම සියලුම දෙනා දැවී 115 (40.4) උදයවංශ පරාක්‍රම 38, සම්මු අශාන් 44, නලීන් ප්‍රියදර්ශන 5/45, දිලුම් සුදීර 5/60
  • Police– පළමු ඉනිම සියලුම දෙනා දැවී 250 (59.4)අවිශ්ක තරිඳු 70, අශේන් බණ්ඩාර 36, ප්‍රියමාල් පෙරේරා 34, රොෂාන් ජයතිස්ස 6/82, වනුජ සහන් 2/104, නිම්සර අතරගල්ල 2/21
  • Ace Capital –දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 198 (54.5)හිරාන් ජයසුන්දර 35, තනුක දාබරේ 21, සම්මු අශාන් 36, සකුණ ලියනගේ 35, රොෂාන් ජයතිස්ස 28,  දිලුම් සුදීර 4/89, නලින් ප්‍රියදර්ශන 4/78, සුපුන් මදුශංක 2/23
  • Police– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 67 (17.1)විශාද් රන්දික නොදැවී 25, කුසල් පෙරේරා නොදැවී 27, රොෂාන් ජයතිස්ස 3/27

Police කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

 

Bloomfield C & AC සහ Panadura SC අතර තරගය කොළඹ Bloomfield පිටියේ දී.

  • Bloomfield– පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (70.5)නිපුන් කරුණානායක 81, රවිඳු ප්‍රනාන්දු 54, තරින්ද ගුරුගේ 33, නිමේෂ් විමුක්ති 2/65, ඉම්තියාස් ස්ලාසා 3/38, දුශාන් හේමන්ත 3/54
  • Panadura– පළමු ඉනිම සියලුම දෙනා දැවී 318 (88.5)ඕෂද ප්‍රනාන්දු 70, ඉරෝෂ් සමරසූරිය 69, ලහිරු දවටගේ 59, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 87, රවිඳු ප්‍රනාන්දු 3/69, තරින්ද ගුරුගේ 5/39
  • Bloomfield– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 27 (9.0)

Negombo CC සහ Badureliya SC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

  • Negombo– පළමු ඉනිම සියලුම දෙනා දැවී 140 (35.2) ශෙෂාන් ප්‍රනාන්දු 38, හංසජ හිරන්‍ය නොදැවී 18, චානක කොමසාරු 4/41, චානක රුවන්සිරි 4/21
  • Badureliya– පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (45.2)අලංකාර අසංක 23, ගිහාන් කෝරලගේ 22, චලන ද සිල්වා 35, හංසජ හිරුණ 4/39, නිශාන් පීරිස් 3/47, උපුල් ඉන්ද්‍රසිරි 2/24
  • Negombo– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 194 (67.5)දිමුතු සඳරුවන් 21, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 63, හංසජ හිරුණ 23, උපුල් ඉන්ද්‍රසිරි 38, චානක කොමසාරු 4/85, චානක රුවන්සිරි 3/61, චලන ද සිල්වා 3/28
  • Badureliya– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 49 (17.0)දුනිත් ජයතුංග නොදැවී 33

Group B

NCC සහ SSC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (81.1)නිරෝෂන් දික්වැල්ල 91, ලහිරු උදාර 55, කමිල් මිෂාර 77, අහන් වික්‍රමසිංහ 47, කවින් බණ්ඩාර 45, කසුන් රාජිත 2/76, ප්‍රමෝද් මදුශාන් 2/76, නිපුන් ධනංජය 3/19
  • SSC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 337 (90.0)ශෙවෝන් ඩැනියෙල් 35, දිමුත් කරුණාරත්න 44, දසුන් ශානක 47, සසිඳු මල්ශාන් නොදැවී 105, දිනුර කළුපහන 52, සම්පත් නිශ්ශංක 2/53, අසේල් සිගේරා 3/51

Kurunegala Youth CC සහ Moors SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (39.3)ගයාන් මනීශාන් 58, මිලාන් රත්නායක 2/25, රමේෂ් මෙන්ඩිස් 4/35, ශිරාන් ප්‍රනාන්දු 3/41
  • Moors– පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (82.3) ජනිශ්ක පෙරේරා 52, සොහාන් ද ලිවේරා 78, සදීර සමරවික්‍රම 50, රමේෂ් මෙන්ඩිස් 24, මිලාන්  රත්නායක 42, ශිරාන් ප්‍රනාන්දු 28, ලහිරු ජයරත්න 2/42, කවික ඩිල්ශාන් 5/119, ඩිලංක අවර්ඩ්ට් 2/89
  • Kurunegala Youth– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 132 (45.0)සමීර සදමාල් 34, ගයාන් මනීශාන් නොදැවී 36, මිලාන් රත්නායක 2/49

Nugegoda S & WC සහ BRC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 401 (119.)තිලකරත්න සම්පත් 77, රොෂාන් විජේනායක නොදැවී 201, අක්‍රම් මුතාලිබ් 41, චාමිකර එදිරිසිංහ 32, චාමික හීනටිගල 5/125
  • BRC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 170 (70.0)දේශාන් ඩයස් 20, ඩිල්ශාන් ද සොයිසා 55, දුලාශ් උදයංග නොදැවී 49, දුලාජ් අශේන් 21, තිලකරත්න සම්පත් 2/64, චාමිකර එදිරිසිංහ 5/48

CCC සහ Kandy Customs CC අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.

  • Kandy Customs– පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (47.0)යොහාන් මද්දගේ 46, ඉමේෂ් උදයංග 58, විශ්ව ප්‍රනාන්දු 2/22, ධනංජය ද සිල්වා 2/19, ඉනුක කරන්නාගොඩ 3/35
  • CCC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (51.0)නිමේෂ ගුණසිංහ 25, ලසිත් කෲස්පුල්ලේ 20, පවන් රත්නායක 25, ධනංජය ද සිල්වා 27, සොනාල් දිනූෂ 31, චමිඳු විජේසිංහ 34, කෞමාල් නානායක්කාර 6/55, ඉමේෂ් උදයංග 2/31, සචිත්‍ර පෙරේරා 2/54
  • Kandy Customs– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 212 (55.4)සහන් කෝසල 65, රොස්කෝ තට්ටිල් 44, අශාන් ප්‍රියංජන් 2/53, ඉනුක කරන්නාගොඩ 5/53, සොනාල් දිනූෂ 2/26
  • CCC– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 93 (20.0)ඉනුක කරන්නාගොඩ නොදැවී 38, පවන් රත්නායක නොදැවී 41

පැවැත්වෙන මෙම තරග හෙට (16) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<