ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ Ragama CC සහ Chilaw Marians CC අතර තරගය අද (14) මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි දී පළමු වෙන් පන්දුවට පහර දෙන Chilaw Marians කණ්ඩායම දිනය අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 259ක් ලබා සිටියා.
කාසියේ වාසිය දිනා ගත් Ragama කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔහුන්ගේ පළමු කඩුලු ත්‍රිත්ව ලකුණු 26ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වුනා.
නමුත් එතැන් සිට සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 200ක දී ලකුණු 83ක සබඳතාවක් එක් කිරීමට ආරම්භක පිතිකරු කසුන් විදුර සහ රවීන් යසස් සමත් වුනා. එහි දී කසුන් විදුර පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා.
රවීන් යසස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 45ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 129කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 3ක් එක් කළා.
- ශ්‍රී ලංකාවේ පළමු ශතකය Rory Ingram ගෙන්
- දිමුත් – Crowe සහ කුරේ
- නුවනිඳු, රොෂාන්, අශේන් සහ චරිත් සුවිශේෂි කඩඉම්වලට පිවිසෙයි
- 50 කොල්ලන්ගේ වර්ල්ඩ් කප් එක හෙට සිට
- නලින් ප්රියදර්ශනත් ත්‍රිත්ව කඩුලු සමාජයට
රවීන් යසස් ගේ දැවී යෑමෙන් අනතුරු ව පන්දුවේ දී තික්ෂිල ද සිල්වා ද දැවී ගිය අතර අනතුරු ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 177ක දී ලකුණු 96ක සබඳතාවක් එක් කිරීමට චමොද් සඳරු සහ සුමින්ද ලක්ෂාන් සමත් වුනා.
චමෝද් සඳරු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 46ක් ලබා ගත් අතර සුමින්ද ලක්ෂාන් දිනයේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 73ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී හරීන් රත්නමුදලි සහ ශෂික දුල්ශාන් කඩුලු 3 බැගින් දවා ගත් අතර සංතුශ් ගුණතිලක කඩුලු 2ක් ද සහ නිපුන් මාලිංග කඩුල්ලක් ද ලෙසින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Chilaw Marians – පළමු ඉනිම කඩුලු 9ක්දැවී 259(87.0) කසුන් විදුර 60, රවීන් යසස් 45, චමොද් සඳරු 46, සුමින්ද ලක්ෂාන් 73, සංතුශ් ගුණතිලක 2/32, හරීන් රත්නමුදලි 3/37, ශෂික දුල්ශාන් 3/84
මෙම තරගය හෙට (14) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.