ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ පැවැත්වෙන තරගවල අද (01) දවසේ වීරයන් බවට පත් වීමට රොන් චන්ද්‍රගුප්ත, රවිඳු ප්‍රනාන්දු සහ මෙලන් හංසක සමත් වුනා.
ඔවුන් අතුරින් Bloomfield කණ්ඩායම නියෝජනය කරන රොන් චන්ද්‍රගුප්ත සහ රවිඳු ප්‍රනාන්දු Badureliya කණ්ඩායමට එරෙහි ව ශතක ලබා ගැනීම කැපී පෙණුනා. ඔවුන් දෙදෙනා අතුරින් රොන් චන්ද්‍රගුප්ත පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 119ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 10 වැනි ශතකය බවට පත් වුනා.
රවිඳු ප්‍රනාන්දු අද රැස් කළේ තම පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකයයි. Bloomfield ඉනිම අත්හිටුවන විට ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහරක් 7ක් බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 114ක් ලබා සිටියා.
මේ අතර Ace Capital කණ්ඩායම නියෝජනය කරන 19 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන මෙලන් හංසක Panadura කණ්ඩායමට එරෙහි ව ලකුණු 41කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වෙනවා. එය ඔහුගේ පළමු පෙළ තරග 4ක හොඳම පන්දු යැවීම වන අතර මේ දක්වා සහභාගී වූ තරගවල දී ඔහු කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 3ක් වාර්තා කර තිබෙනවා.
අද ක්‍රියාත්මක තරගවල දී Bloomfield කණ්ඩායමේ අසිත වන්නිනායක සහ නිපුන් කරුණානායක, Negombo කණ්ඩායමේ කවීන් ප්‍රනාන්දු සහ හිමාෂ ලියනගේ අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර මග්ගොන, Surrey Village ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන Ragama සහ Negombo කණ්ඩායම් අතර තරගයට අදත් වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර දිනයේ ඔවුන් මුහුණ දුන්නේ පන්දුවාර 20කට පමණයි.
- දිමුත් – Crowe සහ කුරේ
- ඕස්ට්‍රේලියාව පහසු තරගාවලි ජයක් කරා
- කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී
- ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් මතක
- Warne-Murali දඟ පන්දු කුසලාන ඉතිහාසය
තරගවල කෙටි ලකුණු පුවරුව
Ace Capital CC සහ Panadura SC අතර තරගය කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
- Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (64.2) ඔෂද ප්‍රනාන්දු 42, ඉරෝෂ් සමරසූරිය 37, රමින්ද විජේසූරිය 77, රුමේෂ් බුද්ධික 31, කේශර නුවන්ත 26, වනුජ සහන් 2/91, රොෂාන් ජයතිස්ස 2/62, මෙලන් හංසක 5/41
- Ace Capital – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 152 (39.2) පවන්ත වීරසිංහ 34, තනුක දාබරේ 33, හිරාන් ජයසුන්දර 23, රවිඳු රත්නායක නොදැවී 33, කේශර නුවන්ත 3/44, නිමේෂ් විමුක්ති 2/17
Colts CC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (72.5) විශ්ව චතුරංග 34, කසුන් විදුර 49, රවීන් යසස් 43, රජින්ද පුංචිහේවා 24, ඩිල්ශාන් මදුශංක 3/50, අකිල දනංජය 4/75, දුනිත් වෙල්ලාලගේ 2/30
- Colts – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 142 (39.0) සනෝජ් දර්ශික 30, ඇන්ජලෝ මැතිව්ස් 31, ධනංජය ලක්ෂාන් නොදැවී 32, මුදිත ලක්ෂාන් නොදැවී 33, තික්ෂිල ද සිල්වා 2/23, සුමින්ද ලක්ශාන් 2/17
Bloomfield C & AC සහ Badureliya SC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
- Badureliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 (19.5) චානක රුවන්සිරි 21, ලහිරු මදුශංක 4/38, ඉසිත විජේසුන්දර 3/08, රවිඳු ප්‍රනාන්දු 3/31
- Bloomfield – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 365 (62.0) රොන් චන්ද්‍රගුප්ත 119, අසිත වන්නිනායක 63, රවිඳු ප්‍රනාන්දු නොදැවී 114, නිපුන් කරුණානායක නොදැවී 51
- Badureliya – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 128 (25.0) කවිඳු අමන්ත 42, ගිහාන් කෝරලගේ නොදැවී 29, ගීත් කුමාර නොදැවී 35, ජෙෆ්රි වැන්ඩර්සේ 2/38
Ragama CC සහ Negombo CC අතර තරගය මග්ගොන, Surrey Village ක්‍රීඩාංගණයේ දී.
- Negombo – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 190 (39.0) කවීන් ප්‍රනාන්දු 55, පසිඳු ලක්ශංක 41, හිමාෂ ලියනගේ 53, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 21, කල්හාර සේනාරත්න 4/59
මෙම තරග සියල්ල හෙට (02) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<