රටවල් 4ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අගමැති කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය නොවැම්බර් මස 8 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරණ අතර මාලදිවයින, සීෂෙල්ස් සහ බංග්ලාදේශය තරගාවලිය සඳහා සහභාගී වන සෙසු රටවල් වනවා.
තරගාවලියේ සමාරම්භක තරගය නොවැම්බර් 8 වැනිදා බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර සවස 4:00ට ආරම්භ වීමට නියමිත අතර එදිනම රාත්‍රී 9:00ට ශ්‍රී ලංකාව මාලදිවයින සමඟ තරග වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය සීෂෙල්ස් කණ්ඩායමට සමඟ නොවැම්බර් 11 වැනිදාත්, තෙවැනි තරගය බංග්ලාදේශ සමඟ නොවැම්බර් 14 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.
- ශ්‍රී ලංකා ගෝල රකින්නා කැපී පෙනෙද්දී අවසන් තරගයේ ජය යේමනයට
- කටාර් ක්‍රීඩකයින් මෙල්ල කරන්නට ශ්‍රී ලංකාවට නොහැකි වෙයි
- ප්‍රබල සිරියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට
- ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු සංචිතය නම් කරයි
- WATCH – ශ්‍රී ලංකා ගෝල රකින්නාගේ දක්ෂතා කැපී පෙනේ | Football Lokaya
තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 17 වැනිදා විදුලි ආලෝක මධ්‍යයේ කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
අගමැති කුසලානයේ සියලු තොරතුරු, ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<