මහේල පුහුණුකරුවෙකු ලෙස සාර්ථක වූ හේතු හෙළිකරයි

182

ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම නායකයන් කිහිපදෙනා අතරින් මහේල ජයවර්ධන ඉදිරියෙන්ම සිටින නායකයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව නව මානයකට ගෙන යාමට මහේල සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකයෙකු මෙන්ම ක්‍රීඩකයෙකු ලෙස ද ඔහු බිහි කළ වාර්තා ප්‍රමාණය අතිවිශාලය.

සිය ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුව ද මහේල නිහඬව සිටියේ නැත. පුහුණුකරුවෙකු ලෙස තම කාර්‍යය ආරම්භ කරන ඔහු විදෙස් ලීග් කණ්ඩායම් රැසකටම තම දායකත්වය ලබා දීමට එක්විය. මහේලගේ පුහුණුකරු දක්ෂතා සඳහා වන ප්‍රබලතම උදාහරණය වන්නේ ඔහු පුහුණුකාරීත්වය දැරූ වසර 3ක කාලය තුල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දෙවරක් දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වීමයි.

ගෞරව පදක්කමත් සමඟින් ටේලර්ගෙන් ප්‍රතිඥාවක්

ප්‍රවීණ පිතිකරු රෝස් ටේලර් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි උපරිම ………………

ක්‍රීඩකයන් කළමනාකරණය කිරීම, ක්‍රීඩකයන් නිවැරදි ලෙස හැසිරවීම හා යොදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා මහේල ජයවර්ධන පසුගිය දා The Cricket Monthly හි සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්ව සිටියා. 

ThePapare.com ගෙන එන මේ සටහන එම සම්මුඛ සාකච්ඡාව පිළිබඳවයි. 

ඔබ කුඩා කල සිටම ඔබේ පාසල් කණ්ඩායම්වල නායකයෙක්. ක්‍රීඩකයින් කළමනාකරණය කිරීම පිළිබඳව ඔබ ඉගෙන ගත් පළමු පාඩම් මොනවා ද?

මගේ 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම් දෙස හැරී බැලුවොත් එය මා තෝරාගත් දෙයක් පමණයි. විවිධ වේලාවන්හිදී පන්දු යැවිය හැකි ක්‍රීඩකයින් ගැන සහ තියුණු  තරගයක දී හොඳ කවුද යන්න මම තේරුම් ගත්තා. එය එතරම් ගැඹුරු චින්තනයක් නොවේ. 

යම් වෙලාවක කෙළින්ම කඩුල්ලට පන්දු යැවීමට මට අවශ්‍ය නම් මම දැනගෙන හිටියා කුමන පුද්ගලයා ද යොදාගන්න ඕන කියලා. දකුණත් ක්‍රීඩකයෙකුට හෝ වමත් ක්‍රීඩකයෙකුට හොඳ පන්දු යවන්නෙකු වන්නේ කවුද කියලා මම දැනගෙන හිටියා. ක්‍රීඩක කළමනාකරණය ඒ වගේ දෙයක්. ඒවා තමයි මම මුලින් ඉගෙන ගත්තේ.

ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කාලයේ නායකයින්ගෙන් ක්‍රීඩකයින් කළමනාකරණය කිරීම ගැන ඔබ ඉගෙන ගත් දේවල් තිබේ ද? 

මම අර්ජුන රණතුංග යටතේ අවුරුදු තුනක් පමණ ක්‍රීඩා කළා. පසුව සනත් ජයසූරිය යටතේ තවත් වසර තුනක් පමණ ක්‍රීඩා කළා. ඉන් අනතුරුව හශාන් තිලකරත්න සහ මාවන් අතපත්තු එක්ක ක්‍රීඩා කළා. මාව අවුරුදු කීපයක් සනත් යටතේ උපනායකයා ලෙස කටයුතු කළා. මමත් ඒ කාලේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කොටසක් වුනා 

සනත් ස්වාභාවික නායකයෙක්. ඔහු පිටියේ පවතින තත්වයන්ට ඒ වෙලාවට ප්‍රතිචාර දක්වමින් ඒ සමඟම ක්‍රීඩා කරන කෙනෙක්. හෂාන් තිලකරත්න නායකයෙක් හැටියට වඩාත් සැලසුම් සහගත හා නිරවද්‍ය කෙනෙක්. මාවන් ඔහුට බොහෝ සෙයින් සමාන වුනා. නිවැරදි මාර්ගය හෝ වැරදි මාර්ගය කියලා දෙයක් නෑ. මම මගේ වෘත්තීය ජීවිතය තුළ බොහෝ වැරදි කරලා තියනවා.

නායකයෙකු ලෙස ඔබ පැවසූ හෝ කළ දෙයක් ඔබට බලපෑ අවස්ථාවක් තිබේ ද?

එම කාලය තුළ ක්‍රිකට් එක්ක සම්බන්ධ වූ දේශපාලනය හා විවිධ දේවල් ගොඩක් තිබුණා. අවස්ථා කිහිපයක දී මා පසුපසට තල්ලු වුනා. නරක දේ කිරීමට විශාල නිදහසක් මට ලැබුණේ නෑ. මම නායකයා වූ විට වෙනස් සංස්කෘතියක් ඇති කිරීමට එය මට ශක්තියක් වුනා. මට අවශ්‍ය වුනේ කණ්ඩායමට වැඩි වගකීමක් ලබා දී ඇති තරුණ ක්‍රීඩකයන් ප්‍රමාණය වැඩි කරන්න.

මම සංස්කෘතියකට ආවා. ඔබ යෞවනයෙකු වූ විට, කාලය බලා සිටීමට සිදු වෙනවා. මට එය ඉක්මනින් වෙනස් කිරීමට අවශ්‍ය වුනා. මට සිදු වුන දේවල් ඉදිරියට වෙන්න මට අවශ්‍ය වුනේ නෑ. ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයන්ට එය බලපාන්න පුළුවන් නිසා.

ඔබ පිටියේ දී කරන දේ තරමක් ස්වාභාවිකයි. ඔබ ප්‍රතික්‍රියා කර ඉගෙන ගන්න ඕන. එය ඔබ සමඟ වැඩෙන දෙයක්. මට අවශ්‍ය වුනා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආඩම්බර විය හැකි සංස්කෘතියක් නිර්මාණය කිරීමට උදව් කිරීමට. අර්ජුන සහ සනත් වගේම අනෙක් නායකයන් ද වඩා හොඳ වෙනස්කම් කරලා තියනවා. මගේ වගකීම වුනේ එය එතැන් සිට වඩා හොඳ දෙයක් කිරීම.

ක්‍රීඩකයන් කළමනාකරණය කරද්දී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ට වඩා තරුණ ක්‍රීඩකයින් කළමනාකරණය කිරීම පහසු ද?

එය බොහෝ දුරට සමාන දෙයක්. පහසු හෝ අමාරු කිසිවක් නෑ එය හුදෙක් මෙම චරිත කවුරුන්ද යන්න වටහා ගැනීම සහ ඔවුන්ට පහසු නොවන දෙයකට බල කිරීම වෙනුවට ඔවුන්ට හැකි භූමිකාව රඟ දැක්වීමට ඉඩ දීම පමණයි. තරුණ ක්‍රීඩකයන්ට ටිකක් වැඩි නිදහසක් ඇත්තේ ඔවුන්ට එතරම් අත්දැකීම් නැති නිසා. ඔබ එය භාවිතා කරන්න ඕන. 

සමහර විට ඔවුන් නිර්භීත විදිහට ක්‍රීඩා කරනවා. එය හොඳ ආයුධයක්. ඒ අතරම ඔවුන් අත්දැකීම් අඩුකම සහ තත්වයක් තේරුම් නොගැනීම නිසා ඔවුන්ගේ කඩුල්ල අහිමිකර ගන්නවා. 

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් වැඩි වගකීමක් සහ වැඩි ගණනය කළ යුතු අවදානම් දැරිය යුතුයි. ඔවුන්ට එම භූමිකාවන් ලබා දීම සහ සම්මිශ්‍රණය නිවැරදි බවට වග බලා ගන්න ඕන. සෑම ක්‍රීඩකයෙක්ම වෙනස් පසුබිමකින් එන්නේ. ඔවුන්ගේ සංස්කෘතීන්, ඔවුන්ගේ ආකල්ප, ඔවුන් සිතන ආකාරය වෙනස්. නායකයෙකු ලෙස ඔබ මෙම සියලු අංග තේරුම් ගත යුතු වෙනවා. කණ්ඩායමට ප්‍රතිලාභ ලබා දීම සඳහා මෙම සියලු පුද්ගලයින් භාවිතා කරන්නේ කෙසේද කියලා ඔබ ඉගෙන ගන්න ඕන. 

ඔබ යටතේ සිටින ක්‍රීඩකයෙකු කළමනාකරණය කළ ආකාරය පිළිබඳ උදාහරණ තිබේ ද?

ඔව්, ලසිත් මාලිංග කණ්ඩායමට ආවා. අපි ඔහුට වැඩීමට අවකාශය ලබා දුන්නා. ඔහුව දුෂ්කර අවස්ථාවන් වලදී භාවිතා කළා. ඔහු වැඩිපුර කතා නොකළ ද, ඔහු ඉතා දක්ෂ පන්දු යවන්නෙක්. එබැවින් ඔහුට එම හැකියාව ඇති බව අපි දැන සිටියා. 

ඔහුට අද්විතීය ඉරියව්වක් තිබ්බා. ඒ නිසා අපිට වාසියක් වුනා. නමුත් ඔහු නිවැරදි ලෙස ක්‍රියාත්මක කළ යුතු වුනා. ඔහු මන්දගාමී පන්දුවක් හා බවුන්සර් පන්දුවක් දියුණු කළා. ඉන් අනතුරුව ඔහු හොඳ පන්දු රැසක් නිවැරදි ලෙස භාවිතා කළා. ඔහු එම සියලු ගුණාංග ඵලදායි ලෙස භාවිතා කිරීමට සමත් වුනා. ඔබ ඔහුව තරගයේ අන්තිම පන්දුවාර වලට යොමුකරන තරමටම ඔහු හොඳ විසඳුම් සොයා ගත්තා. 

වෙනත් පන්දු යවන්නෙකු එවැනි තත්වයක දී අපි භාවිතා කරන්නේ නෑ. ඔවුන්ට ඉක්මනින් ඉගෙන ගැනීමට හැකියාවක් නොමැති බව අපි දන්න නිසා. අපි නුවන් කුලසේකර හැසිර වූ ආකාරය වෙනස්. අජන්ත මෙන්ඩිස් ඔහු කණ්ඩායමට පැමිණි විට අපි ඔහුව ආරක්ෂා කළා. ඉන්පසු ඔහු හොඳ යැයි ඔබ දන්නා තත්වයන්ට ඔහුව භාවිතා කළා. ඔබට එය කළ හැක්කේ මුත්තයියා මුරලිදරන් හෝ චමින්ද වාස් වැනි අය උපදේශකයින් ලෙස කණ්ඩායමේ සිටින නිසා.

තරුණ පිතිකරුවන් ද එ වගේ. සමහර විට ඔවුන් සාර්ථක වෙනවා. වෙනත් අවස්ථාවල දී ඔවුන් එම අවස්ථාවට අනුව ක්‍රීඩා කරන්නේ නෑ. එවිට ඔබට ඔවුන් සමඟ වාඩි වී ඔවුන්ට පැවසිය යුතුයි; “ඔබට තව ටිකක් පීඩනය ගන්න පුළුවන්.”  කියලා. අපි එය හඳුන්වන්නේ ගියර් කියලා.

සමහර විට පිතිකරුවන් ඔවුන්ගේ සිව්වැනි හෝ පස්වැනි ගියරය තුළ නිතරම ක්‍රීඩා කරනවා. පන්දු යවන්නන් ඉහළින් සිටින විට එය හරියන්නේ නෑ. ඔබ ඔවුන් සමඟ ඉවසීමෙන් සිටිය යුතුයි. එය ඔවුන්ට ඊළඟ තත්වයට පත්වීමට විශ්වාසය ලබා දෙනවා.

 විවිධ ක්‍රීඩකයන්ට විවිධ ආකාරවලින් සැලකිය යුතු යැයි යන අදහස ඇතිව කණ්ඩායම් ව්‍යුහයක් බිඳ දැමීම ඔබ සමබර කරන්නේ කොහොමද?

මම පුද්ගලයන් සමඟ ඉතා අවංක වූනා. මට අවශ්‍ය වුනේ එයයි. කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් එයට එකඟ වුනා. මම බල කළේ නැහැ. මට අවශ්‍ය වුනේ තරුණ කණ්ඩායමෙන් වැඩි දායකත්වයක් ලබා දෙන්න. ඔවුන්ට වැඩි නිදහසක්, අවකාශයක් සහ වගකීමක් ලබා දෙන්න. 

මම නායකත්වය දෙන විට, මට යටින් ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් ක්‍රීඩා කළා. ඔවුන්ට වගකීම් තිබුණා. ඔවුන් සියල්ලම ඒ වගකීම් හොඳින් කළා. එය ප්‍රශ්නයක් නොවේ. ජ්‍යේෂ්ඨයන් බොහෝ දෙනෙක් තරුණයින්ව ඔවුන් ළඟට අරන් ඔවුන් එක්ක හිටියා.

මෙය ඔබ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේදීත් අනුකරණය කිරීමට උත්සාහ කළ දෙයක් ද?

ඔව්, අපි සෑම කෙනෙකුම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනවා. මුම්බායි හි ඇති දෙය නම් බොහෝ ක්‍රීඩකයන්ට අත්දැකීම් රාශියක් තිබීම. අත්දැකීම් අඩු ක්‍රීඩකයන් ස්වල්ප දෙනෙක් ඉන්නේ. 

නමුත් එම ක්‍රීඩකයන් ද පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරලා පරිණත ක්‍රීඩකයෝ වෙලා තියනවා. අපි දායක සෑම කෙනෙකුම දිරිමත් කරලා මේ තරගයට දායක කරගන්නවා. අදහස් ලබා ගැනීම නායකයාට සැමවිටම යහපත් වෙනවා. දවස අවසානයේ දී තීරණය ලබා ගත යුත්තේ ඔහු. නමුත් ඔහුට අන් අයගෙන් වැඩියෙන් අදහස් ලැබෙන විට එය ඔහුගේ සිතීමේ ක්‍රියාවලියට බලපෑම් කරනවා.

අනෙක් කාරණය නම් ක්‍රීඩකයන් තරගය මැද දී ගන්නා තීරණවලට ගරු කරන බවට වග බලා ගැනීම. එය නායකයෙකුට පහසු ස්ථානයක් නොවේ. ඔහු ඒ සඳහා සෝදිසි කර බලනවා. ඔබ එම පරිසරය නිර්මාණය කළ යුතුයි.

ඔබ අහංකාර ක්‍රීඩකයන් සමඟ කටයුතු කරන්නේ කෙසේ ද?

එය තිබීම සතුටක්. එය හානිකර කිසිවක් නොවේ. එය හඳුනාගෙන ඒවා සමෘද්ධිමත් වන බවට වග බලා ගන්න ඕනේ. හැමෝම මේ මට්ටමට ආවේ ඔවුන් හොඳ නිසා නේද? ඒ නිසා ඔබ එය ඔප්පු කිරීමට උත්සාහ කරන්න ඕනේ. ඔබ කළ යුත්තේ එපමණයි.

ලංකාවේ සිර වී සිටි පාකිස්තානුවන් 5ක් නැවත සිය නිවෙස්වලට

Covid-19 වසංගතය මෙරට තුල පැතිර යාම වළක්වාලීමේ අරමුණින් මේ වන විට …………….

පුද්ගලයෙකුගේ අහංකාර තත්ත්වය කණ්ඩායම් අරමුණු සමඟ ගැටෙන කාලයක් තිබේ ද?

ඇත්තෙන්ම නැහැ. එය සෑම කෙනෙකුටම වෘත්තීමය වශයෙන් සැලකීම සහ සෑම කෙනෙකුටම ගෞරවයෙන් සැලකීම පිළිබඳව දෙයක්. එය ඔබ නිර්මාණය කරන කණ්ඩායම් සංස්කෘතියක්. ඔබ එම සංස්කෘතිය නිර්මාණය කළ පසු, පුද්ගලයෙකුට ඉන් ඔබ්බට යාම දුෂ්කරයි. 

සෙසු ක්‍රීඩකයන් එම පුද්ගලයා කණ්ඩායම් මට්ටමට ගෙන ඒවි. ඔබ එම කණ්ඩායම් පරිසරය නිර්මාණය කර නොමැති නම්, ඔබට සීමාවක් නොමැති නිසාත්, මිනිසුන් වෙනස් වන නිසාත් ඔබට ගැටලුවක් ඇති විය හැකියි.

ඔබ සංස්කෘතියක් නිර්මාණය කර එම සංස්කෘතියට ඔවුන් සම්බන්ධ කර ගත් පසු එය තරමක් පහසු දෙයක්. ඒ තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද අපි ඔවුන්ට ලබා දෙනවා.

ටික කාලයක් තිස්සේ අඩු ක්‍රියාකාරීත්වයක් ඇති දක්ෂ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ සිටින විට ඔබ එම තත්වයට එළඹෙන්නේ කෙසේ ද?

මම ක්‍රීඩකයෙක් රිද්මයේ සිටින හා නොසිටින කාලයක් ගැන විශ්වාස කරන්නේ නෑ. සමහර විට ඔබ තවමත් පන්දුව මැදට පහර දෙන අතර එය නිවැරදි එල්ලයට යන්නේ නෑ. සෑම ක්‍රීඩකයෙක්ම එවැනි කාලයක් හරහා යනවා. එම ක්‍රීඩකයාට අවශ්‍ය දේ තේරුම් ගැනීමයි. එය මඟහරවා ගැනීමට ඔහුට යම් විශ්වාසයක් අවශ්‍ය විය හැකියි. නැතහොත් එය තාක්ෂණික වෙනසක් විය හැකියි. නැතහොත් එය කිසිවක් නොවිය හැකියි.

සමහර විට ඔබ නරක පහර දෙකක් ක්‍රීඩා කරන අතර පසුව ඔබට හොඳ පන්දු දෙකක් ලැබෙනවා. එබැවින් හදිසියේම ඔබ ඉනිම් හතරකින් අසමත් වෙනවා. ඔබ එය විශ්ලේෂණය කරන්න ඕන. ඔව්, ඔබ නරක පහර දෙකක් ක්‍රීඩා කළා. එය ඔබට පාලනය කළ හැකි දෙයක්. ඒත් එක්කම ඔබට හොඳ පන්දු දෙකක් එල්ල වුනා.

සෑම ක්‍රීඩකයෙකුම, ඔබ ඔවුන් සමඟ කතා කරන ආකාරය සහ කරුණු පැහැදිලි කරන ආකාරය වෙනස්. ප්‍රධාන දෙය නම් මෙම ක්‍රීඩකයන් කවුරුන්ද සහ ඔවුන් සිතන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. ඒවාට බල කිරීම වෙනුවට විසඳුම් සෙවීමට ඔබ ඔවුන්ට උදව් කළ යුතුයි. 

ඔබට අවශ්‍ය පරිදි ක්‍රීඩක විවේක කාමරය (Dressing Room) පාලනය කිරීමට හැකියාවක් නොමැති බව ඔබේ නායකත්ව භූමිකාවේ දී ඔබට කවදා හෝ දැනී තිබෙනවා ද?

එය සිදු වී නෑ. මම කරන ඕනෑම දෙයක් ගැන මම ඉතා අවංකයි. පසුගිය වසර කිහිපය තුළ මා සමඟ ක්‍රීඩා කළ බොහෝ ක්‍රීඩකයින් හා මම දැන් කළමනාකරණය කළ අය එය දන්නවා. අපට කුරිරු ලෙස අවංක සංවාද කළ හැකියි. මම දේවල් වෙත එළඹෙන්නේ එහෙම. හැමෝම වෘත්තිකයෙක් වන අතර සෑම කෙනෙකුම වැඩිහිටියෙක්. 

ඔබට අවශ්‍ය වන්නේ එම අන්‍යෝන්‍ය ගෞරවය වර්ධනය කිරීමයි. විනිවිදභාවය තිබේ නම් සහ න්‍යාය පත්‍ර නොමැති නම්, ක්‍රීඩකයින් එය තේරුම් ගන්නවා. නායකයෙකු හෝ පුහුණුකරුවෙකු වශයෙන් මම ක්‍රීඩකයන්ට උදව් කරනවා. මම සෑම විටම ක්‍රීඩකයන්ගේ පැත්තේ සිටිනවා.

ක්‍රීඩක-කළමනාකරණ දෘෂ්ටිකෝණයකින් පුහුණුකරුගේ රැකියාවෙන් නායකයෙකුගේ කාර්යය කෙතරම් වෙනස් ද?

පුහුණුකරුවෙකු ලෙස ඔබට මැද සිදු වන දේ පාලනය කරන්න බෑ.  එපමණයි වෙනස. එය බොහෝ දුරට සමාන දෙයක්.

ඔබ දැන් ව්‍යාපාර පවත්වා ගෙන යනවා, මානුෂීය වැඩ ගොඩක් කරනවා, ඒ වගේම පියෙක්. එම අත්දැකීම්වලින් ඔබගේ රැකියාවේ සිටින පුද්ගලයින් සමඟ ඔබ කටයුතු කරන ආකාරය වෙනස් කර තිබෙනවා ද?

මට නම් එය රැකියාවක් නොවෙයි. එය තමයි වඩාත්ම වැදගත් දේ. මම වෙනත් දේවල් කරන විට ඒ සියල්ලටම සමබරතාවයක් තියනවා. මම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූ විට එම කොටස මගේ තෘප්තියයි. එය අභියෝගයක්. නමුත් මම එය රැකියාවක් ලෙස සිතන්නේ නෑ. මට හිතෙන්නේ එය වඩාත් පහසු වන බවයි. මම වැරදි හේතු නිසා තීරණ ගන්නේ නැහැ. මම ඒ මත යැපෙන්නේ නැහැ.

ව්‍යාපාර සමඟ, මම සෑම දිනකම යමක් ඉගෙන ගන්නවා. ඒ එය මට අලුත් නිසා. මම අවුරුදු 20ක් ක්‍රීඩා කරලා තියනවා. එතරම් දීර්ඝ කාලයක් තිස්සේ සම්බන්ධ වී බොහෝ දේ ඉගෙන ගෙන තියනවා. නමුත් සෑම දිනකම ඔබට අභියෝග කරන අලුත් දෙයක් තිබෙනවා. ඒ සඳහා ඔබ සූදානම් විය යුතුයි. සෑම විටම විසඳුම් තිබෙනවා. ඔබට ඒවා සොයා ගැනීමට හැකි විය යුතුයි. ව්‍යාපාරයේදීත් එය සමානයි. ඔබ අවස්ථා සොයන අතර ඔබ අවදානම් ගන්නවා.

සමහර විට එය සාර්ථක වෙනවා. සමහර විට එය එසේ නොවේ. ක්‍රියාවලිය නිවැරදියි සහ චින්තනය කුමක් දැයි ඔබ දන්නා තාක් කල් ඔබට ඒ වෙත ආපසු යා හැකියි. ඔබ වැරදුණා ද නැතහොත් එය නිවැරදි තීරණයක් ද යන්න තේරුම් ගත හැකියි. එය එදින ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්.

මම ඔහුට ගරු කළා; ගේල් අපේ නම්වලට කැළලක් ඇති කළා

හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැමෙයිකා Tallawahs කණ්ඩායමේ හි සහය පුහුණුකරු රම්නරේෂ් සර්වාන් තමන් 2020 වාරය සඳහා කණ්ඩායමේ ක්‍රීඩකයන් නිදහස් කරනු ලැබීමේ දී කිසිදු කාර්යභාරයක් නොකළ බව පවසා ඇත. ඔහු මේ බව පවසා සිටියේ පසුගිය දා කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් පලකර තිබූ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින්.

ශ්‍රී ලංකාව ඔබ යටතේ ඉතා හොඳ කණ්ඩායමක් වුනා. මුම්බායි සමඟ ඔබ වසර තුනකින් දෙවරක් ශූරතාව දිනා තියනවා. තරගාවලියක් තුළ ක්‍රීඩකයින් සූදානම් කිරීම සඳහා ඔබ විසින් කරන යමක් තිබෙනවා ද?

මනස යනු ප්‍රධාන දෙයයි. එය සංකීර්ණ නොකර ක්‍රීඩාවට සූදානම් වීමට උත්සාහ කරන්න ඕන. ක්‍රිකට් ඉතා සරල බව මම තරයේ විශ්වාස කරනවා. එය ලකුණු සහ කඩුලු මත පවතින දෙයක්. එම කාර්යය ඉටු කිරීම සඳහා ඔබ ක්‍රීඩකයන් සන්නද්ධ කළ ‍යුතුයි. ඒ සඳහා උපක්‍රම සහ සැලසුම් කිරීම උපකාරී වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඔබ ක්‍රීඩකයින්ට සහජයෙන්ම හා ඉක්මනින් කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙනවා. නිවැරදි වටපිටාව යනු වඩාත්ම වැදගත් දෙය යැයි මම නිතරම සිතනවා. ඔබ එය නිර්මාණය කළ පසු, ක්‍රීඩකයන් පිටතට ගොස් ක්‍රීඩා කරනවා. එය ඔවුන්ගේ ස්වභාවය.

තරගාවලි ආකෘතිවල දී, ඔබ සෑම කෙනෙකුම එම කලාපයට ඇතුළු වී යම් කාලයක් එහි රැඳී සිටින බවට වග බලා ගත යුතුයි. දිගු තරගාවලිවල දී ඔබට සාර්ථක වෙලාවන් හා අසාර්ථක වෙලාවන් තියෙන්නෙ පුළුවන්. නමුත් තරගාවලියේ අවසානයේ දී, ඔබ සෑම දෙනාගේම නැවුම් බව සහ දක්ෂතාවය ඉදිරියට යෑම බවට වග බලා ගත යුතුයි. මන්ද ඔබට එම අවසාන ශක්තිය අවශ්‍ය වන්නේ ඒ වෙලාවට.

කිලෝමීටර 5ක දුරක් හෝ කිලෝමීටර 10ක දුරක් දුවගෙන යන විට ඔබ උකුල ප්‍රදේශය ස්ථාවර කරගන්නවා. නමුත් ඔබට එම අවසාන අවස්ථාවට විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. ඔබ එය සොයා ගත යුතුයි. එය සිදු කිරීම සඳහා, ඔබ තුළම එය සොයා ගැනීමට සන්සුන් හා එකතු කරන ක්‍රීඩකයන් සිටිය යුතුයි.

ඔබ සෙල්ලම් කරන විට දත්ත දැන් පවතින තරමට ක්‍රීඩාවේ විශාල කොටසක් වුනේ නෑ. ඔබගේ විස්සයි 20 කණ්ඩායම්වල ක්‍රීඩකයින් දත්ත සමඟ කොතරම් දුරට සන්නද්ධ කරන්නේද?

මම හිතන්නේ දත්ත කළමනාකරණය අවශ්‍ය වෙන්නේ සිදු වන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට සහ රටාවන් මොනවා දැයි බැලීමට. දත්ත අනිවාර්යයෙන්ම තරගයේ ඉන්න ක්‍රීඩකයන්ට උදව් කරන්නේ නෑ. ඔවුන්ගේ ක්‍රීඩාවේ යම් යම් කරුණු පිළිබඳව ඔබට ඔවුන් සමඟ කතා කළ හැකියි. නමුත් ඒ සිදු වන්නේ කුමක්ද යන්න ඔබම තේරුම් ගන්නේ නම් පමණයි. දත්ත සහ විශ්ලේෂණයන් විශාල ප්‍රමාණයක් සිදුවෙමින් පවතින අතර අභියෝගයේ කොටසක් වන්නේ ඒවායින් කුමන එකක් භාවිතා කළ හැකි ද යන්න තේරුම් ගැනීමයි. 

සමහර ක්‍රීඩකයින් දත්ත දැන ගැනීමෙන් සතුටක් ලබනවා. ඔබ එයට කැමති අයට උදව් කරන්න ඕනේ. තවත් සමහරු තමන් කැමති ආකාරයට දේවල් කිරීමට කැමතියි. සමහරු ස්වභාවයෙන්ම දක්ෂතා ඇති ක්‍රීඩකයන් වන අතර සහජයෙන්ම කටයුතු කිරීමට කැමතියි.  මම සෙල්ලම් කරන විට මම එවැනි කෙනෙක්.

ESPNcricinfo වෙබ් අඩවියේ ශ්‍රී ලංකා නියෝජිත ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු විසින් සිදු කළ සම්මුඛ සාකච්ඡාවක සිංහල අනුවාදයකි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<