2025 IPL තරගාවලියේ සිට නැවතත් Mumbai Indians කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරය හිටපු ශ්රී ලංකා නායක මහේල ජයවර්ධන හට ලබා දීමට තීරණය කර තිබෙනවා.
Mark Boucher විසින් මීට පෙර Mumbai Indians පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, 2024 වසරේ දී ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බාය ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත් වුනා. ඊට පෙර 2023 වසරේ දී මුම්බාය Play-Off වටය වෙත සුදුසුකම් ලබා ගත්තද, ඔවුන්ට ඉන් ඉදිරියට යාමට හැකියාවක් ලැබුණේ නැහැ.
Boucherට මෙම වගකීම හිමි වීමට පෙර මෙම තනතුර දැරුවේ ද මහේල විසින් වන අතර, ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ Mumbai Indians කණ්ඩායම 2017-22 කාල සීමාව තුළ තෙවරක් IPL ශූරතාව ජයග්රහණය කිරීමට ද සමත් වුනා.
- Brandon Kingගෙන් රාජකීය ප්රහාරයක්!
- ශ්රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්රබල පිළිතුරක්
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
මහේල මුම්බාය සමඟ එක් වී දැක්වූ දක්ෂතා විස්සයි විස්ස ඉතිහාසයේ ඉහළින් ම රැඳී ඇති බව නොරහසක්. එම නිසාම පසුව ඔහු MI කණ්ඩායම් සමූහයේ ගෝලීය ප්රධානියා ලෙස කටයුතු කිරීමට වරම් ලැබුවා.
කෙසේ වෙතත් මේ වන විට නැවතත් Mumbai Indians කණ්ඩායම ජයග්රාහී මාවතට රැගෙන ඒමේ වගකීම මහේලට හිමි වී ඇති අතර, එහි දී ඔහුට පළමුව 2025 IPL තරගාවලිය වෙනුවෙන් Mumbai Indians කණ්ඩායමේ සංචිතය සකසා ගැනීමේ වගකීම හිමි වී තිබෙනවා.
දෙස්, විදෙස් ක්රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<