මහීෂ් සිය ත්‍යාගය පරිත්‍යාග කරයි!

LPL 2024

1
LPL 2024

2024 LPL තරගාවලියේ 16 වැනි තරගයේ වීරයා බවට පත් වූ Galle Marvels කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ විසින් සිය තරගයේ වීරයාට හිමි ත්‍යාගය පිළිකා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

පසුගිය ඉරිදා (14) Dambulla Sixers සහ Galle Marvels අතර පැවැත්වුණු මෙම තරගයේ දී මහීෂ් තීක්ෂණ විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනේ තරගයේ වීරයා සම්මානය ද තමන් සතු කර ගනිමිනුයි.

එම දිනය LPL තරගාවලියේ Pink Day ලෙස නම් කරමින් පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වෙන් කර තිබුණා.

ඒ අනුව මහීෂ්ට මෙම තරගයේ දී හිමි වූ ඇමරිකානු ඩොලර් 1500ක මුදල Indira පිළිකා අරමුදල වෙත පරිත්‍යාග කිරීමට ඔහු පියවර ගෙන තිබෙනවා.

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<