ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වුණු කිලෝමීටර් 20 ඇවිදීමේ ජාතික ශූරතාවලියේ දී ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ කල්හාරි මදිරිකා සහ සඳරුවන් දුනුකර විසින් සමත් වුනා.
එළඹෙන මාර්තු මාසයේ දී ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු ඇවිදීමේ ශූරතාවලිය සඳහා තේරීම් තරගයක් ලෙස පැවැත්වුණු මෙම ජාතික ශූරතාවලිය අද (18) උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ආරම්භ වුනා.
තරගාවලියේ පිරිමි තරග අංශයේ දී පැය 1.37.35ක කාලයක් වැය කරමින් D.M.I.S.S. දුනුකර විසින් තරගය ජයග්‍රහණය කරද්දී, එහි දෙවන සහ තෙවන ස්ථාන ද පිළිවලින් යුද හමුදාවේ ම Y.S.විමලසූරිය (1.39.22) සහ R.B.S.K. සම්පත් (1.42.58) යන ක්‍රීඩකයින් විසින් දිනා ගත්තා.
- ශ්‍රී ලංකාවට රන් පදක්කම් හතරක් සමඟින් සමස්ත පදක්කම් හයක්!
- පදක්කම් බලාපොරොත්තු රැසක් සමඟින් පැරා මලල ක්‍රීඩකයින් ඩුබායි වෙත
- උෂාන් සහ හිරුණි නැවතත් ජාත්‍යන්තරයේ බැබළෙයි!
- Shelly දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!
- Noah Lyles 200m ලෝක වාර්තා සිහින දකියි
මේ අතර කාන්තා අංශයේ තරගය පැය 1.51.45ක් වැය කරමින් ජයග්‍රහණය කිරීමට U.V.K. මදිරිකා විසින් සමත් වූ අතර, එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවලින් යුද හමුදාවේ P.B.ගයානි (1.52.12) සහ ගුවන් හමුදාවේ T.H. දිනූශා දිහානි විසින් (1.57.03) ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
දේශීය මලල ක්‍රීඩාවේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<