Nathan Lyon කඩුලු ටෙස්ට් කඩුලු 500 සමාජයට

854
Lyon joins the elite in 500-wicket club

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 500ක් දවා ගත් අටවැනි ක්‍රීඩකයා බවට පත් වීමට ඕස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක Nathan Lyon සමත් වී තිබෙනවා. 

එලෙස ටෙස්ට් කඩුලු 500ක් දවා ගත් ලොව 8 වැනි ක්‍රීඩකයා සහ තෙවැනි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත් වීමට ද ඔහු සමත් වූ අතර ඔහුට පෙර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Shane Warne (708) සහ Glenn McGrath (563) එම කඩඉම පසු කළා. 

පාකිස්තානය සමඟ අද (17) අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම කඩුලු 500 සීමාව පසු කිරීමට සමත් වූ අතර මෙම තරගය ආරම්භ වීමට පෙර ඔහු ටෙස්ට් කඩුලු 496ක් ලබා සිටියා. 

එමෙන්ම ටෙස්ට් කඩුලු පිටියේ කඩුලු 500ක් දවා ගත් සිව්වැනි දඟ පන්දු යවන්නා ඔහු වන අතර මීට පෙර එම කඩුලු සීමාව පසු කර තිබුණේ Shane Warne, මුත්තයියා මුරලිදරන් සහ Anil Kumble පමණයි. 

2011 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් Nathan මේ වන විට 36 වැනි වියෙහි පසු වන අතර ඔහු නිමා වූ පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 5ක් දවා ගැනීමට ද සමත් වුනා. 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapareසූදානම්,රැඳී සිටින්නThePapareසමඟින්. 

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<