Lanka Primer League තරගාවලියට සම්බන්ධ වූ කණ්ඩායම් ද්විත්වයක් වන Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම් සමඟ ඇති හවුල්කාරිත්වයන් අවසන් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
මෙම කණ්ඩායම් ලීගයට සම්බන්ධ වීමේ දී ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීම පැහැර හැර ඇති බව IPG සමූහය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දී ඇති අතර, ඒ අනුවයි IPG සහ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ව මෙම තීරණය ගෙන තිබෙන්නේ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
LPL ඉසව් හිමිකාරිත්වය දරන්නා ලෙස IPG සමූහයට කණ්ඩායම් වල හිමිකාරිත්වය පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව පවතින අතර, ඉදිරියේ දී මෙම Franchise ද්විත්වය වෙනුවෙන් නව හිමිකරුවන් සොයා ගනිමින්, මීළඟ LPL තරගාවලිය වඩාත් ඉහළ මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<