ලංකා ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ උණුසුම විඳ ගැනීමට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණයි. කණ්ඩායම් 5ක ක්‍රීඩකයන් 113 දෙනෙක්, ක්‍රීඩාංගණ 2ක තරග 24කින් සමන්විත මෙම තරගාවලිය අද (ජූලි 30) සිට අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.
එකී උණුසුමත් සමඟින් මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ LPL ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැක් වූ දක්ෂතා සම්බන්ධයෙන් ඔබ ව දැනුවත් කිරීමටයි.
තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවෝ
මෙම ලැයිස්තුවේ පළමු අසුන වෙන්කර ගෙන සිටින්නේ 25 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු. එහි දෙවැනි ස්ථානය කුසල් මෙන්ඩිස් විසින් ද, තෙවැනි ස්ථානය දිනේෂ් චන්දිමාල් සතු කර ගෙන තිබෙනවා.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන 4 ම අපේ ක්‍රීඩකයෝ සතු කරගෙන සිටින අතර විදෙස් ක්‍රීඩකයන්ට මෙම ලැයිස්තුවේ ඉඩක් ලැබෙන්නේ 5 වැනි ස්ථානයේ සිට වීම විශේෂත්වයක්.
අවිශ්ක ප්‍රනාන්දු
Team | Year | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s |
Jaffna Stallions | 2020 | 9 | 8 | 1 | 275 | 92* | 39.28 | 0 | 2 | 17 | 20 |
Jaffna Kings | 2021 | 10 | 10 | 1 | 312 | 100 | 34.66 | 1 | 2 | 26 | 19 |
Jaffna Kings | 2022 | 10 | 10 | 1 | 339 | 54 | 37.66 | 0 | 3 | 37 | 6 |
එකතුව | 29 | 28 | 3 | 926 | 100 | 37.04 | 1 | 7 | 80 | 45 |
කුසල් මෙන්ඩිස්
Team | Year | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s |
Kandy Tuskers | 2020 | 8 | 8 | 1 | 263 | 68 | 37.57 | 0 | 2 | 18 | 17 |
Galle Gladiators | 2021 | 10 | 10 | 1 | 327 | 85 | 36.33 | 0 | 2 | 32 | 9 |
Galle Gladiators | 2022 | 9 | 9 | 0 | 256 | 72 | 28.44 | 0 | 3 | 27 | 7 |
එකතුව | 27 | 27 | 2 | 846 | 85 | 33.84 | 0 | 7 | 77 | 33 |
දිනේෂ් චන්දිමාල්
Team | Year | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s |
Colombo Kings | 2020 | 9 | 8 | 2 | 246 | 80 | 41.00 | 0 | 2 | 35 | 6 |
Colombo Stars | 2021 | 9 | 9 | 3 | 277 | 65* | 46.16 | 0 | 1 | 22 | 11 |
Colombo Stars | 2022 | 11 | 11 | 2 | 287 | 63 | 31.88 | 0 | 1 | 26 | 8 |
එකතුව | 29 | 28 | 7 | 810 | 80 | 38.57 | 0 | 4 | 83 | 25 |
ධනුෂ්ක ගුණතිලක
Team | Year | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s |
Galle Gladiators | 2020 | 10 | 10 | 2 | 476 | 94* | 59.50 | 0 | 4 | 67 | 8 |
Galle Gladiators | 2021 | 10 | 10 | 1 | 226 | 55 | 25.11 | 0 | 2 | 26 | 7 |
එකතුව | 20 | 20 | 3 | 702 | 94* | 41.29 | 0 | 6 | 93 | 15 |
Rahmanullah Gurbaz
Team | Year | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s |
Kandy Tuskers | 2020 | 8 | 8 | 0 | 169 | 53 | 21.12 | 0 | 1 | 19 | 11 |
Jaffna Kings | 2021 | 8 | 8 | 0 | 207 | 70 | 25.87 | 0 | 2 | 18 | 11 |
Jaffna Kings | 2022 | 9 | 9 | 0 | 249 | 73 | 27.66 | 0 | 2 | 26 | 15 |
එකතුව | 25 | 25 | 0 | 625 | 73 | 25.00 | 0 | 5 | 63 | 37 |
ශතක වාර්තා කළ ක්‍රීඩකයෝ
Laurie Evans
එංගලන්තයේ Laurie Evans පළමු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ම මංගල ශතකය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වුනා. Colombo Kings නියෝජනය කළ ඔහු Jaffna Stallions කණ්ඩායමට එරෙහිව පන්දු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ලබා ගත්තා. ඔහු මෙම දක්ෂතාව දැක් වූයේ 2020 දෙසැම්බර් 10 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
ඔහුගේ මෙම ඉනිම LPL ඉතිහාසයේ පිතිකරුවෙක් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා.
එම වසරේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි තැන දිනා ගැනීමට ද ඔහු සමත් වුනා. එහි දී ධනුශ්ක ගුණතිලක තරග 10ක දී ලකුණු 476ක් ලබා ගනිමින් පළමු වැනියා වෙද්දී Laurie Evans තරග 8ක දී ලකුණු 289ක් ලබා ගන්නවා.
අවිශ්ක ප්‍රනාන්දු
2021 දෙසැම්බර් 21 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී Jaffna Kings නියෝජනය කරමින් Dambulla Giants කණ්ඩායමට එරෙහිව අවිශ්ක ප්‍රනාන්දු LPL ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් වෙනවා.
එම තරගයේ දී ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා. එය මෙම තරගමාලාවේ දී මෙතෙක් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක් වාර්තා කරන ලද එක ම ශතකයයි.
එම වසරේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ ද අවිශ්කයි.
Andre Fletcher
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක Andre Fletcher 2022 දෙසැම්බර් 06 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී LPL තරග ඉතිහාසයේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් වෙනවා.
Kandy Falcons නියෝජනය කළ ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් Colombo Stars කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 102ක් ලබා ගන්නවා.
- නුවර ආදරවන්තයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ
- දඹුල්ලේ රැස් විහිදුවන්නට පැමිණෙන විදේශිකයෝ
- ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ
- Babar සමඟ කරළියට එන Colombo Strikers
- Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ
හොඳම පන්දු යවන්නෝ
LPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නන් අතරින් පෙරමුණ ගැනීමට සමත් වන්නේ 26 වැනි වියේ පසුවෙන පා දඟපන්දු යවන වනිඳු හසරංග. එහි දෙවැනි ස්ථානය නුවන් තුෂාරටත් සහ තෙවැනි ස්ථානය නුවන් ප්‍රදීප්ටත් හිමි වෙනවා.
මෙම ලැයිස්තුව ද පිතිකරුවන්ගේ ලැයිස්තුව සේ ම යමින් එහි විදෙස් ක්‍රීඩකයෙක්ට පැමිණීමට ඉඩ දෙන්නේ 5 වැනි ස්ථානයේ සිටයි.
වනිඳු හසරංග
Team | Year | Mat | Inns | Overs | Md | Runs | Wkts | BBI | 4 | 5 |
Jaffna Stallions | 2020 | 10 | 10 | 37.0 | 2 | 192 | 17 | 3/15 | 0 | 0 |
Jaffna Kings | 2021 | 10 | 10 | 36.0 | 1 | 245 | 11 | 3/16 | 0 | 0 |
Kandy Falcons | 2022 | 10 | 10 | 34.0 | 0 | 218 | 10 | 4/14 | 1 | 0 |
එකතුව | 30 | 30 | 107.0 | 3 | 655 | 38 | 4/14 | 1 | 0 |
නුවන් තුෂාර
Team | Year | Mat | Inns | Overs | Md | Runs | Wkts | BBI | 4 | 5 |
Galle Gladiators | 2020 | 5 | 5 | 18.0 | 0 | 151 | 4 | 2/08 | 0 | 0 |
Galle Gladiators | 2021 | 8 | 8 | 23.4 | 0 | 192 | 12 | 5/13 | 0 | 1 |
Galle Gladiators | 2022 | 9 | 9 | 33.5 | 1 | 252 | 14 | 3/29 | 0 | 0 |
එකතුව | 22 | 22 | 75.3 | 1 | 595 | 30 | 5/13 | 0 | 1 |
නුවන් ප්‍රදීප්
Team | Year | Mat | Inns | Overs | Md | Runs | Wkts | BBI | 4 | 5 |
Kandy Tuskers | 2020 | 8 | 8 | 26.3 | 0 | 233 | 8 | 3/36 | 0 | 0 |
Dambulla Giants | 2021 | 8 | 7 | 24.0 | 0 | 234 | 10 | 3/31 | 0 | 0 |
Galle Gladiators | 2022 | 7 | 7 | 23.0 | 0 | 233 | 11 | 3/37 | 0 | 0 |
එකතුව | 23 | 22 | 73.3 | 0 | 700 | 29 | 3/31 | 0 | 0 |
මහීෂ් තීක්ෂණ
Team | Year | Mat | Inns | Overs | Md | Runs | Wkts | BBI | 4 | 5 |
Jaffna Stallions | 2020 | 1 | 1 | 3.0 | 0 | 17 | 0 | 0 | 0 | 0 |
Jaffna Kings | 2021 | 10 | 10 | 39.0 | 1 | 268 | 16 | 4/25 | 1 | 0 |
Jaffna Kings | 2022 | 8 | 8 | 32.0 | 0 | 212 | 10 | 3/20 | 0 | 0 |
එකතුව | 19 | 19 | 74.0 | 1 | 497 | 26 | 4/25 | 1 | 0 |
Samit Patel (එංගලන්තය)
Team | Year | Mat | Inns | Overs | Md | Runs | Wkts | BBI | 4 | 5 |
Dambulla Viking | 2020 | 9 | 8 | 26.4 | 0 | 209 | 7 | 2/26 | 0 | 0 |
Galle Gladiators | 2021 | 10 | 10 | 38.0 | 0 | 219 | 16 | 3/13 | 0 | 0 |
එකතුව | 19 | 18 | 64.4 | 0 | 428 | 23 | 3/13 | 0 | 0 |
හොඳම පන්දු යැවීම
ජෙෆ්රි වැන්ඩර්සේ
Colombo Stars නියෝජනය කරන ජෙෆ්රි වැන්ඩර්සේ 2021 දෙසැම්බර් 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී Kandy Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙනවා. එය අදටත් LPL පිටියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසයි වාර්තා වන්නේ.
එහි අනෙකුත් ස්ථාන ලැයිස්තු ගත වීමේ දී Galle Gladiators කණ්ඩායමේ නුවන් තුෂාර Jaffna Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 13කට ලබා ගත් කඩුලු 5ත් (2021), Colombo Stars කණ්ඩායම නියෝජනය කළ කසුන් රාජිත Dambulla Aura කණ්ඩායමට එරෙහිව ලකුණු 22කට ලබා ගත් කඩුලු 5ත් (2022) සහ Galle Gladiators කණ්ඩායමේ පාකිස්තාන ක්‍රීඩක Mohammad Amir 2020 වසරේ දී Colombo Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 26කට ලබා ගත් කඩුලු 5 ද ලැයිස්තු ගත වෙනවා.
වැඩිම උඩ පන්දු ලබා ගත් ක්‍රීඩකයා
තරග මාලාව තුළ වැඩිම උඩ පන්දු ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක් වෙන්නේ ද වනිඳු හසරංග. ඔහු තරග 30ක දී උඩ පන්දු 20ක් දවා ගන්නවා. ඊට අමතර ව එහි දෙවැනි ස්ථානය තරග 31ක දී උඩ පන්දු 20ක් දවා ගත් තිසර පෙරේරා සතු වෙන අතර තරග 20ක දී උඩ පන්දු 19ක් දවා ගත් Shoaib Malik තෙවැනි ස්ථානයට පත් ව සිටිනවා.
වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට දායක වූ කඩුලු රකින්නා
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය දිනා ගැනීමට Colombo Stars, Dambulla Giants සහ Dambulla Viking කණ්ඩායම් නියෝජනය කරමින් තරගාවලියට එක් වූ නිරෝෂන් දික්වැල්ල සමත් වෙනවා. ඔහු තරග 27ක ඉනිම් 26ක දී දවා ගැනීම් 20කට දායක වෙනවා. ඊට උඩ පන්දු 15ක් සහ කඩුල්ල බිඳ හෙළීම් 5ක් ඇතුලත්.
ඊට අමතර ව එහි දෙවැනි ස්ථානය උඩ පන්දු 10ක් සහ කඩුල්ල බිඳ හෙළීම් 4ක් ඇතුළු දවා ගැනීම් 14ක් කළ Colombo Stars සහ Kandy Tuskers කණ්ඩායම් නියෝජනය කළ කුසල් ජනිත් රැදී සිටින අතර තෙවැනි ස්ථානය වෙන්කර ගැනීමට සධීර සමරවික්‍රම සමත් වෙනවා.
Dambulla Viking, Galle Gladiators සහ Jaffna Kings කණ්ඩායම් නියෝජනය කළ සධීර උඩ පන්දු 8ක් සහ කඩුල්ල බිඳ හෙළීම් 3ක් සමඟින් දවා ගැනීම් 11කට සම්බන්ධ වෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<