Galle Gladiators කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයා නම් කරයි

1124
LPL franchise Galle Gladiators

මෙරට ක්‍රිකට් ක්‍රීඩාලෝලීහූ ඉමහත් උනන්දුවෙන් සහ නොඉවසිල්ලෙන් බලා සිටි ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් මස 6 වැනිදා දක්වා කාලසීමාව තුල ක්‍රියාත්මක කිරීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (02) නිල වශයෙන් සඳහන් කර තිබුණි.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පමණක් නොව රූපවාහිනි විකාශන, නිෂ්පාදන සහ ක්‍රීඩාංගණ යන අංශ සියල්ලේ සම්පූර්ණ අයිතිය වසර 5ක කාලසීමාවක් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා ඇති සමාගමක් වන Innovative Production සමූහය වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාව පළකොට තිබේ.

මහනුවර, ගාල්ල, කොළඹ, යාපනය, දඹුල්ල යන නගර 5 නියෝජනය වන පරිදි කණ්ඩායම් 5ක් එකිනෙකා සමඟ සටන් වැඳීමට නියමිත අතර පල්ලෙකැලේ, රංගිරි දඹුලු, සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ මේ වන විට තරග පැවැත්වීම සඳහා වඩාත් සුදුසුම ක්‍රීඩාංගණ ලෙස නම්කොට ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

Galle Gladiators කණ්ඩායම නිල වශයෙන් තම කණ්ඩායමේ හිමිකාරිත්වය  සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඊයේ (2) දිනයේ දී මාධ්‍ය හමුවක් සූදානම් කර තිබුණි. ඒ අනුව පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරන Quetta Gladiators කණ්ඩායමේ හිමිකරුවන් වන Omar Associate ආයතනය Galle Gladiators කණ්ඩායමේ ද හිමිකාරිත්වය ඔවුන් වෙත පවරා ගැනීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.

එම ආයතනයේ සභාපති නදීම් ඕමාර් මහතා ප්‍රකාශයට පත්කළ පරිදි Galle Gladiators කණ්ඩායමේ සන්නාමය ප්‍රවර්ධනය කිරීමේ කර්තව්‍යය, මෙම තරග ආකෘතියෙහි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන හිටපු පාකිස්තාන නායක ශහීඩ් අෆ්‍රිඩි වෙත පවරා ඇති අතර පිතිකරුවන් පුහුණු කිරීම ඇතුළුව සමස්ත කණ්ඩායමට ගුරුහරුකම් ලබා දීමේ වගකීම මොයින් ඛාන් මහතා වෙත ලබා දීමට ඔවුන් තීරණය කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<