2024 LPL තරගාවලියට නව හඳුන්වාදීමක්!

LPL 2024

54
LPL 2024

2024 LPL තරගාවලියේ දී නව Power Play අවස්ථාවක් හඳුන්වාදීමට තරගාවලි සංවිධායකයින් විසින් තීරණය කර තිබෙනවා.

Power Blast Overs යනුවෙන් හඳුන්වාදෙන මෙම Power Play පන්දුවාර තරගාවලියේ සෑම පිතිකරණ ඉනිමක ම 16 සහ 17 වැනි පන්දුවාරවල දී ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

විස්සයි විස්ස තරගයක අනිවාර්යය වශයෙන් ක්‍රියාත්මක වන පළමු පන්දුවාර හයේ Power Play අවස්ථාවට අමතරව මෙය ක්‍රියාත්මක වන අතර, මෙම නව Power Play අවස්ථාවේ දී ද යාර තිහේ සීමාවෙන් එපිට රැඳවීමට හැකියාව ලැබෙන්නේ පන්දු රකින්නන් සිව් දෙනෙකු පමණයි.

මෙම නව හඳුන්වාදීම තරගාවලියේ ඇති උද්‍යෝගය තවත් ඉහළ නංවනු ඇති බවත්, ඒ සඳහා හැඩ ගැසීමට කණ්ඩායම්වලට නව උපායමාර්ග හඳුනා ගැනීමට සිදු වනු ඇති බවත් තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා විසින් සඳහන් කර තිබුණා.

2024 LPL තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<