Home Sinhala දසුන්ගේ තුන් ඉරියව් දක්ෂතා Falcons මංගල ජය තහවුරු කරයි

දසුන්ගේ තුන් ඉරියව් දක්ෂතා Falcons මංගල ජය තහවුරු කරයි

LPL 2024

30
LPL 2024 Kandy Falcons vs Dambulla Sixers 1st Match

2024 LPL තරගාවලිය ආරම්භ කරමින් Dambulla Sixe සහ Kandy Falcons අතර පැවැත්වුණු තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Kandy Falcons කණ්ඩායම ඊයේ (01) සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය Falcons නායක වනිඳු හසරංග සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් Sixers කණ්ඩායම තරගයේ පළමු ඉනිම දියත් කළා.

කෙසේ වෙතත් Sixers කණ්ඩායමට මෙහි දී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් නොළැබුනු අතර, ඔවුන්ගේ කඩුලු 4ක් ලකුණු 25ක් තුළ දවා ගැනීමට Falcons පන්දු යවන්නන් විසින් සමත් වුනා.

Sixers ඉනිමේ පස් වැනි පන්දුවාරය වන විට ඔවුන්ගේ කඩුලු 4ක් බිඳ වැටීමත් සමඟින් චමිඳු වික්‍රමසිංහ සහ Mark Chapman කඩුල්ලේ එක් වූ අතර, ඔවුන් එතෙක් වේලා Falcons නතු වී තිබූ තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම පාහේ තම පාර්ශවයට හරවා ගැනීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 154ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වූ අතර මෙහි දී Chapmanගේ පිත්තෙන් පන්දු 61ක් තුළ ලකුණු 91ක් වාර්තා වුනා. මේ වෙනුවෙන් ඔහු හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් එල්ල කිරීමට සමත් වූ අතර, අනෙක් පාර්ශවයෙන් චමිඳු වික්‍රමසිංහ පන්දු 42ක් තුළ ලකුණු 62ක් වාර්තා කිරීමට සමත් වුනේ හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ද සමඟයි.

මෙහි දී Falcons වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ දසුන් ශානක ලකුණු 20කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

Dambulla Sixers වෙතින් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා දිනේශ් චන්දිමාල් සහ Andre Fletcher Falcons වෙනුවෙන් ඉනිම ආරම්භ කළත් Fletcher මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දවා ගැනීමට නුවන් තුෂාරට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් දිනේශ් චන්දිමාල් පන්දු 40ක් තුළ ලකුණු 65ක් ලබා ගනිමින් Falcons ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් එල්ල කළා.

මීට අමතරව කමිඳු මෙන්ඩිස් 27කින් ඉනිමට දායක වුනා. කෙසේ වෙතත් Falcons ඉනිමේ 13 වැනි පන්දුවාරය නිමා වන විට චන්දිමාල් සහ කමිඳු දෙදෙනා ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට Sixers කණ්ඩායමට හැකි වූ අතර, මේ මොහොතේ ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක කඩුල්ලේ එක් වුනා. ඔවුන් දෙදෙනා විසින් Falcons ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක වේගවත් සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වූ අතර, මෙහි දී මැතිව්ස්ගේ පිත්තෙන් ලකුණු 37ක් ඉනිමට එක් වුනා.

මේ අතර දිනයේ ප්‍රවේගකාරී ම ඉනිම දියත් කළ දසුන් ශානක විසින් පන්දු 15ක් තුළ ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම ඉනිම හතරේ පහර තුනකින් මෙන්ම හයේ පහර පහකින් වර්ණවත් වුනා.

ඒ අනුව 2024 LPL තරගාවලියේ මංගල තරගයෙන් Dambulla Sixers කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක පහසු ජයක් කරා යාමට Kandy Falcons කණ්ඩායමට හැකියාව ලැබුණා.

Result


Kandy Falcons
183/4 (17.2)

Dambulla Sixers
179/4 (20)

Batsmen R B 4s 6s SR
Dhanushka Gunathilake b Dasun Shanaka 11 11 1 1 100.00
Kusal Perera c Wanindu Hasaranga b Mohammad Hasnain 0 4 0 0 0.00
Nuwanidu Fernando c Angelo Mathews b Dasun Shanaka 4 4 1 0 100.00
Towhid Hridoy lbw b Dasun Shanaka 1 2 0 0 50.00
Mark Chapman not out 91 61 8 4 149.18
Chamindu Wickramasinghe not out 62 42 4 3 147.62


Extras 10 (b 0 , lb 1 , nb 4, w 5, pen 0)
Total 179/4 (20 Overs, RR: 8.95)
Bowling O M R W Econ
Dasun Shanaka 4 0 20 3 5.00
Dushmantha Chameera 4 0 27 0 6.75
Mohammad Hasnain 4 0 53 1 13.25
Wanindu Hasaranga 4 0 32 0 8.00
Kamindu Mendis 1 0 8 0 8.00
Chamath Gomez 3 0 38 0 12.67


Batsmen R B 4s 6s SR
Dinesh Chandimal b Dhanushka Gunathilake 65 40 6 3 162.50
Andre Fletcher b Nuwan Thushara 0 1 0 0 0.00
Mohammad Haris c & b Mustafizur Rahman 5 8 0 0 62.50
Kamindu Mendis c Nuwanidu Fernando b Chamindu Wickramasinghe 27 20 4 0 135.00
Angelo Mathews not out 37 20 5 1 185.00
Dasun Shanaka not out 46 15 3 5 306.67


Extras 3 (b 0 , lb 1 , nb 0, w 2, pen 0)
Total 183/4 (17.2 Overs, RR: 10.56)
Bowling O M R W Econ
Nuwan Thushara 3 0 35 1 11.67
Dilshan Madushanka 3.2 0 31 0 9.69
Mustafizur Rahman 3 0 44 1 14.67
Mohammad Nabi 1 0 12 0 12.00
Akila Dananjaya 4 0 29 1 7.25
Chamindu Wickramasinghe 3 0 31 1 10.33



  • තරගයේ වීරයා දසුන් ශානක

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<