Home Sinhala Kandy හයේ පහර වර්ෂාවක් සමඟ වටිනා ජයක් ලබයි!

Kandy හයේ පහර වර්ෂාවක් සමඟ වටිනා ජයක් ලබයි!

LPL 2024

8
LPL 2024

මෙවර LPL තරගාවලියේ 18 වැනි තරගයෙන් Dambulla Sixers කණ්ඩායමට එරෙහිව ලකුණු 54ක පහසු ජයක් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම අද (15) සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය Dambulla Sixers නායකයා සතු වූ අතර, ඒ අනුව Kandy ආරම්භක පිතිකරුවන් වූ දිනේෂ් චන්දිමාල් සහ Andre Fletcher ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසුණා.

මෙහි දී දිනේෂ්ගේ ඉනිම ලකුණු 12කට සීමා වුනත්, විශිෂ්ට ඉනිමක් දියත් කළ Fletcher පන්දු 34කින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහර 7ක් ද සමඟයි.

අංක තුන පිතිකරු වූ Mohammad Haris පන්දු 13කින් ලකුණු 24ක් සහ අංක හතර පිතිකරු වූ නායක වනිඳු හසරංග පන්දු 12කින් ලකුණු 25ක් ලබා ගනිමින් ඉනිමේ මැද බාගය ශක්තිමත් කළා. කෙසේ වෙතත් Kandy ඉනිමේ 13 වැනි පන්දුවාරය වන විට ඔවුන් සියල්ලන් ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දුශාන් හේමන්ත ප්‍රමුඛ Dambulla පන්දු යවන්නන්ට හැකි වුනා.

නමුත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ කමිඳු මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 95ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් කමිඳු පන්දු 24ක් තුළ ලකුණු 51ක් එක් කිරීමට සමත් වුනේ හයේ පහර 2ක් ද සමඟයි. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් දැවැන්ත හයේ පහර 5ක් සමඟ පන්දු 23කින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම ඉනිම පුරාවට Kandy Falcons පිතිකරුවන් විසින් හයේ පහර 17ක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්. මේ අතරේ අනෙක් සියලු Dambulla Sixers පන්දු යවන්නන්ට දිගට හරහට පහර වදිද්දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුශාන් හේමන්ත සිය පන්දුවාර 4 තුළ ලකුණු 14කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ Kandy Falcons විසින් කඩුලු 4ක් දැවී ලකුණු 222ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම ඉලක්කය හඹා යාම සඳහා Dambulla Sixers සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වූ Reeza Hendricks සහ කුසල් පෙරේරා පිටියට පිවිසුණා. Reezaට අද දිනයේ එතරම් සාර්ථක වීමට නොහැකි වුනත්, කුසල් පෙරේරා විසින් හයේ සහ හතරේ පහර 5 බැගින් එල්ල කරමින් පන්දු 40ක් තුළ ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඔහුගේ ඉනිමට අනෙක් Dambulla පිතිකරුවන්ගෙන් එතරම් හොඳ මට්ටමේ සහයෝගයක් නොලැබීම නිසා ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 168 පමණයි. මෙහි දී කුසල්ට අමතරව ලකුණු 20 සීමාව ඉක්මවා ගිය එකම පිතිකරු වූ Mark Chapman ලකුණු 24ක් ලබා ගත්තා.

මෙහි දී Kandy Falcons වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක වනිඳු ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත් අතර, දසුන් ශානක කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

  • තරගයේ වීරයා – වනිඳු හසරංග

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Kandy Falcons
222/4 (20)

Dambulla Sixers
168/9 (20)

Batsmen R B 4s 6s SR
Dinesh Chandimal lbw b Sonal Dinusha  12 14 0 1 85.71
Andre Fletcher c & b Dushan Hemantha 60 34 1 7 176.47
Mohammad Haris c Mohammad Nabi b Dushan Hemantha 24 13 2 2 184.62
Wanindu Hasaranga c Kusal Perera b Dushan Hemantha 25 12 5 0 208.33
Kamindu Mendis not out 51 24 5 2 212.50
Angelo Mathews not out 44 23 0 5 191.30


Extras 6 (b 0 , lb 4 , nb 0, w 2, pen 0)
Total 222/4 (20 Overs, RR: 11.1)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 36 0 9.00
Dilshan Madushanka 4 0 43 0 10.75
Sonal Dinusha  3 0 39 1 13.00
Dushan Hemantha 4 0 14 3 3.50
Mohammad Nabi 3 0 42 0 14.00
Chamindu Wickramasinghe 2 0 44 0 22.00


Batsmen R B 4s 6s SR
Reeza Hendricks c Chaturanga de Silva b Dasun Shanaka 2 4 0 0 50.00
Kusal Perera c Mohammad Hasnain b Wanindu Hasaranga 74 40 5 5 185.00
Ibrahim Zadran c Chamath Gomez b Mohammad Hasnain 1 3 0 0 33.33
Lahiru Udara c Chaturanga de Silva b Dasun Shanaka 3 5 0 0 60.00
Mark Chapman c & b Wanindu Hasaranga 24 19 4 0 126.32
Mohammad Nabi c Angelo Mathews b Wanindu Hasaranga 3 7 0 0 42.86
Sonal Dinusha  c Wanindu Hasaranga b Dasun Shanaka 17 16 1 0 106.25
Chamindu Wickramasinghe c & b Wanindu Hasaranga 18 13 1 1 138.46
Dushan Hemantha st Dinesh Chandimal b Chaturanga de Silva 17 10 1 2 170.00
Dilshan Madushanka not out 1 1 0 0 100.00
Nuwan Thushara not out 1 2 0 0 50.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 168/9 (20 Overs, RR: 8.4)
Bowling O M R W Econ
Angelo Mathews 1 0 8 0 8.00
Dasun Shanaka 4 0 29 3 7.25
Mohammad Hasnain 4 0 31 1 7.75
Ramesh Mendis 4 0 25 0 6.25
Kamindu Mendis 2 0 29 0 14.50
Wanindu Hasaranga 4 0 35 4 8.75
Chaturanga de Silva 1 0 9 1 9.00