Home Sinhala Jaffna Kings නැවතත් LPL ශූරතාව ජයග්‍රහණය කරයි!

Jaffna Kings නැවතත් LPL ශූරතාව ජයග්‍රහණය කරයි!

LPL 2024

11
Galle Marvels vs Jaffna Kings

Galle Marvels කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් හිමි කරගත් Jaffna Kings කණ්ඩායම සිව් වැනි වරටත් IPL ශූරතාව හිමි කර ගැනීමට ඊයේ (21) රාත්‍රියේ සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට Jaffna නායක චරිත් අසලංක විසින් සමත් වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.

ඒ අනුව Galle Marvels කණ්ඩායම තරගයේ පළමු ඉනිම දියත් කිරීමේ අභියෝගය බාරගත් නමුත් ඔවුන්ට එයට සාර්ථකව මුහුණ දීමට නම් හැකියාවක් ලැබුණේ නැහැ.

Galle ඉනිමේ 7 වැනි පන්දුවාරය නිමා වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 24ක් පමණයි. කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Tim Seifert සහ භානුක රාජපක්ෂ විසින් සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ඉක්මන් ලකුණු 62ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී Seifertගේ පිත්තෙන් ලකුණු 47ක් ඉනිමට එක් වූ අතර, පන්දු 37ක් තුළ දියත් වූ මෙම ඉනිමට හයේ පහර 4ක් අන්තර්ගත වුනා.

ඉන් පසුව භානුක සමඟින් පිටියේ එක් වූ සහන් ආරච්ච්ගේ ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ නමුත්, එහි දී සහන්ගේ පිත්තෙන් වාර්තා වුනේ ලකුණු 16ක් පමණක් වීම විශේෂත්වයක්.

මේ අතරතුර භානුක විසින් සිය විස්සයි විස්ස දිවියේ වඩාත් වටිනා ඉනිමක් දියත් කිරීමට සමත් වූ අතර, ඔහු පන්දු 34ක් පමණක් වැය කරමින් ලකුණු 82ක් ලබා ගැනීමට සමත් වුනා. මෙම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් අන්තර්ගත වූ අතර, ඔහු විසින් Marvels ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී චරිත් අසලංකට එරෙහිව හයේ පහර 4ක් ද සහිතව ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මෙම ඉනිම නිසා Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී Jaffna Kings වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගන්නා අතරේ, Jason Behrendorff කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

Galle Marvels වෙතින් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසුනත් ඊයේ දිනයේ දී පැතුම් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී ගියා.

මින් පසුව මෙන්ඩිස් සමඟ Rilee Rossouw කඩුල්ලේ එක් වූ අතර ඔවුන් දෙදෙනා විසින් මෙතෙක් LPL ඉතිහාසයේ පිතිකරු යුගලයක් විසින් පිහිටවූ වඩාත් වටිනා ම සබඳතාවක් කරා පිය මැන්නා.

මෙහි දී ඔවුන් දෙදෙනා විසින් LPL ඉතිහාසයේ පිතිකරුවන් දෙදෙනකු අතර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටවූ හොඳම ලකුණු සබඳතාව පිහිටුවීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා පන්දු 93ක් තුළ ලකුණු 185ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී පසුගිය සෙනසුරාදා දිනයේ (20) දිනයේ ශතකයක් රැස් කළ කුසල් මෙන්ඩිස් පන්දු 40කින් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා. මේ අතර අනෙක් අන්තයෙන් පිතිකරණයේ යෙදුණු Rilee Rossouw විසින් පන්දු 53ක් තුළ නොදැවුණු ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 7කින් වර්ණවත් වුනා. මෙම ශතකය මෙවර තරගාවලියේ දී Jaffna Kings පිතිකරුවකු වාර්තා කළ සිව් වැනි ශතකය මෙන්ම, Rossouw විසින් වාර්තා කළ දෙවැනි ශතකය ලෙසයි වාර්තා අතරට එක් වුනේ.

  • තරගයේ වීරයා – Rilee Rossouw

මේ අනුව Jaffna Kings කණ්ඩායම සිව් වැනි වරටත් LPL ශූරතාව ජයග්‍රහණය කරනා අතරේ, Galle Marvels කණ්ඩායමට තෙවැනි වරටත් අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Galle Marvels
184/6 (20)

Jaffna Kings
185/1 (15.4)

Batsmen R B 4s 6s SR
Alex Hales c Dhananjaya de Silva b Jason Behrendorff 6 9 0 0 66.67
Niroshan Dickwella b Jason Behrendorff 5 8 0 0 62.50
Tim Seifert b Asitha Fernando  47 37 2 4 127.03
Janith Liyanage  c Fabian Allen b Asitha Fernando  7 8 1 0 87.50
Bhanuka Rajapaksa b Asitha Fernando  82 34 8 6 241.18
Sahan Arachchige c Dhananjaya de Silva b Azmatullah Omarzai 16 14 2 0 114.29
Dwaine Pretorius not out 12 10 0 1 120.00
Isuru Udana not out 2 1 0 0 200.00


Extras 7 (b 4 , lb 0 , nb 1, w 2, pen 0)
Total 184/6 (20 Overs, RR: 9.2)
Bowling O M R W Econ
Dhananjaya de Silva 2 0 14 0 7.00
Jason Behrendorff 4 0 18 2 4.50
Fabian Allen 2 0 10 0 5.00
Asitha Fernando  4 0 35 3 8.75
Vijayakanth Viyaskanth 3 0 39 0 13.00
Azmatullah Omarzai 3 0 29 1 9.67
Charith Asalanka 2 0 35 0 17.50


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Niroshan Dickwella b Dwaine Pretorius 0 1 0 0 0.00
Kusal Mendis not out 72 40 8 2 180.00
Rilee Rossouw not out 106 53 9 7 200.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 185/1 (15.4 Overs, RR: 11.81)
Bowling O M R W Econ
Dwaine Pretorius 2.4 0 18 1 7.50
Isuru Udana 3 0 42 0 14.00
Maheesh Theekshana 4 0 34 0 8.50
Sahan Arachchige 1 0 20 0 20.00
prabath jayasuriya 1 0 16 0 16.00
Janith Liyanage  2 0 30 0 15.00
Kavindu Nadeeshan 2 0 23 0 11.50