මෙවර LPL තරගාවලියේ 14 වැනි තරගයෙන් Kandy Falcons කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක පහසු ජයක් ලබා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය Galle කණ්ඩායමේ නිරෝශන් දික්වැල්ල සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් Kandy Falcons පිතිකරුවන් තරගයේ පළමු ඉනිම ක්‍රියාත්මක කළා.
මෙහි දී Kandy වෙනුවෙන් ඉනිම ආරම්භ කළ Andre Fletcher සහ දිනේශ් චන්දිමාල් විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක් එක් කිරීමට සමත් වූ අතර, චන්දිමාල්ගේ ඉනිම ලකුණු 32කින් නිමා වීමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණා. ඉන් පසුව කඩුල්ලට පිවිසි Kandy පිතිකරුවන්ට එතරම් සාර්ථක ඉනිම් දියත් කිරීමට හැකියාව නොලැබුණු අතර, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29කින් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 28කින් ඉනිමට දායක වුනා. කෙසේ වෙතත් Andre Fletcher විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට සමත් වෙමින් පන්දු 43කින් ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කිරීමට සමත් වුනා.
මේ නිසා නියමිත පන්දුවාර 20 තුළ Kandy Falcons කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී Galle Marvels වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් බිඳ හෙළන අතරේ, Dwayne Pretorius කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ඇසල වසන්තය හා එන LPL මෙහෙයුම
- LPL පිටියට එක් වෙන කොඩුකාරයෝ
- හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke 2024 LPL සමඟ එක් වෙයි!
- වනිඳු, මහීෂ් සහ තුෂාරට CPL වරම් ලැබෙයි
- දඹුල්ල කණ්ඩායමට නව හිමිකරුවෙක්
Kandy වෙතින් ලද අභියෝගය හඹ යාම සඳහා නායක නිරෝශන් දික්වැල්ල සහ Alex Hales පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුනා.
දික්වැල්ල ලකුණු 25කට දැවී යාම නිසා එම සබඳතාව නිමා වූ අතර, ඉන් පසුව පිටියට පිවිසි Tim Seifert හට ද වැඩි වෙලා කඩුල්ලේ රැඳී සිටීමට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් Galle ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස Seifert ලකුණු 107 දී පිටියෙන් ඉවත් වීමෙන් පසුව Hales සමඟ පිටියේ එක් වූ භානුක රාජපක්ෂ තෙවන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 81ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී භානුකගේ පිත්තෙන් පන්දු 26ක් තුළ ලකුණු 46ක් වාර්තා වුනා.
එමෙන්ම අනෙක් පසින් නොදැවී කඩුල්ලේ රැඳුණු Alex Hales පන්දු 55ක් තුළ ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් එල්ල වුනා.
මේ අනුව Galle Marvels කණ්ඩායම පන්දුවාර 19 පන්දු 2ක් තුළ නියමිත ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, තරගයේ වීරයා ලෙස විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත්තා.
තරගාවලියේ තරග 14ක් නිමා වන විට Jaffna Kings කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ලබාගැනීමට සමත් වී ඇති අතර, Galle Marvels කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැඳෙනවා.
2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Andre Fletcher | lbw b prabath jayasuriya | 69 | 43 | 6 | 4 | 160.47 |
Dinesh Chandimal | c Niroshan Dickwella b prabath jayasuriya | 32 | 14 | 2 | 3 | 228.57 |
Mohammad Haris | lbw b Maheesh Theekshana | 8 | 7 | 2 | 0 | 114.29 |
Kamindu Mendis | c Sahan Arachchige b Isuru Udana | 4 | 6 | 0 | 0 | 66.67 |
Angelo Mathews | c Alex Hales b Dwaine Pretorius | 29 | 15 | 2 | 2 | 193.33 |
Dasun Shanaka | c Alex Hales b Kavindu Nadeeshan | 4 | 5 | 0 | 0 | 80.00 |
Wanindu Hasaranga | b prabath jayasuriya | 0 | 1 | 0 | 0 | 0.00 |
Ramesh Mendis | c Sahan Arachchige b Dwaine Pretorius | 28 | 14 | 2 | 2 | 200.00 |
Kavindu Pathiratne | not out | 7 | 13 | 0 | 0 | 53.85 |
Kasun Rajitha | run out (Niroshan Dickwella) | 1 | 1 | 0 | 0 | 100.00 |
Shoriful Islam | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 4 (b 0 , lb 2 , nb 0, w 2, pen 0) |
Total | 187/9 (20 Overs, RR: 9.35) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dwaine Pretorius | 4 | 0 | 37 | 2 | 9.25 | |
Isuru Udana | 4 | 0 | 43 | 1 | 10.75 | |
Maheesh Theekshana | 4 | 0 | 41 | 1 | 10.25 | |
prabath jayasuriya | 4 | 0 | 30 | 3 | 7.50 | |
Kavindu Nadeeshan | 4 | 0 | 34 | 1 | 8.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c & b Wanindu Hasaranga | 25 | 22 | 2 | 1 | 113.64 |
Alex Hales | not out | 86 | 55 | 7 | 4 | 156.36 |
Tim Seifert | c Kamindu Mendis b Andre Fletcher | 16 | 13 | 1 | 1 | 123.08 |
Bhanuka Rajapaksa | not out | 46 | 26 | 5 | 2 | 176.92 |
Extras | 15 (b 0 , lb 3 , nb 0, w 12, pen 0) |
Total | 188/2 (19.2 Overs, RR: 9.72) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shoriful Islam | 2 | 0 | 29 | 0 | 14.50 | |
Kasun Rajitha | 2 | 0 | 28 | 0 | 14.00 | |
Dasun Shanaka | 2 | 0 | 15 | 0 | 7.50 | |
Ramesh Mendis | 3.2 | 0 | 34 | 0 | 10.62 | |
Wanindu Hasaranga | 4 | 0 | 29 | 1 | 7.25 | |
Kamindu Mendis | 4 | 0 | 39 | 0 | 9.75 | |
Andre Fletcher | 2 | 0 | 11 | 1 | 5.50 |