Home Sinhala Azmatullahගේ ප්‍රවේගකාරී ඉනිම Marvels පරාජයට පාර කපයි!

Azmatullahගේ ප්‍රවේගකාරී ඉනිම Marvels පරාජයට පාර කපයි!

LPL 2024

144
Lpl 2024 galle marvels vs jaffna kings

2024 LPL තරගාවලියේ 6 වැනි තරගය වූ Galle Marvels සහ Jaffna Kings අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට Jaffna Kings කණ්ඩායම ඊයේ (05) සමත් වුනා. 

තරගයේ කාසියේ වාසිය Jaffna නායක චරිත් අසලංක හට හිමි වූ අතර, ඔහුගේ ආරාධනයෙන් පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Galle Marvels විසින් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 187ක් ලබා ගැනීමට සමත් වුනා. 

මෙහි දී Marvels වෙනුවෙන් නිරෝශන් දික්වැල්ල ලකුණු 23ක් සහ Alex Hales ලකුණු 12ක් ලබා ගනිමින් ඉනිමට ආරම්භය සැපයූ අතර, ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත් වීමෙන් පසු කඩුල්ලට පිවිසි Tim Seifert සහ භානුක රාජපක්ෂ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක් එක් කිරීමට සමත් වුනා. 

භානුක ලකුණු 28කට පිටියෙන් ඉවත් වූ පසු සහන් ආරච්ච්ගේ, ජනිත් ලියනගේ සහ Dwaine Pretorius සමඟ සබඳතා පවත්වමින් නොදැවී ක්‍රීඩා කිරීමට සමත් වූ Seifert පන්දු 63ක් තුළ ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් ද එල්ල කළා. 

මෙහි දී Jaffna Kings වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Azmatullah Omarzai කඩුලු 2ක් බිඳ හෙළුවා. 

Galle Marvels වෙතින් ලද ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි Jaffna ඉනිමේ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි, කෙසේ වෙතත් අනෙක් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 16කින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඉනිමේ අංක තුන පිතිකරු වූ Rilee Rossouw පන්දු 42ක් තුළ වේගවත් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වුනා. 

කෙසේ වෙතත් Jaffna ඉනුමේ 17 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 142ක් පමණක් ලබා සිටි අතර, තරගය ජයග්‍රහණය කිරීම තරමක් අපහසු තත්වයකයි රැඳුණේ. නමුත් නායක චරිත් අසලංක සමඟ පිටියේ එක් වූ Azmatullah Omarzai විසින් තරගය ජයග්‍රහණය කරා කැඳවා යාමට සමත් වූ අතර, මෙහි දී Omarzai පන්දු 13ක් පමණක් වැය කරමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර 4ක් ද සමඟින් වේගවත් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුනා. 

Galle Marvels වෙනුවෙන් Zahoor Khan කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

Result


Galle Marvels
187/5 (20)

Jaffna Kings
191/5 (19.4)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella b Pramod Madushan 12 9 1 1 133.33
Alex Hales b Azmatullah Omarzai 23 19 3 1 121.05
Tim Seifert not out 104 63 12 6 165.08
Bhanuka Rajapaksa c Pathum Nissanka b Fabian Allen 28 19 2 1 147.37
Sahan Arachchige c Kusal Mendis b Azmatullah Omarzai 2 3 0 0 66.67
Janith Liyanage  run out (Avishka Fernando) 6 5 1 0 120.00
Dwaine Pretorius not out 0 0 0 0 0.00


Extras 12 (b 0 , lb 1 , nb 0, w 11, pen 0)
Total 187/5 (20 Overs, RR: 9.35)
Bowling O M R W Econ
Pramod Madushan 4 0 36 1 9.00
Azmatullah Omarzai 4 0 33 2 8.25
Asitha Fernando  4 0 40 0 10.00
Charith Asalanka 2 0 16 0 8.00
Vijayakanth Viyaskanth 2 0 19 0 9.50
Fabian Allen 4 0 42 1 10.50


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Alex Hales b Zahoor Khan 12 11 2 0 109.09
Kusal Mendis c Maheesh Theekshana b Isuru Udana 30 16 5 0 187.50
Rilee Rossouw c Janith Liyanage  b Zahoor Khan 67 42 8 3 159.52
Avishka Fernando c Sahan Arachchige b Dwaine Pretorius 14 11 2 0 127.27
Alex Ross b Maheesh Theekshana 13 17 0 0 76.47
Charith Asalanka not out 14 8 0 1 175.00
Azmatullah Omarzai not out 35 13 4 2 269.23


Extras 6 (b 0 , lb 2 , nb 0, w 4, pen 0)
Total 191/5 (19.4 Overs, RR: 9.71)
Bowling O M R W Econ
Dwaine Pretorius 4 0 34 1 8.50
Isuru Udana 4 0 42 1 10.50
Zahoor Khan 4 0 33 2 8.25
Maheesh Theekshana 4 0 29 1 7.25
Sahan Arachchige 1.4 0 25 0 17.86
Malsha Tharupathi 1 0 15 0 15.00
Janith Liyanage  1 0 11 0 11.00



තරගයේ වීරයා – Azmatullah Omarzai  

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<