2024 LPL තරගාවලියේ 10 වැනි තරගයෙන් Colombo Strikers කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Dambulla Sixers කණ්ඩායම ඊයේ (07) රාත්‍රියේ සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Dambulla නායක Mohammad Nabi පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව තරගයේ පළමු ඉනිම දියත් කළ Colombo කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී Colombo Strikers වෙනුවෙන් ඉනිම ආරම්භ කළ Rahmanullah Gurbaz සහ ඇන්ජලෝ පෙරේරා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක් එකතු කිරීමට සමත් වූ අතර, ලකුණු 41ක් ලබා සිටි ඇන්ජලෝ පෙරේරාගේ දුවද්දී දැවී යාමත් සමඟිනුයි එම සබඳතාව නිමා වුනේ.
Rahmanullah Gurbaz ද ලකුණු 37කට පිටියෙන් ඉවත් වූ අතර, එය Colombo ඉනිමේ ගලා යාමට විශාල බාධාවක් වුනා. කෙසේ වෙතත් ඉනිමේ අංක තුන පිතිකරු වූ Glenn Phillips හයේ පහර 3ක් සමඟින් පන්දු 36කින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වීම නිසා Colombo ඉනිම නැවතත් ගෞරවාන්විත මට්ටමකට පැමිණියා. මීට අමතරව ඉනිමේ අවසන් භාගයේ දී චාමික කරුණාරත්න හයේ පහර 2ක් ද සමඟ පන්දු 12කින් ලකුණු 27ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා.
මේ අතර Dambulla Sixers වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ නුවන් ප්‍රදීප් සහ නායක Mohammad Nabi කඩුලු 2 බැගින් බිඳ හෙළුවා.
- ඇසල වසන්තය හා එන LPL මෙහෙයුම
- වනිඳු, මහීෂ් සහ තුෂාරට CPL වරම් ලැබෙයි
- දඹුල්ල කණ්ඩායමට නව හිමිකරුවෙක්
- හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke 2024 LPL සමඟ එක් වෙයි!
- LPL පිටියට එක් වෙන කොඩුකාරයෝ
මින් පසුව මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය සොයා යාම සඳහා Dambulla Sixers වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම කුසල් ජනිත් පෙරේරාට සහ Reeza Hendricks හට පැවරුණු අතර, ඔවුන් එයට උපරිම සාධාරණයක් සිදු කරමින් පන්දුවාර 14 පන්දු 4ක් තුළ ලකුණු 154ක දැවැන්ත සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.
මෙහි දී Reeza විසින් පන්දු 39කින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් එල්ල කිරීමට සමත් වුනා.
මේ අතර කුසල් පෙරේරා විසින් පන්දු 50ක් තුළ ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 4කින් වර්ණවත් වුනා.
ඔවුන් දෙදෙනා ම ඉනිමේ ලකුණු සංඛ්‍යාව 155ක් වන විට ක්‍රීඩාගාරය වෙත හැරී ගිය නමුත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ ලහිරු උදාර සහ Mark Chapman තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.
Dambulla ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය ම Taskin Ahmed සතු වුනා.
තරගයේ වීරයා – කුසල් පෙරේරා
ඒ අනුව මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට Dambulla Sixers කණ්ඩායමට හැකියාව ලැබුණා.
2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<