2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) Playoff වටයේ තරග අද (21) ආරම්භ වුනා. එහි පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගය Kandy Falcons සහ Jaffna Kings අතර පැවැත්වුණු අතර එහි දී ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 24ක ජයක් ලබා ගත් Kings සෘජුවම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
කාසියේ වාසිය දිනූ Falkons නායක වනිඳු හසරංග පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. Kings වෙනස්කම් 3 සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනු අතර බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ සහ විජයකාන්ත් වියස්කාන්ත් අවසන් 11 දෙනා අතරට පැමිණියා.
මේ අතර Falcons මේ තරගය සඳහා වෙනස්කම් 4ක් සිදු කරමින්, පැතුම් නිස්සංක, Andre Fletcher, Carlos Brathwaite සහ ඉසුරු උදාන අවසන් 11 දෙනා අතරට පිවිසියේ මූලික වටයේ 19 වැනි තරගයේ දී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද මිනෝද් භානුක, කවීන් බණ්ඩාර, Oshane Thomas සහ Zahoor Khan වෙනුවටයි.
තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,
- Jaffna Kings XI: Avishka Fernando, Rahmanullah Gurbaz, Afif Hossain, Sadeera Samarawickrama (wk), Shoaib Malik, Thisara Perera (c), Dunith Wellalage, Zaman Khan, Binura Fernando, Maheesh Theekshana, Vijayakanth Viyaskanth
- Kandy Falcons XI: Pathum Nissanka, Andre Fletcher (wk), Kamindu Mendis, Ashen Bandara, Najibullah Zadran, Wanindu Hasaranga (c), Fabian Allen, Chamindu Wijesinghe, Carlos Brathwaite, Chamika Karunaratne, Isuru Udana
තරගාවලිය පුරාවට Falcons ආරම්භය සාර්ථක කර දීමට සවියක් වුනු නිස්සංක සහ Fletcher සුපුරුදු පරිදි මේ ඉනිම ආරම්භ කළ නමුත්, ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 8කට සීමා කරමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට Kings සමත් වුනා.
කෙසේ නමුත් ඉන්පසුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් නිස්සංක සමඟ එක්වූ කමිඳු පන්දු 43ක් තුල ලකුණු 61ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ට යම් ස්ථාවර ආරම්භයක් ලබා දුන් අතර එහි දී ඔවුන් Powerplay පන්දුවාර 6 තුල කඩුල්ලක් දැවී ලකුණු 39ක් ලබා ගත්තා.
එහි දී නිස්සංක පන්දු 31ක් තුල 4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 35ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනු අතර වියස්කාන්ත් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් දෙවැනි කඩුල්ලේ සබඳතාවය බිඳ වැටුණා. පන්දු 21ක් තුල ලකුණු 26ක් ලබාගෙන අංක 3 පිතිකරු ලෙස නැවතත් ලකුණු අතරට පිවිසීමට කමිඳු සමත් වුනා.
Falcons ඉනිම එතරම්ම අභියෝගාත්මක ලකුණු පුවරුවක් වෙත රැගෙන යාමට ඔවුන්ට හැකියාවක් නොලැබුණු අතර එහි දී ලකුණු 9 ඉක්මවා ගිය සබඳතාවයන් වාර්තා වුනේ 3ක් පමණයි. Falcons ඉනිම තුල වාර්තා වුනු එකම අර්ධ ශතක සබඳතාවය ගොඩනැංවුනේ නිස්සංක සහ කමිඳු අතරයි.
පන්දුවාර 16කුත් පන්දුවක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 115ක් ලෙස සටහන්ව තිබුණු Falcons ඉනිම තරමක හෝ සටන්කාමී මට්ටමක් වෙත රැගෙන ගිය Brathwaite (ලකුණු 12) සහ චාමික (ලකුණු 14) 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක සබඳතාවයක් ගොඩනැංවූවා.
අවසානයේ දී නියමිත පන්දුවාර 20 තුල ඔවුන්ට කඩුලු 8ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 143ක් පමණයි. පන්දු යැවීමේ දී Kings වෙනුවෙන් වියස්කාන්ත් කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන විට, මහීෂ් කඩුලු 2ක් දවා ගත්තා.
- වත්මන් ශූරයෝ දෙවැන්නා ලෙස මූලික වටයට තිත තබයි
- Falcons ක්‍රීඩකයින් Aura බලාපොරොත්තු තවදුරටත් සුන් කරයි
- Allen සහ Brathwaiteගේ දස්කම් Falconsට ජය ගෙනෙයි
- Colombo Stars කණ්ඩායමෙන් අතිවිශිෂ්ට ලුහුබැඳ යාමක්!
Falcons හමුවේ මූලික වටයේ තරග දෙකම පරාජය වූ Kings කණ්ඩායමට මේ තරගය ජය ගැනීම වෙනුවෙන් හඹා යා යුතුව තිබුණු ඉලක්කය ලකුණු 144ක්.
මෙවර තරගාවලිය තුල පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයන් දෙකක් ගොඩනැංවූ අවිශ්ක සහ Gurbaz පන්දු 11ක් තුල වේගවත් ලකුණු 27ක සබඳතාවයක් ගොඩනැංවූවා.
ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් Powerplay අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ලබා ගත් අවිශ්ක පන්දු 11ක දී 4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 21ක් ලබාගෙන දස්කම් දැක්වූවා. තරගාවලිය පුරාවට පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ Brathwaite සිය ප්‍රතිවාදීන්ගේ පළමු කඩුලු දෙකම තමන් සතු කරගත්තා. Afif ලකුණු 14කට දවා ගැනීමට චාමික සමත් වුනා.
සදීර සහ වෙල්ලාලගේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 36*ක සබඳතාවයක් ගොඩනංවමින් සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.
පන්දුවාර 11ක් අවසානයේ දී Kings කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටිය දී මේ තරගයට දෙවැනි වරටත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.
ඒ වන විට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඔවුන්ට ලකුණු 74ක ඉලක්කයක් අවශ්‍යව තිබුණා. ඒ නිසාවෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට (D/L) අනුව ලකුණු 24ක ජයක් ලබා ගත් Kings මේ මස 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | b Vijayakanth Viyaskanth | 35 | 31 | 5 | 0 | 112.90 |
Andre Fletcher | c Vijayakanth Viyaskanth b Thisara Perera | 2 | 6 | 0 | 0 | 33.33 |
Kamindu Mendis | c Thisara Perera b Vijayakanth Viyaskanth | 26 | 21 | 3 | 0 | 123.81 |
Ashen Bandara | b Vijayakanth Viyaskanth | 13 | 13 | 1 | 0 | 100.00 |
Najibullah Zadran | st Sadeera Samarawickrama b Mahesh Theekshana | 22 | 17 | 0 | 1 | 129.41 |
Wanidu Hasaranga | c Shoaib Malik b Zaman Khan | 3 | 4 | 0 | 0 | 75.00 |
Fabian Allen | c Rahmanullah Gurbaz b Mahesh Theekshana | 6 | 4 | 1 | 0 | 150.00 |
Carlos Brathwaite | c Thisara Perera b Binura Fernando | 12 | 10 | 0 | 1 | 120.00 |
Chamika Karunaratne | not out | 14 | 13 | 0 | 0 | 107.69 |
Isuru Udana | not out | 2 | 1 | 0 | 0 | 200.00 |
Extras | 8 (b 0 , lb 4 , nb 0, w 4, pen 0) |
Total | 143/8 (20 Overs, RR: 7.15) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Thisara Perera | 2 | 0 | 17 | 1 | 8.50 | |
Binura Fernando | 4 | 0 | 23 | 1 | 5.75 | |
Zaman Khan | 4 | 0 | 31 | 1 | 7.75 | |
Mahesh Theekshana | 4 | 0 | 24 | 2 | 6.00 | |
Vijayakanth Viyaskanth | 4 | 0 | 30 | 3 | 7.50 | |
Shoaib Malik | 2 | 0 | 14 | 0 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rahmanullah Gurbaz | c Isuru Udana b Carlos Brathwaite | 10 | 8 | 0 | 1 | 125.00 |
Avishka Fernando | c Kamindu Mendis b Carlos Brathwaite | 21 | 11 | 5 | 0 | 190.91 |
Afif Hossain | c & b Chamika Karunaratne | 14 | 9 | 2 | 0 | 155.56 |
Sadeera Samarawickrama | not out | 15 | 15 | 1 | 0 | 100.00 |
Dunith wellalage | not out | 19 | 23 | 2 | 0 | 82.61 |
Extras | 19 (b 0 , lb 0 , nb 0, w 19, pen 0) |
Total | 98/3 (11 Overs, RR: 8.91) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isuru Udana | 2 | 0 | 31 | 0 | 15.50 | |
Carlos Brathwaite | 3 | 0 | 32 | 2 | 10.67 | |
Chamika Karunaratne | 2.4 | 0 | 15 | 1 | 6.25 | |
Wanidu Hasaranga | 2 | 0 | 8 | 0 | 4.00 | |
Fabian Allen | 1 | 0 | 8 | 0 | 8.00 | |
Chamindu Wijesinghe | 0.2 | 0 | 4 | 0 | 20.00 |
ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගෙන මූලික වටය අවසන් කළ Falcons Eliminator තරගය ජය ගන්නා කණ්ඩායම සමඟ හෙට (22) රාත්‍රියේ දී Qualifier 2 තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇති. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<