LPL ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය වූ Galle Gladiators සහ Colombo Stars අතර තරගය අද (11) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.
තරගයේ වීරයා බවට පත් වූ ලහිරු උදාර පිතිකරණයෙන් දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසාවෙන් මෙම තරගය ලකුණු 25කින් ජයග්‍රහණය කරන්නට Gladiators සමත් වුනා.
කාසියේ වාසිය දිනූ Gladiators පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. Gladiators වෙනස්කම් දෙකක් සිදු කරමින් පෙර තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණු මොවින් සුබසිංහ වෙනුවට ලහිරු උදාර ද, පුලින තරංග වෙනුවට ලක්ෂාන් සඳකැන්ව ද අද තරගයට ආදේශ කර තිබුණා.
එසේම මෙතෙක් පැවති තරග දෙකේ දී එක් තරගයක් ජය ගෙන සිටින Stars කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් අද තරගයට අවතීර්ණ වුනා.
Galle Gladiators XI: Kusal Mendis (c), Thanuka Dabare, Nuwanidu Fernando, Iftikhar Ahmed, Azam Khan (wk), Imad Wasim, Nuwan Pradeep, Nuwan Thushara, Wahab Riaz, Lahiru Udara, Lakshan Sandakan
Colombo Stars XI: Niroshan Dickwella (wk), Angelo Mathews (c), Navod Paranavithana, Ravi Bopara, Charith Asalanka, Dinesh Chandimal, Karim Janat, Dominic Drakes, Suranga Lakmal, Jeffrey Vandersay, Naveen-ul-Haq
නායක මෙන්ඩිස් සහ දාබරේ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50ක දී ලකුණු 75ක සබඳතාවයක් ගොඩනැංවූවා. 4 පහර 5ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 27ක දී ලකුණු 39ක් ලබා ගත් මෙන්ඩිස්ගේ දැවී යාමට පසුව ලබා ගත් ලකුණු 36 තුල තවත් Gladiators කඩුලු 3ක් බිඳ වැටුණු නිසාවෙන් ඔවුන් Powerplay පන්දුවාර 6ට පසුව තරමක් පසුපසට ගියා.
අංක 3 පිතිකරු ලෙස මෙවර LPL තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කළ උදාර පන්දු 30ක් තුල නොදැවී ලබා ගත් වේගවත් ලකුණු 45* නිසාවෙන් නැවතත් ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් ද සමඟ ස්ථාවර ලකුණු සටහනක් වෙත යාමට අවශ්‍ය අඩිතාලම සකස් කරගන්නට Gladiatorsට හැකි වුනා. උදාරගේ එම සටන්කාමී ඉනිම 4 පහර 5කින් සහ 6 පහරකින් වර්ණවත් වුනා.
ඔහුට අනගි සහයක් දෙමින් 5 වැනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් (පන්දු 31ක දී ලකුණු 50ක්) ගොඩනැංවීමට උරදුන් නුවනිඳු පන්දු 16ක දී ලකුණු 29ක් ලබා ගත්තා. අවසානයේ දී Gladiators නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වැන්ඩර්සේ ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා.
- Jaffna Kings පිතිකරුවන් LPL ඉතිහාසය වෙනස් කරයි
- චාමිකගේ අලුත්ම සෞඛ්‍ය තත්වය
- Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී
- Greys ක්‍රීඩිකාවෝ Reds ක්‍රීඩිකාවන්ට එකට එක කරයි
- Ishan kishan සිය වාර්තාගත ඉනිමෙන් පසුව හැඟීම්බර වෙයි!
පිළිතුරු ඉනිම දියත් කළ Stars ආරම්භය ද තරමක ස්ථාවර ආරම්භයක් බවට පත් කරමින් නායක මැතිව්ස් සහ දික්වැල්ල පන්දු 26ක් තුල ලකුණු 31ක ආරම්භයක් ගොඩනැංවූවා. පළමු කඩුල්ල බිඳ වැටුණු පසුව Stars ලකුණු පුවරුවට සෙමින් සෙමින් තවත් ලකුණු 16ක් එකතු වන විට ඔවුන්ගේ තවත් මුල්පෙළ කඩුලු 3ක් බිඳ වැටුණා.
පන්දුවාර 8කුත් පන්දු 2ක් අවසානයේ ලකුණු 47/4ක් ලෙස සටහන් වුනු Stars ඉනිම යම් මට්ටමකට ගොඩනැංවීමට, 6 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ දික්වැල්ල සහ අංක 6 පිතිකරු Bopara එක්ව පන්දු 40ක් තුල වාර්තා කළ ලකුණු 52* සබඳතාවයක් පිටිවහලක් වුනා.
මෙවර තරගාවලිය තුල නොකඩවා ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගත් දික්වැල්ල පන්දු 44ක දී ලකුණු 58ක් ලබාගෙන තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනු අතර ඔහුගේ ඉනිම 4 පහර 8කින් අලංකාරවත් වුනා. Bopara ලකුණු 46යි. ප්‍රදීප්, Wahab සහ Iftikhar කඩුලු දෙක බැගින් දවා ගත්තා.
අවසානයේ දී Stars කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 149ක් පමණයි. ඒ අනුව Gladiators මෙවර LPL තරගාවලියේ දී ලබා ගත් පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට අද සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thanuka Dabare | c & b Jeffrey Vandersay | 36 | 27 | 5 | 0 | 133.33 |
Kusal Mendis | c Niroshan Dickwella b Ravi Bopara | 39 | 27 | 5 | 2 | 144.44 |
Lahiru Udara | not out | 45 | 30 | 5 | 1 | 150.00 |
Azam Khan | c Suranga Lakmal b Nawod Paranavithana | 8 | 13 | 1 | 0 | 61.54 |
Iftikhar Ahmed | b Jeffrey Vandersay | 2 | 4 | 0 | 0 | 50.00 |
Nuwanidu Fernando | c Jeffrey Vandersay b Naveen Ul Haq | 29 | 16 | 3 | 2 | 181.25 |
Imad Wasim | c Karim Janat b Dominic Drakes | 6 | 3 | 1 | 0 | 200.00 |
Wahab Riaz | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 8 (b 0 , lb 2 , nb 1, w 5, pen 0) |
Total | 174/6 (20 Overs, RR: 8.7) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Angelo Mathews | 1 | 0 | 8 | 0 | 8.00 | |
Suranga Lakmal | 2 | 0 | 21 | 0 | 10.50 | |
Naveen Ul Haq | 4 | 0 | 41 | 1 | 10.25 | |
Dominic Drakes | 3 | 0 | 32 | 1 | 10.67 | |
Charith Asalanka | 1 | 0 | 7 | 0 | 7.00 | |
Jeffrey Vandersay | 4 | 0 | 31 | 2 | 7.75 | |
Ravi Bopara | 1 | 0 | 4 | 1 | 4.00 | |
Nawod Paranavithana | 4 | 0 | 28 | 1 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | not out | 58 | 44 | 8 | 0 | 131.82 |
Angelo Mathews | c Kusal Mendis b Nuwan Thushara | 9 | 10 | 2 | 0 | 90.00 |
Karim Janat | c Azam Khan b Wahab Riaz | 0 | 6 | 0 | 0 | 0.00 |
Nawod Paranavithana | b | 3 | 3 | 0 | 0 | 100.00 |
Charith Asalanka | c Kusal Mendis b Iftikhar Ahmed | 5 | 7 | 0 | 0 | 71.43 |
Ravi Bopara | c Kusal Mendis b Nuwan Pradeep | 46 | 35 | 2 | 3 | 131.43 |
Dinesh Chandimal | c Imad Wasim b Nuwan Pradeep | 16 | 9 | 2 | 0 | 177.78 |
Dominic Drakes | c Nuwanidu Fernando b Wahab Riaz | 2 | 4 | 0 | 0 | 50.00 |
Suranga Lakmal | not out | 4 | 2 | 1 | 0 | 200.00 |
Extras | 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0) |
Total | 149/7 (20 Overs, RR: 7.45) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Imad Wasim | 4 | 0 | 24 | 0 | 6.00 | |
Nuwan Thushara | 4 | 1 | 23 | 1 | 5.75 | |
Nuwan Pradeep | 4 | 0 | 52 | 2 | 13.00 | |
Wahab Riaz | 4 | 0 | 21 | 2 | 5.25 | |
Iftikhar Ahmed | 2 | 0 | 12 | 2 | 6.00 | |
Lakshan Sandakan | 2 | 0 | 17 | 0 | 8.50 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<