නිරෝෂන් දික්වැල්ලගේ පිතිකරණ සහ කඩුලු රැකීමේ දක්ෂතාත්, වේගපන්දු බල ඇණියේ සවියත් නිසා අද (08) Dambulla Aura කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුනා. ඒ ලකුණු 9ක පරතරයකිනුයි.
සූරියවැව ක්‍රීඩාංගණය අවට අද සීතල කාලගුණයක් සහ වේගවත් සුළඟක් පැවති අතර කාසියේ වාසිය ජය ගත් ඇන්ජලෝ මැතිව්ස් අද මුලින් පන්දුවට පහර දීම තෝරා ගත්තා. අද Dambulla Aura වෑන් මීකරන් සහ රමේෂ් මෙන්ඩිස් වෙනුවට ටොම් ඒබෙල් සහ තරිඳු රත්නායක කණ්ඩායමට ඇතුළත් කර තිබුණා.
Stars පසුගිය තරගයේ දී ලැබූ අන්ත පරාජයෙන් පසු අද වෙනස්කම් 4ක් සමඟින් කණ්ඩායම සම්පූර්ණයෙන්ම කණපිට හරවා තිබුණේ සීක්කුගේ ප්‍රසන්න, බෙනී හවෙල්, කීමෝ පෝල් සහ මුදිත ලක්ෂාන් වෙනුවට කරීම් ජනත්, නවෝද් පරණවිතාන, නවීන් උල් හක් සහ ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවමිනුයි.
තරගය ආරම්භ වූ මොහොතේ සිට පසුගිය තරගයේ දී දුවද්දී දැවී යාමකට හසුවුනු දික්වැල්ල අද වඩාත් සුපරික්ෂාකාරී වෙමින් තම ලකුණු මල්ල පුරවා ගැනීම ආරම්භ කළා.
නමුත් Dambulla Aura වෙනුවෙන් පන්දු යැවීම ඇරඹූ ලහිරු කුමාරගේ තර්ජනය හමුවේ අනෙක් අන්තයේ පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු 26ක් වෙද්දී ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්වුනා.
ලහිරුගේ වේගය හමුවේ කල් මැනීම අසාර්ථක කර ගත් නායක මැතිව්ස් ලකුණු 4කට දැවී යද්දී, 20 හැවිරිදි නවෝද් පරණවිතාන අද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුනේ තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දීමයි. කෙසේ වෙතත් පුනරූපන මගින් එය නොදැවීමක් ලෙස දර්ශනය වුව ද, Dambulla කණ්ඩායම එම තීරණය අභියෝගයට ලක් කළේ නැහැ.
චරිත් අසලංක හයේ පහරක් එල්ල කරමින් ලහිරු කුමාරට පිළිතුරු බැඳීමට සූදානම් වුවද, ඊළඟ පන්දුවේ දී ඔහුටම කඩුල්ල පූජා කරමින් දැවී ගියා. මේ මොහොතේ සබඳතාවයක් ගොඩ නැගීමට දික්වැල්ලට සහය වන්නේ අත්දැකීම් සහිත එංගලන්ත පිතිකරු රවී බොපාරායි. ඔහු අද පන්දු 25ක දී ලබා ගත් ලකුණු 26 අවස්ථාවේ හැටියට හොඳ ඉනිමක් ලෙස නම් කළ හැකියි.
බොපාරා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමෙන් පසු දිනේෂ් චන්දිමාල් ඉනිම අවසන් වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටින්නට සමත් වුනා. ඒ ලකුණු 29ක් ලබා ගනිමිනුයි. දික්වැල්ල අද කලකට පසු ඔහුගේ සුපුරුදු ප්‍රහාරය දියත් කරමින් පන්දු 41ක් තුල රැස්කළ ලකුණු ප්‍රමාණය 62ක්. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 2කින් හැඩවුනා.
Colombo Kingsට තම පන්දුවාර 20 තුල දී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් කරා යාමට පසුපෙළ පිතිකරුවෙකු ලෙස ඩොමිනික් ඩ්‍රේක්ස් ලබා දුන් දායකත්වය ද අමතක කළ නොහැකියි. ඔහු පන්දු 12ක දී වේගවත් ලකුණු 18ක් රැස් කළා. පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 36කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත් වෙද්දී, තරිඳු රත්නායක, සිකන්දර් රාසා සහ ලහිරු මදුශංක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
- Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී
- සුපිරි ජයක් සමඟින් Jaffna Kings ලකුණු සටහනේ පෙරමුණ ගනියි
- ෆ්ලෙචර් – වනිඳු සුසංයෝගය කොළඹට තරු පෙන්වයි!
- ලංකා ප්‍රිමියර් ලීගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් වෙයි
මේ දක්වා නිමා වූ LPL තරග දෙස බැලීමේ දී ලකුණු 166ක ඉලක්කයක් යනු දුෂ්කර අභියෝගයක් ලෙස සැලකිය හැකි වුව ද, Dambulla Aura යොවුන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා එය සැහැල්ලුවෙන් හඹා යාම ආරම්භ කළා. ඒ පළමු කඩුල්ල වෙනුවෙන් ඉක්මන් ලකුණු 53ක් එක් කරමිනුයි.
දෙදෙනා අතරින් වඩාත් ප්‍රහාරාත්මක පිතිකරුවා වූ ජෝර්ඩන් කොක්ස් පන්දු 15කින් ලකුණු 29ක් ලබා ගනිද්දී, ශෙවෝන් ඩැනියෙල් ලකුණු 28ක් ලබා ගත්තේ කණ්ඩායම තමන්ගෙන් බලාපොරොත්තු වන රාජකාරිය ඉටු කරමිනුයි. භානුක රාජපක්ෂ අද ලකුණු 17ක් ලබා සිටිය දී මිඩ් විකට් දෙසින් එල්ල කිරීමට ගිය හයේ පහර වැරදීමෙන් දැවී ගියා.
නමුත් එංගලන්ත පිතිකරු ටොම් ඒබෙල්ගේ ප්‍රහාරය නිසා Dambulla Aura කණ්ඩායම දිගින් දිගටම සිටියේ ජය මාවත තුලයි. ටොම් ඒබෙල් අද පන්දු 22ක දී ලකුණු 33ක් රැස් කළේ කල්යල් මැන එල්ල කළ හතරේ පහර 5ක්ද සමඟයි. ඒබෙල් දැවී යන විට Dambulla ඉනිම ලකුණු 111කට කඩුලු 4ක් ලෙස දිස්වූ අතර ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ පන්දු 38ක දී ලකුණු 55ක් පමණයි.
නමුත් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වූ දික්වැල්ල සිකන්දර් රාසා සහ ලහිරු මදුශංක පිටියෙන් ඉවත් කිරීමට රැක ගත් සුපිරි උඩපන්දු 2ක් නිසා තරගය නැවතත් දෙපිළටම විවෘත වුනා. එහි දී Dambulla Aura පසුපෙළ පිතිකරුවන් තමන්ට භාරවී ඇති රාජකාරිය හරිහැටි වටහා නොගත් බව පෙනුණු අතර නායක දසුන් ශානකට ඔවුන්ගෙන් කිසිදු සහයක් හිමි වුනේ නැහැ.
අවසන් පන්දුවාරයට Dambulla Aura කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 23ක ඉලක්කයක් හිමි වූ අතර දසුන් පිට පිටම හයේ පහර ද්විත්වයක් එල්ල කරමින් ඒ සඳහා උත්සාහ කළ ද, එය සාර්ථක වුනේ නැහැ. මේ අනුව අද හිමි වූ ජයග්‍රහණය සමඟ Colombo Stars කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබුවා.
විශේෂත්වයක් වන්නේ මන්දගාමී තණතිල්ලක් ලෙස හැසිරුණු සූරියවැව දී Stars දඟපන්දු යවන්නන්ගෙන් පන්දුවාර 3ක් පමණක් ක්‍රියාත්මක කරමින් මෙම ජයග්‍රහණය ලැබීමට සමත් වීමයි. තම නායකයා වෙනුවෙන් උපරිමය ලබා දුන් සුරංග ලක්මාල්, ඩොමිනික් ඩ්‍රේක්ස් සහ කරීම් ජනත් යන වේගපන්දු යවන්නන් කඩුලු 2 බැගින් බෙදා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c Lahiru Madushanka b Tharindu Rathnayake | 62 | 41 | 8 | 2 | 151.22 |
Angelo Mathews | c Sikandar Raza b Lahiru Kumara | 4 | 3 | 1 | 0 | 133.33 |
Nawod Paranavithana | lbw b Lahiru Kumara | 0 | 1 | 0 | 0 | 0.00 |
Charith Asalanka | c Chathuranga de Silva b Lahiru Kumara | 6 | 6 | 0 | 1 | 100.00 |
Ravi Bopara | run out (Jordan Cox) | 26 | 25 | 2 | 1 | 104.00 |
Dinesh Chandimal | not out | 29 | 23 | 2 | 1 | 126.09 |
Karim Sadiq | b Sikandar Raza | 2 | 4 | 0 | 0 | 50.00 |
Dominic Drakes | c Jordan Cox b Lahiru Kumara | 18 | 12 | 2 | 1 | 150.00 |
Suranga Lakmal | c Chathuranga de Silva b Lahiru Madushanka | 6 | 3 | 0 | 1 | 200.00 |
Jeffrey Vandersay | not out | 5 | 2 | 1 | 0 | 250.00 |
Extras | 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0) |
Total | 165/8 (20 Overs, RR: 8.25) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Kumara | 4 | 0 | 36 | 4 | 9.00 | |
Sikandar Raza | 4 | 0 | 31 | 1 | 7.75 | |
Tharindu Rathnayake | 3 | 0 | 20 | 1 | 6.67 | |
Lahiru Madushanka | 2 | 0 | 17 | 1 | 8.50 | |
Dasun Shanaka | 2 | 0 | 20 | 0 | 10.00 | |
Noor Ahmad | 3 | 0 | 23 | 0 | 7.67 | |
Chathuranga de Silva | 2 | 0 | 17 | 0 | 8.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shevon Daniel | c Karim Janat b Dominic Drakes | 28 | 27 | 4 | 0 | 103.70 |
Jordan Cox | c Dominic Drakes b Suranga Lakmal | 29 | 15 | 6 | 0 | 193.33 |
Bhanuka Rajapaksha | c Nawod Paranavithana b Karim Janat | 17 | 14 | 2 | 0 | 121.43 |
Tom Abell | c Jeffrey Vandersay b Suranga Lakmal | 33 | 22 | 5 | 0 | 150.00 |
Dasun Shanaka | not out | 31 | 20 | 2 | 2 | 155.00 |
Sikandar Raza | c Niroshan Dickwella b Karim Janat | 0 | 3 | 0 | 0 | 0.00 |
Lahiru Madushanka | c Niroshan Dickwella b Naveen Ul Haq | 4 | 4 | 0 | 0 | 100.00 |
Chathuranga de Silva | b Dominic Drakes | 4 | 5 | 0 | 0 | 80.00 |
Tharindu Rathnayake | not out | 8 | 10 | 1 | 0 | 80.00 |
Extras | 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0) |
Total | 156/7 (20 Overs, RR: 7.8) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Angelo Mathews | 1 | 0 | 10 | 0 | 10.00 | |
Suranga Lakmal | 4 | 0 | 29 | 2 | 7.25 | |
Dominic Drakes | 4 | 0 | 35 | 2 | 8.75 | |
Naveen Ul Haq | 4 | 0 | 22 | 1 | 5.50 | |
Charith Asalanka | 1 | 0 | 3 | 0 | 3.00 | |
Jeffrey Vandersay | 2 | 0 | 19 | 0 | 9.50 | |
Ravi Bopara | 1 | 0 | 7 | 0 | 7.00 | |
Karim Janat | 3 | 0 | 30 | 2 | 10.00 |
අද තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පිත්තෙන් මෙන්ම කඩුලු රැකීමෙන් ද විශිෂ්ට දක්ෂතා දැක්වූ නිරෝෂන් දික්වැල්ලටයි.
LPL තරගාවලියේ මීළඟ තරගය අනිද්දා (10) Kandy Falcons සහ Jaffna Kings අතර පැවැත්වීමට නියමිතයි. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. ඒ සියලු තොරතුරු ThePapare.com වෙතින් ඔබට දැන ගත හැකියි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<