ශ්‍රී ලාංකිකයන්ගේ බොහෝ බලාපොරොත්තු පොදි බැඳි, දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය (30දා) Durban හි දී නිමා වෙන්නේ සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 233ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනුයි.
මෙම තරගයට පිවිසෙන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5 වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව මෙම තරග ජයග්‍රහණයත් සමඟින් 2 වැනි ස්ථානය දක්වා උසස් වීමකට ලක් වූ අතර එතෙක් එම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවට සිදු වෙන්නේ 5 වැනි ස්ථානය දක්වා පහළ බැසීමටයි.
එපමණක් නොව ශ්‍රී ලංකාව ලත් මෙම තරග පරාජයත් සමඟින් අවාසනාවන්ත තරග වාර්තා කිහිපයක් ම තමන් නමින් ලියා ගැනීමට ද ඔවුන්ට සිදු වුනා.
42: දකුණු අප්‍රිකාව හමුවේ දැවී ගිය මෙම ඉනිම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතරට එක් වුනා.
එහි දී පැතුම් නිස්සංක (3), දිමුත් කරුණාරත්න (2), දිනේෂ් චන්දිමාල් (0), ඇන්ජලෝ මැතිව්ස් (1), කමිඳු මෙන්ඩිස් (13), ධනංජය ද සිල්වා (7), කුසල් මෙන්ඩිස් (0), ප්‍රභාත් ජයසූරිය (0), විශ්ව ප්‍රනාන්දු (0), ලහිරු කුමාර (නොදැවී 10) සහ අසිත ප්‍රනාන්දු (0)ක් ලෙසින් තම ඉනිම් නිමා කර ගනිද්දී අතිරේක ලකුණු 6ක් ද සමඟින් එම ඉනිම සමන්විත වූවා.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙලෙසින් දැවී ගිය අඩු ම ලකුණු ප්‍රමාණය බවට පත් ව තිබුණේ මීට වසර 30කට පෙර 1994 වසරේ දී මහනුවර, අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය හමුවේ ලකුණු 71කට දැවී යෑමයි.
එලෙසින් වාර්තා අතරට එක් වූ එම ඉනිම වෙනුවෙන් කණ්ඩායමේ ඉහළ ම දක්ෂතාව දැක් වූ පිතිකරු වූයේ පුබුදු දසනායකයි. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.
අනෙක් පිතිකරුවන් වූ රොෂාන් මහානාම (2), දුලිප් සමරවීර (6), සංජීව රණතුංග (5), අරවින්ද ද සිල්වා (7), නායක අර්ජුන රණතුංග (0), හෂාන් තිලකරන්ත (9), රුවන් කල්පගේ (6), කුමාර් ධර්මසේන (0) චමින්ද වාස් (0) සහ රවින්ද්‍ර පුෂ්පකුමාර (6) අඩු ලකුණවලට සීමා වුනා.
ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමීමේ දී Waqar Younis ලකුණු 34කට කඩුලු 6ක් දවා ගත් අතර Wasim Akram ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා.
ශ්‍රී ලංකාව අඩුම ලකුණු ලබා ගත් ටෙස්ට් ඉනිම් 5
ප්‍රතිවාදීන් | ලකුණු | පන්දුවාර | ඉනිම | ක්‍රීඩාංගණය | වසර | |
1 | දකුණු අප්‍රිකාව | 42 | 13.5 | 2 | Durban | 2024 |
2 | පාකිස්තානය | 71 | 28.2 | 1 | අස්ගිරිය | 1994 |
3 | පාකිස්තානය | 73 | 24.5 | 3 | අස්ගිරිය | 2006 |
4 | එංගලන්තය | 81 | 28.1 | 3 | SSC | 2001 |
5 | ඉන්දියාව | 82 | 51.5 | 2 | Chandigarh | 1990 |
- එමෙන් ම මෙම ලකුණු ප්‍රමාණය ලෝක ටෙස්ට් ශූරතාවලියේ කණ්ඩායමක් ලබා ගත් අඩු ම ලකුණු අතර 2 වැනි ස්ථානයට පත් ඉනිම බවට ද පත් වුනා. මෙහි වාර්තාව රැඳී තිබෙන්නේ 2020 වසරේ දී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර Adelaideහි දී පැවැති තරගයේ දී ඉන්දිය කණ්ඩායම දැවී ගිය ලකුණු 36යි.
- මෙම ඉනිම ලෝක ටෙස්ට් තරග ඉනිම් අතර ලැයිස්තු ගත වෙන්නේ තෙවැනියට අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය ලකුණු සංඛ්‍යාව ලෙසයි. එහි පළමු ස්ථාන ද්විත්වය ම වෙන් ව තිබෙන්නේ දකුණු අප්‍රිකාවට වන අතර ප්‍රතිවාදීන් වී ඇත්තේ එංගලන්තයයි.
මේ ලැයිස්තුවේ පළමු අසුන 1896 වසරේ දී Gqeberha හි දී දැවී ගිය ලකුණු 30ටත් සහ දෙවැනි අසුන 1899 දී Cape Town හි දී දැවී ගිය ලකුණු 35ටත් හිමි වෙනවා.
- ඊට අමතර ව මෙම ලකුණු ප්‍රමාණය දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් දවාලූ අඩු ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා. ඊට පෙර දකුණු අප්‍රිකාව ඉදිරියේ රඟ දැක්වී තිබු දුර්වල ම ඉනිම ලෙසින් සටහන් ව තිබුණේ 2013 වසරේ දී Cape Townහි දී නවසීලන්තය පන්දුවාර 19.2ක දී දැවී ගිය ලකුණු 45යි.
- ශ්‍රී ලංකාව මීට පෙර දකුණු අප්‍රිකාව ඉදිරියේ දැවී ගොස් තිබූ අඩු ම ලකුණු ප්‍රමාණය වී තිබුණේ 2001 වසරේ ජනවාරියේ දී Cape Town හි දීලකුණු 95කට දැවී යෑමයි.
- ලෝක ටෙස්ට් ශූරතාවලියට අභියෝග කරන තරගාවලියක් අභිමුව
- ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරග පුරාණය
- ටෙස්ට් ලෝක වාර්තා පොත් පෙරළූ ඒ අසහාය තරගය
- ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සහයට දකුණු අප්රිකානුවෙක්
- අපට හමුවෙන දකුණු අප්‍රි
13.5: මෙම අවාසනාවන්ත ඉනිම පන්දුවාර 13.5කට සීමා වූ අතර එය ලෝක ඉතිහාසයේ අඩු ම පන්දුවාර ප්‍රමාණයකින් නිමා වූ ඉනිම් අතර 2 වැන්න බවට පත් වුනා.
එහි පළමු අසුන මෙතෙක් හිමි ව තිබෙන්නේ මීට වසර 100කට පෙර වූ වාර්තාවකටයි.
1924 වසරේ දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරග 5ක තරගාවලියක් සඳහා එංගලන්තයට යන අතර එහි පළමු තරගයේ දී මෙම අවාසනාවන්ත වාර්තාවට හිමිකම් කීමට දකුණු අප්‍රිකාවනුවන්ට සිදු වෙනවා. Birmingham හී Edgbaston ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී සංචාරක දකුණු අප්‍රිකානුවෝ ලකුණු 30කට දැවි යන අතර ඒ සඳහා සත්කාරක එංගලන්ත පන්දු යවන්නෝ උපයෝගී කර ගන්නේ පන්දුවාර 12.3ක් පමණයි.
41: ශ්‍රී ලංකාවට අවාසනාවන්ත වූ මෙම ඉනිමේ දී වමතින් මඳ වේග පන්දු යැවූ Marco Jansen කඩුලු 7ක් දවා ගන්නා ලද අතර ඒ සඳහා ඔහු යවනු ලබන්නේ පන්දු 41ක් පමණයි.
එම දක්ෂතාවත් සමඟින් ඔහු ටෙස්ට් තරගයක දී අඩු ම පන්දු ප්‍රමාණයකින් කඩුලු 7ක් දවා ගත් පන්දු යවන්නන් අතුරින් පළමු ස්ථානයට හිමි අසුනේ සම සම ව අසුන් ගන්නවා. ඊට පෙර මෙම අසුනේ තනිව අසුන් ගෙන සිටියේ ඔස්ට්‍රේලියාවේ Hugh Trumble. ඔහු ඊට හිමිකම් කීවේ මීට වසර 120කට පෙර, එනම් 1904 වසරේ දී එංගලන්තයට එරෙහිව පෑ දක්ෂතාව හේතුවෙනුයි.
5: මෙම අවාසනාවන්ත ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනෙක් ලකුණු නොලබා දැවී ගිය අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ටෙස්ට් තරගයක දී එවැන්නක් සිදු වූ 3 වැනි අවස්ථාව බවට පත් වුනා. මෙහි දී ඒ ලෙසින් තම කඩුලු පූජා කරන්නේ දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු යි.
මීට පෙර 1990 වසරේ දී ඉන්දියාව සමඟින් Chandigarh හි දී පැවැති තරගයේ දී හෂාන් තිලකරත්න, මාවන් අතපත්තු, රුමේෂ් රත්නායක, ග්රැහැම් ලැබ්රෝයි සහ ජයනන්ද වර්ණවීර එලෙසින් දැවී ගිය අතර ඊට පසු ව 2006 වසරේ දී නවසීලන්තය සමඟින් Wellington හි දී පැවැති තරගයේ දී සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, චමින්ද වාස්, ලසිත් මාලිංග සහ මුත්තයියා මුරලිදරන් මෙසේ ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.
149: මෙම තරගයේ පළමු ඉනිම් නිමාවේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් පසු වුනා. එය ලෝක ඉතිහාසයේ ලකුණු 200කට පෙර දැවී යමින් වැඩිම ලකුණු පරතරයකින් යුතුව පළමු ඉනිම නිමා කළ තරග අතර පෙරමුණ ගත්තා.
ඊට පෙර මෙම වාර්තාව සතු වුණේ 1981 වසරේ දී ඔස්ට්‍රේලියා සහ පාකිස්තානය අතර Perth හි පැවැති තරගයයි.
එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සියලුම දෙනා දැවී ලකුණු 180ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තානය ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 62ක් පමණයි. ඒ අනුව එම ඉනිම අවසන් වෙන්නේ ලකුණු 118ක පරතරයකින් යුක්තවයි.
17: මෙම තරගයේ දී ප්‍රභාත් ජයසූරිය තම ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු 100 කඩඉමට පිවිසි අතර එය ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ වේගවත් ම කඩුලු දඩයමේ 2 වැනි ස්ථානයට පත් දක්ෂතාව බවට පත් වුනා.
එහි පළමු ස්ථානය 1896 වසරේ දී තම 16 වැනි ටෙස්ට් තරගයේ දී එම ඉලක්කය සපුරා ගත් එංගලන්තයේ George Lohmann සතු වෙන අතර ප්‍රභාත් ජයසූරිය සමඟ ඔස්ට්‍රේලියාවේ Charlie Turner, එංගලන්තයේ Sydney Barnes, ඔස්ට්‍රේලියාවේ Clarrie Grimmett සහ පාකිස්තානයේ Yasir Shah ද මෙම කඩඉම සපුරා ගැනීමට ටෙස්ට් තරග 17ක් වැය කරමින් 2 වැනි ස්ථානයේ සම ව අසුන් ගන්නවා.
7/13: මෙම තරගයේ දී දකුණු අප්‍රිකාවේ වමතින් මඳ වේග පන්දු යවන Marco Jansen ශ්‍රී ලංකා අවාසනාවන්ත ඉනිමේ දී ලකුණු 13කට කඩුලු 7ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ තරග දිවියේ ඉහළ ම දක්ෂතාව වූ අතර ඊට අමතර ව ඔහු තම ටෙස්ට් තරග දිවියේ කඩුලු 50 කඩඉම පසු කිරීමට ද සමත් වුනා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<