ලන්ඩන් මැරතන් තරගය විශේෂ කාණ්ඩයකට පමණක් සීමා වේ

189
London Marathon:

පවතින කොරෝනා වයිරස තත්වය මත ඔක්තෝබර් මස දක්වා කල් දැමූ සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගය බොහෝ විට “Elite” කාණ්ඩයේ තරගකරුවන් පමණක් සහභාගි කරගනිමින් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කොට ඇත.

ලෝක ශූරයා පිටියට සමුදෙන්න තීරණය කරයි

ඔලිම්පික් පදක්කම් ලාභී 110m කඩුලු පැනීම ඉසව්වේ ලෝක වාර්තාවේ හිමිකම දරන ඇමරිකානු…

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් තරගයේ ප්‍රධාන සංවිධායක හියුජ් බ්‍රශර් ප්‍රකාශ කර සිටියේ තරගය නැවත කල් නොයවා නියමිත දිනට පවත්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය මෙය බවයි.

“අපි බලාපොරොත්තු වෙනවා තරගකරුවන්ව ඔක්තෝබර් මාසයේ දී පිළිගැනීමට හැකි වෙයි කියලා, නමුත් මේ අවස්ථාවේ ඉදිරියට කුමක් වේ දැයි අපට පැවසීමට නොහැකියි”

“අපි මේ තරගය පිළිබඳව තීරණය කිරීමේ දී අපේ මිලියනයකට අධික ප්‍රේක්ෂකයන්, වෛද්‍ය කණ්ඩායම් සහ පුණ්‍යායතන යන සියල්ලන් ගැන සැලකිය යුතුයි.”

“අප මේ වන විට මෙම තරගය පැවැත්විය හැකි අවස්ථාවන් දහයක් පිළිබඳව අධ්‍යනය කරමින් පවතින අතර පවතින තත්වය මත ඒවා සෑම විටම වෙනස් වෙන්න පුළුවන්” යන්න ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙවර ලන්ඩන් මැරතන් තරගය පසුගිය ඉරිදා (26) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වයිරස තත්වයේ බලපෑම මත ඔක්තෝබර් මස 04 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කරන ලදි.

ලොව පුරා පැතිර යන මෙම වයිරස තත්වය නිසාවෙන් මේ වන විට පුද්ගලයින් 211,000කට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් පුද්ගලයින් 3,073,000කට අධික පිරිසක් රෝගී තත්වයට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<