2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (05) සුගතදාස ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය. රටවල් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රථම දිනය අවසානයේ දී පදක්කම් සටහනේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය. ඒ රන් පදක්කම් 5ක අයිතිය ලක්මාතාවට දිනා දෙමිනි. සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාවයි. දිනය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වාර්තා 4කට හිමිකම් කියන්නට සමත් විය.
නායකත්වයේ වගකීම් අරුණට
දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වන 83 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා .
දිවා කාලයේ පැවති තරග අතරින් මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන මීටර් 46.55ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කමක් දිනා ගනිමින් නව තරග වාර්තාවක් පිහිටු විය. මෙම ඉසව්වේම දෙවන හා තෙවන ස්ථාන ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් දිනා ගත් අතර ඔවුන් පිළිවෙළින් එල්. කොඩිකාර (46.99) සහ පබසර නීකු (47.43) ය.
සවස් කාලයේ දී මීටර් 100 කාන්තා අවසන් තරගය පැවැත්වූ අතර ඉතා උණුසුම් මුහුණුවරක් ගත් එම ඉසව්ව නියෝජනය කළ අමාෂා ද සිල්වා තත්පර 11.92 ක කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් අලුත් කළාය. ඒ තවත් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනි.
දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවටම ආවේණික වූ ඉසව්වක් වන මීටර් 400 කාන්තා ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් පිහිටුවීමට ශ්‍යාමලී කුමාරසිංහ සමත් විය. ඒ තත්පර 54.47 කාලයක් වාර්තා කරමිනි.
මීට අමතරව දිනයේ අවසන් භාගයේ ශ්‍රී ලංකාව සහභාගී වූ උද්වේගකරම තරගය වන 100×4 සහය දිවීමේ කාන්තා ඉසව්වය ආරම්භ විය. පළමු යෂ්ටි හුවමාරුවේ සිටම ඉන්දියාව සමඟින් කරට කර සටනක් ධාවන පථයේ දක්නට ලැබුණි. ජවයත්, මනා හැකියාවත් මැනවින් උපයෝගී කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තත්පර 46.23ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් සමඟින් තවත් රන් පදක්කමක පහස ශ්‍රී ලංකාවට උරුම කර දුන්හ.
මීට අමතරව දිනයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස මීටර් 100×4 පිරිමි ඉසව්වේ යෂ්ටිය අත හැරී යාම දැක්විය හැකිය. දෙවන යෂ්ටි හුවමාරු කලාපය වෙත පැමිණෙන විටදීත් ඉසව්වේ පැහැදිලි ඉදිරිය ශ්‍රී ලංකාව සතු වී තිබුණ ද, තෙවන යෂ්ටි හුවමාරුව සිදු කළ චමෝද් යෝධසිංහ අතින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ගිලිහී යන්නේ සියල්ලන්ගේම බලාපොරොත්තු සුන් කරමිනි.
ශ්‍රී ලංකාව පිහිටවූ තරග වාර්තා හැරුණු කොට ඉන්දියාව ද තරග වාර්තා 5කට හිමිකම් කීය.
මීටර් 1500 පිරිමි ඉසව්ව නියෝජනය කළ අන්කිත් මිනිත්තු 3.51.52ක කාලයක් වාර්තා කරමින් එක් තරග වාර්තාවක් ද, දුර පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ ලෝකේශ් සත්‍යන් මීටර් 7.74ක දක්ෂතාවයක් පෙන්වමින් තවත් තරග වාර්තාවක් ද පිහිට විය. හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ ඉන්දියාවේ අර්ශ්දිප් සිං මීටර් 71.47ක දක්ෂතාවයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් පිහිට වූ අතර මීටර් 1500 කාන්තා ඉසව්වෙන් දුර්ගා ප්‍රමෝද් මිනිත්තු 4.31.38ක කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් ඉන්දියාව දිනා දුන්නාය. අවසන් වශයෙන් මීටර් 100 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ සප්නා කුමාරි තත්පර 14.19ක කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් පිහිට වූ අතර යගුලිය විසි කිරීමේ කාන්තා ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ කිරාන් බල්යාන් ද මීටර් 14.77ක දක්ෂතාවයක් දක්වමින් ඉන්දියාව රනින් බැබළ විය.
දිනය අවසානයේ දී පදක්කම් සටහනේ පෙරමුණ ඉන්දියාව දිනා ගත්තේ රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමිනි. ශ්‍රී ලංකාව සටහනේ දෙවන තැන දිනා ගත්තේ රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනා ගනිමිනි.
එක් රිදී පදක්කමක් සමඟින් පදක්කම් සටහනේ තෙවන ස්ථානය දිනා සිටින්නේ පාකිස්තානයයි.
හෙට (06) තරගාවලියේ අවසන් දිනයයි. මීටර් 200 ඇතුළුව තවත් ශ්‍රී ලංකාවට වැදගත් වන ප්‍රධාන ඉසව් කිහිපයක්ම හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතයි. පළමු දිනය සජීව ලෙස ThePapare.com තුලින් ඔබට සමීප කළ ආකාරයටම දෙවැනි දිනයත් සජීව ලෙස ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<
Full Results of Day 01
E No | 101 | Jevelin Throw | Men | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 131 | Arshdeep Singh | India | 71.47 | * NMR |
2 | 187 | R.D. Pragathi Prasanna Ranawaka | Sri Lanka | 61.71 | |
3 | 188 | W.S. Anjana Fonseka | Sri Lanka | 60.47 | |
4 | 189 | M. Thushmina Krishmal | Sri Lanka | 59.35 | |
E No | 102 | Long Jump | Women | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 223 | Punitha Ramasamy | India | 5.95 | +3.0 |
2 | 264 | K.K. Ridma Nishadi Aberathna | Sri Lanka | 5.91 | +1.9 |
3 | 265 | KH Nethmi Megawarna | Sri Lanka | 5.67 | +3.9 |
4 | 266 | S.R.P.N. Madhuwanthi | Sri Lanka | 5.55 | +3.3 |
5 | 205 | Jannatul | Bangladesh | 5.25 | +1.9 |
6 | 202 | Sonia Akther | Bangladesh | 5.24 | +3.1 |
7 | 238 | Jaya Rani Tharu | Nepal | 5.09 | +2.2 |
E No | 103 | High Jump | Men | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 173 | S.A. Tharindu Dasun | Sri Lanka | 2.04 | |
2 | 126 | Gurjeet Singh | India | 2.00 | |
2 | 174 | S.T. Amarasinghe | Sri Lanka | 2.00 | |
4 | 103 | MD Julfiker Nayeem Jihan | Bangladesh | 1.80 | |
E No | 104 | Discus Throw | Men | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 129 | Ajay | India | 50.11 | |
2 | 183 | N.P. Lahiru Keshan Pathirana | Sri Lanka | 47.37 | |
3 | 127 | Ashish Bhalothia | India | 46.52 | |
4 | 185 | S. Piragasraj | Sri Lanka | 44.11 | |
5 | 151 | Din Gulam Mohy Ud | Pakistan | 44.07 | |
6 | 186 | H.A. Shavin Rumeshka | Sri Lanka | 40.72 | |
E No | 109 | Shot Put | Women | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 226 | Kiran Baliyan | India | 14.77 | *NMR |
2 | 227 | Anamika Das | India | 14.54 | *BPR |
3 | 270 | Sarisha Gunasekera | Sri Lanka | 11.51 | |
4 | 272 | Ovini Chandrasekera | Sri Lanka | 10.97 | |
5 | 271 | Rheanna David | Sri Lanka | 10.57 | |
E No | 110 | Long Jump | Men | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 122 | Lokesh Sathyanathan | India | 7.74 | *NMR +1.7 |
2 | 121 | Rishabh Rishishwar | India | 7.43 | +3.8 |
3 | 176 | K.T. Pramod Madubasha | Sri Lanka | 7.02 | +3.4 |
4 | 178 | W.D. Sasindu Nuwinda | Sri Lanka | 6.98 | +3.5 |
5 | 141 | Bhuwan Mahato | Nepal | 6.97 | +2.7 |
6 | 177 | Hirusha Hashen | Sri Lanka | 6.96 | -0.9 |
E No | 111 | 100m Hurdles | Women | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 219 | Sapna Kumari | India | 14.19 | *NMR |
2 | 220 | Pragyan Prasant Sahu | India | 14.98 | |
3 | 255 | N.G.P.R. Gunathilaka | Sri Lanka | 15.25 | |
4 | 257 | W.A. Senuri Anuththara | Sri Lanka | 15.50 | |
5 | 256 | M.A. Bhagya Nilmini | Sri Lanka | 15.59 | |
E No | 112 | 110m Hurdles | Men | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 119 | Kunal Choudhary | India | 14.50 | |
2 | 120 | Mohammed Fias C | India | 14.55 | |
3 | 169 | Sheshan Dilusha Kariyawasam | Sri Lanka | 14.60 | |
4 | 168 | I.G. Janidu I. Lakvijaya | Sri Lanka | 14.72 | |
5 | 150 | Younas Waqar | Pakistan | 15.15 | |
6 | 170 | Ruchika Kumarage | Sri Lanka | 15.21 | |
E No | 113 | 100m | Women | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 244 | D.T. Amasha De Silva | Sri Lanka | 11.92 | *NMR +1.6 |
2 | 207 | Chaitrali Kalidas Gujar | India | 12.24 | |
3 | 245 | Shelinda Jansen | Sri Lanka | 12.28 | |
4 | 246 | Sharmila Jan | Sri Lanka | 12.34 | |
5 | 208 | Vijaya Kumari | India | 12.41 | |
6 | 204 | Faojia Akter Rupa | Bangladesh | 12.81 | |
7 | 242 | Riaz Faiqa | Pakistan | 13.38 | |
8 | 241 | Imran Esha | Pakistan | 13.84 | |
E No | 114 | 100m | Men | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 107 | Prajwal Mandanna Kakera Ravi | India | 10.81 | +2.3 |
2 | 152 | B.D. Chanuka Sandeepa | Sri Lanka | 10.88 | |
3 | 106 | Akash Kumar | India | 10.89 | |
4 | 153 | T.M. Suraj Dinusha | Sri Lanka | 10.90 | |
5 | 154 | Y.C.M. Yodhasinghe | Sri Lanka | 11.12 | |
6 | 102 | Mohammed Hasan Miah | Bangladesh | 11.15 | |
7 | 144 | Ahmad Hamza | Pakistan | 11.42 | |
8 | 137 | Ibrahim Ashfan Ali | Maldives | 11.71 | |
E No | 115 | 400m | Women | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 247 | K.G.D.M. Shayamali Kumarasinghe | Sri Lanka | 54.47 | *NMR |
2 | 214 | Subha Venkatesan | India | 55.18 | *BPR |
3 | 213 | Rachna | India | 55.70 | *BPR |
4 | 248 | K.S. Tharaka Divyanjali | Sri Lanka | 56.07 | *BPR |
5 | 249 | A.V. Romeshi Ishara Attidiya | Sri Lanka | 57.34 | |
6 | 237 | Aishath Himna Hassan | Maldives | 1:01.19 | |
7 | 203 | Shewly Khatun | Bangladesh | 1:03.24 | |
E No | 116 | 400m | Men | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 155 | S. Aruna Darshana | Sri Lanka | 46.55 | *NMR |
2 | 158 | P.M.P.L. Kodikara | Sri Lanka | 46.99 | *BPR |
3 | 156 | G.D.K.K. Pabasara Niku | Sri Lanka | 47.43 | *BPR |
4 | 112 | Rajesh Ramesh | India | 48.00 | *BPR |
5 | 136 | Mohamed Naail | Maldives | 48.67 | |
6 | 147 | Raza Hassan | Pakistan | 49.83 | |
7 | 149 | Shahzad Muhammad | Pakistan | 50.23 | |
E No | 117 | 1500m | Women | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 231 | Durga Pramod Deore | India | 4:31.38 | *NMR |
2 | 233 | Poonam Dinkar Sonune | India | 4:36.65 | |
3 | 253 | K.M.J.M. Kanagarathna | Sri Lanka | 4:36.71 | |
4 | 252 | H.M.C.S. Herath | Sri Lanka | 4:36.74 | |
5 | 254 | WM Hasanthi Madumali | Sri Lanka | 4:59.85 | |
6 | 235 | Aminath Jaaisha Juneez | Maldives | 5:31.46 | |
7 | 236 | Samha Mohamed | Maldives | 5:59.42 | |
E No | 118 | 1500m | Men | Final | |
Place | BIB | Name of Athlete | Country | Performance | Remarks |
1 | 116 | Ankit | India | 3:51.52 | *NMR |
2 | 117 | Ajit Kumar | India | 3:53.45 | *BPR |
3 | 163 | K.A.K. Madushanka | Sri Lanka | 4:02.46 | |
4 | 142 | Madhav K. Chudhary | Nepal | 4:05.60 | |
5 | 164 | GR Dhammika Wijesuriya | Sri Lanka | 4:09.81 | |
6 | 104 | Kinley Tshering | Bhutan | 4:22.90 | |
162 | SVP Poorna Sandamith | Sri Lanka | DNF | ||
E No | 119 | 4x 100m | Women | Final | |
Place | BIB | UNIT | Performance | Remarks | |
1 | SRI | Sri Lanka | 46.23 | *NMR | |
2 | IND | India | 46.81 | *BPR | |
3 | BAN | Bangladesh | 49.82 | ||
4 | PAK | Pakistan | 51.14 | ||
E No | 120 | 4x 100m | Men | Final | |
Place | BIB | Regiment | Performance | Remarks | |
1 | IND | India | 42.85 | ||
2 | PAK | Pakistan | 43.03 | ||
3 | MDV | Maldives | 44.68 | ||
SRI | Sri Lanka | DQ |