Legends Cricket Trophy දෙවැනි අදියර ශ්‍රී ලංකාවේ දී

Legends Cricket Trophy 2024

351

රටවල් රැසක හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන 2024 Legends Cricket Trophy තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මාර්තු මස 08 වැනි දා සිට දින 14ක කාලයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කරණය, කුසලාන එළි දැක්වීම ඊයේ (15) කොළඹ හිල්ටන් හිදි සිදු කෙරුණා.

Photos – Legends Cricket Trophy 2024 | Press Conference

ශ්‍රී ලංකාව, පකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවලින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයින් ලෙස සනත් ජයසූරිය, තිසර පෙරේරා, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන්, Yuvraj Singh, Chris Gayle, Suresh Raina, Ben Dunk, Ross Taylor, Johan Botha, Harbhajan Singh, Shahid Afridi, Kamran Akmal, Misbah-ul-Haq, Ambati Rayudu, Dwayne Bravo සහ Imran Tahir වැනි ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිත අතර, ඔවුන් Rajasthan Kings, Delhi Devils, Punjab Royal, Kandy Warriors, Colombo Lions, Delhi Devils, New York Superstar Strikers සහ Dubai Giants යන කණ්ඩායම් හත යටතේ තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

මෙහි දී තිලකරත්න ඩිල්ශාන්, Yuwraj Singh, Aaron Finch, Chris Gayle, Harbajan Singh, Robin Uththappa සහ Suresh Raina කණ්ඩායම් හතේ Icon Player ලෙස හඳුන්වා දී තිබෙනවා.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරක ෆර්වේස් මහරූෆ්ගේ මූලිකත්වය යටතේ ඊයේ පැවැත්වුණු මෙම වැඩසටහනට චමින්ද වාස් සහ තිසර පෙරේර ද සහභාගී වී තිබුණා.

පසුගිය වසරේ ඉන්දියාවේ දී ආරම්භ වූ මෙම තරගාවලියේ දෙවැනි අදියර ලෙස මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලිය පන්දු 90 ආකෘතියක් (එක් ඉනිමක් පන්දු 90කට සීමා වේ) යටතේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

2024 Legends Cricket Trophy තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<