දිගින් දිගටම ලැබූ තරගාවලි පරාජයන් නිසා සිය නායකත්වයට තර්ජන එල්ල වී ඇති අවස්ථාවක වත්මන් පාකිස්තාන නායක Babar Azam තවත් අකරතැබ්බයකට මුහුණ පා තිබෙනවා.
Babarගේ නායකත්වයෙන් යුතුව පාකිස්තාන කණ්ඩායම සහභාගී වූ පසු ගිය තරගාවලි කිහිපයේ ම ඔහුගේ පිත්ත යම් පමණක හෝ ස්ථාවර බවක් පෙන්වුවත් ඔහු නායකයකු වශයෙන් දිගින් දිගටම අසාර්ථක වුනා.
ඒ හේතුවෙන් මේ වන විට ඔහුගේ නායකත්වය (විශේෂයෙන්ම ටෙස්ට් නායකත්වය) බොහෝ දුරට අහිමි වී යාමේ තත්වයක් උද්ගත වී ඇති අතර, ඊයේ Babar Azamගේ නම ඉදිරියෙන් තවත් ප්‍රශ්නාර්ථයක් සටහන් වුනේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔහුගේ යැයි පවසමින් නිකුත් වූ (Leak) වීඩියෝ සහ හඬ පට කිහිපයක් නිසායි.
පාකිස්තාන කණ්ඩායමේ තවත් ක්‍රීඩකයකුගේ පෙම්වතියක් සමඟ සමීප සම්බන්ධතා පවත්වනු ලබන බවට සාක්ෂි ලෙස මෙම වීඩියෝ සහ හඬ පට සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර ඒවායේ සඳහන් පරිදි තමන් සමඟ දිගින් දිගටම එම සබඳතාව පවත්වා ගෙන යනවා නම් ඇයගේ පෙම්වතා කණ්ඩායමෙන් ඉවතට නොයනු ඇති බවට Babar පොරොන්දු වී තිබෙනවා.
මෙම වීඩියෝ සහ හඬ පට නිකුත් වීමත් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ එය ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර මෙහි දී Babar වෙනුවෙන් කතා කරන පිරිසක් මෙන්ම, ඔහුට විරුද්ධව කතාබහක් ගොඩ නගන්නට ද පිරිසක් එක් වී තිබෙනවා.
- රිය අනතුරෙන් පසුව පළමු වරට Pantගෙන් ප්‍රකාශයක්!
- දැන් Kohli වාර්තා හඹා යන්නේ නැහැ, වාර්තා Kohli හඹා එනවා!
- ‘පින්න’ Ashwinට ගැටලුවක් වෙයි, ලෝක කුසලාන තරග කලින් ආරම්භ කරන්නත් ඉල්ලීමක් කරයි!
- Rohit විසින් දසුන්ට ශතකය ලබා ගන්න ඉඩ දීම Ashwinට බරපතළ මට්ටමේ ගැටලුවක් වෙලා!
- Akramගෙන් බේරලා දෙන්න කියලා මම Sachinට ඇවිටිලි කළා; Sehwag
මෙම සිදුවීම පිළිබඳව Babar විසින් කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා නොමැති නමුත්, සිදුවීමෙන් පසු ඔහු Instagram සහ twitter සමාජ මාධ්‍ය වෙත සිය ඡායාරූපයක් මුදා හැර තිබූ අතර, එයට ඔහු වෙනුවෙන් සහය පළ කරමින් විශාල රසික ප්‍රජාවක් ප්‍රතිචාර දක්වා තිබුණා.
Doesn’t take too much to be happy ☺️ pic.twitter.com/udKmZTHl6V
— Babar Azam (@babarazam258) January 16, 2023
මෙය Babarගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ අරමුණින් සැලසුම් සහගත ව සිදු වූ දෙයක් බව ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහසයි.
නමුත් මීට පෙර ද (2020 වසරේ දී ) Babarට එරෙහිව මේ හා සමාන චෝදනාවක් එල්ල වූ අතර එහි දී කාන්තාවක් Babarට චෝදනා එල්ල කරමින් පැවසුවේ ඔහු ඇයව විවාහ කර ගන්නට පොරොන්දු දී මග හැර යන බවයි.
එමෙන්ම පෙර පැවසූ ලෙස ම PCBය විසින් මේ වන විට Babarගේ ටෙස්ට් නායකත්වය පිළිබඳ සලකා බලමින් සිටින අතර හිටපු පාකිස්තාන නායක සහ පුහුණුකරුවකු ද වන Misbah-ul-Haq විසින් ආසන්න දිනයක දී පවසා සිටියේ Babar Azamගේ පිතිකරණ ස්ථානය දැන් කණ්ඩායමේ දුර්වලතාව බවට පත් වී ඇති බවයි.
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<