ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වුණු Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Hambantota Bangla Tigers කණ්ඩායම ඊයේ (19) සමත් වුනා.
තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ සවස ආරම්භ වූ අතර, තරගයට Hambantota Bangla Tigers සමඟ තරගාවලියේ අපරාජිත එකම කණ්ඩායම ලෙස අවසන් මහා තරගය වෙත පැමිණි Jaffna Titans කණ්ඩායම් සහභාගී වුනා.
මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් Hambantota කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම ඉනිමේ ඉහළම ලකුණු ලාභීන් ලෙස Mohammad Shahzad සහ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 26 බැගින් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම නායක දසුන් ශානක ද ලකුණු 21කින් ඉනිමට දායක වුනා.
මේ අතර තරගාවලිය පුරාවට Jaffna පන්දු යැවීමේ කොඳු නාරටිය බවට පත් වූ ට්‍රවීන් මැතිව් මෙහි දී ද ලකුණු 18කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කර
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
මින් පසුව Hambantota කණ්ඩායමෙන් ලද ලකුණු 134ක ඉලක්කය හඹා යාම සඳහා Jaffna ක්‍රීඩකයින් පිටියට පිවිසුණු අතර, වෙනදා මෙන් ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය වූ කුසල් මෙන්ඩිස් සහ Tom Kohler-Cadmore මෙවර සාර්ථක වුනේ නැහැ. කෙසේ වෙතත් Tom Abell පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වුනා. නමුත් ඔහුට අනෙක් එකදු පිතිකරුවකුගෙන් හෝ සාර්ථක සහයක් හිමි නොවීම මත Jaffna Titans ඉනිම නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 107කට සීමා වුනා. එමෙන්ම ඒ වන විට ඔවුන්ගේ කඩුලු 6ක් දවා ගැනීමට Hambantota පන්දු බළඇණිය සමත් වී තිබුණා. මේ අතරින් කඩුලු 3ක් Richard Gleeson නම ඉදිරියේ සටහන් වූ අතර, කඩුලු 2ක් දසුන් ශානකට හිමි වුනා.
ඒ අනුව තරගයෙන් ලකුණු 29ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Hambantota Bangla Tigers කණ්ඩායම් සමත් වුනා.
තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා ලෙස Jaffna Titans කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් තරගය හයක දී ලකුණු 214ක් ලබා ගැනීමට සමත් වූ අතර, වැඩිම කඩුලු ලාභියා ලෙස Jaffna Titans කණ්ඩායමේ ට්‍රවීන් මැතිව් කඩුලු 14ක් දවා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තම කණ්ඩායම ශූරතාව දක්වා රැගෙන යමින් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂතා දැක් වූ දසුන් ශානක අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන හිමි කර ගැනීමට සමත් වුනා.
Lanka T10 තරගාවලියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කල අයුරින් ම ඉදිරියටත් දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<