හම්බන්තොට ට හිමි වූ T10යේ වැඩකාරයෝ

90
Lanka T10 Super League 2024 Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලද Lanka T10 Super League 2024 ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වූයේ Hambantota Bangla Tigers කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනුයි.  

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Hambantota Bangla Tigers කණ්ඩායම, අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ Jaffna Titans කණ්ඩායම වෙතින් පළමු වටයේ තරග ද්විත්වයක දී පරාජයට පත් වෙමින්  මෙන් ම එතෙක් මෙම තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම ලෙසින් අභිශේක ලබා සිටිමින් ජයග්‍රහණය කරතැයි බොහෝ බලාපොරොත්තු තබා සිටි Jaffna Titans කණ්ඩායම පරාජයට පත් කරමින් මෙම ශූරතාවට හිමිකම් කීම විශේෂයෙන් ම කැපී පෙණුනා.  

Jaffna Titans කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ 

  ප්‍රතිවාදී කණ්ඩායම  තරගයේ ප්‍රතිඵලය 
1  Jaffna Titans  Jaffna Titans කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  
2  Galle Marvels   වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි.  
3  Colombo Jaguars  වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි. 
4  Nueara Eliya Kings  Hambantota Bangla Tigers කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 
5  Kandy Bolts  Hambantota Bangla Tigers කණ්ඩායමට ලකුණු 47ක ජයක්. 
6  Colombo Jaguars  වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි. 
7  Galle Marvels  Hambantota Bangla Tigers කණ්ඩායමට කඩුලු 5ක ජයක්. 
8  Jaffna Titans  Jaffna Titans කණ්ඩායමට ලකුණු 39ක ජයක්.  
9  Galle Marvels  Hambantota Bangla Tigers කණ්ඩායමට කඩුලු 4ක ජයක්. 
10  Jaffna Titans  Hambantota Bangla Tigers කණ්ඩායමට ලකුණු 26ක ජයක්. 

නිමා වූ මෙම තරගාවලිය කණ්ඩායම් 6ක ගේ සහභාගීත්වයෙන් දින 9ක් පුරා තරග 25කින් සමන්විත ව මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර ඒ අනුව නිමා වූ මංගල තරගාවලියේ ජයග්‍රාහකයන් ලෙසින් Hambantota Bangla Tigers කණ්ඩායම් ඉතිහාසයට එක් වෙද්දී අනුශූරයන් බවට Jaffna Titans කණ්ඩායම ඊට එක් වුනා. 

තරගාවලියේ වූ සුවිශේෂී සිදුවීම් අතර තරගාවලියේ මංගල පන්දුවේ දී ම කඩුල්ලක් දවා ගැනීමට Jaffna Titans කණ්ඩායමේ Mohammad Aamir සමත් වීම කැපී පෙණුන අතර ඊට බිලි වූයේ Hambantota Bangla Tigers කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා යි. 

එමෙන් ම එම තරගයේ දී ම තරගාවලියේ මංගල අර්ධ ශතකලාභියා වීමට Hambantota Bangla Tigers කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් වීම ද කැපී පෙණුනා. 

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම බවට පත් වූයේ ද Hambantota Bangla Tigers කණ්ඩායමයි. ඔවුන් Kandy Bolts කණ්ඩායමට එරෙහි ව කඩුලු 6කට ලකුණු 163ක් ලබා ගනිමින් එම වාර්තාව පිහිටුවනවා.   

එමෙන් ම අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම බවට ද පත් වෙන්නේ Hambantota Bangla Tigers කණ්ඩායම වීම විශේෂත්වයක්. ඔවුන් Jaffna Titans කණ්ඩායම හමුවේ ලකුණු 85කට දැවී යමින් එම වාර්තාවට දායකත්වය දක්වනවා. එමෙන් ම මෙම තරගාවලියේ කණ්ඩායමක සියලුම පිතිකරුවෝ දැවී ගිය එක ම අවස්ථාව ලෙසින් ද එය වාර්තා පොත් අතරට එක් වුනා.  

තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් නිමා වූ තරග ලෙසින් වාර්තා වෙන්නේ Jaffna Titans කණ්ඩායම Nueara Eliya Kings කණ්ඩායමට එරෙහි ව ලැබූ ලකුණු 53ක ජයග්‍රහණයයි.

  • තරගාවලියේ වීරයා සහ අවසන් මහා තරගයේ වීරයා – දසුන් ශානක (Hambantota Bangla Tigers)

Hambantota Bangla Tigers කණ්ඩායමේ නායක දසුන් ශානක තරගාවලියේ වීරයා මෙන් ම අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා. ඔහු නිමා වූ තරගාවලියේ දී තරග 7ක ඉනිම් 7කට සහභාගී වෙමින් ලකුණු 175ක් ලබා ගන්නවා. එමෙන් ම පන්දු යවන්නෙක් ලෙසින් ලබා ගත් කඩුලු 4ක් ද ඔහුගේ ගිණුමේ තැන්පත් වෙනවා.  

අවසන් මහා තරගයේ දී පන්දු 10කට මුහුණ දෙන දසුන් ශානක හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද සහ ලකුණු 4කට කඩුලු 2ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වීමට ද ඔහු සමත් වෙනවා.  

දසුන් මෙම තරගාවලියේ වේගවත් ම මෙන් ම මංගල අර්ධ ශතකය ලබා ගැනීමේ වාර්තාව ද සතු කර ගැනීමට සමත් වීම කැපී පෙණුනා. ඔහු Jaffna Titans කණ්ඩායමට එරෙහි ව පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් මෙම වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළා.

  • තරගාවලියේ වැඩිම ලකුණුලාභියා – කුසල් මෙන්ඩිස් (Jaffna Titans) 

කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ දී තරග 6කට සහභාගී වෙමින් ලකුණු 214ක් ලබා ගනිමින් මෙම තරගාවලියේ පිතිකරුවන් අතර වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වෙමින් තරගාවලියේ දක්ෂත ම පිතිකරු බවට ද පත් වෙනවා 

කුසල් රැස් කරන ලද එම ලකුණු අතුරින් ලකුණු 178ක් ම ලබා ගන්නේ හතරේ පහර සහ හයේ පහර සංඛ්‍යාවලින් වීම විශේෂත්වයක් වන අතර එය තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පත් වූ Tom Abell ලබා ගත් ලකුණුවලට වඩා අඩුවෙන්නේ ලකුණු 11කින්. ඔහු මෙම ඉනිම් 6 පුරා හතරේ පහර 22ක් සහ හයේ පහර 15ක් එල්ල කරනවා.  

එමෙන් ම ඔහුගේ එම ඉනිම් අතරට Colombo Jaguars කණ්ඩායමට එරෙහි ව පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 79ක් ද ඇතුලත්. එය මෙම තරගාවලියේ පිතිකරුවෙක් විසින් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහි ව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.  

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා 

  Player  Team  M  In  NO  Runs  Ave  HS  50  4  6 
1  කුසල් මෙන්ඩිස්  Jaffna Titans  6  6  1  214  42.8  79*  1  22  15 
2  Tom Abell  Jaffna Titans  6  6  3  189  63.0  59  2  23  7 
3  දසුන් ශානක  Hambantota Bangla Tigers  7  7  1  175  29.17  51  1  16  15 
4  චරිත් අසලංක  Jaffna Titans  7  7  1  160  26.67  56  1  13  12 
5  Shakib Al Hasan  Galle Marvels  7  7  4  136  45.33  43*  0  12  11 

 

  • තරගාවලියේ වැඩිම කඩුලුලාභියා සහ නැගී එන ක්‍රීඩකයා – ට්‍රවින් මැතිව් (Jaffna Titans)

තවමත් 20 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන ට්‍රවින් මැතිව්ස් මෙම තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වෙන්නේ තරග 7ක දී කඩුලු 14ක් දවා ගනිමින් පෑ දක්ෂතාමතයි.  

එම දක්ෂතාත් සමඟින් ඔහු තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගන්නා ලද ඊට අමතර ව තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට පාත්‍ර වූවා.  

ඔහු ලබා ගත් කඩුලු අතරට තරගයක කඩුලු 4කට වැඩියෙන් දවා ගත් අවස්ථා 2ක් ද ඇතුලත් වන අතර හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ තරගාවලියේ පළමු තරගයේ දී Hambantota Bangla Tigers කණ්ඩායමට එරෙහි ව ලකුණු 10කට දවා ගන්නා ලද කඩුලු 4යි. ඒ සඳහා ඔහු යවනු ලබන්නේ පන්දුවාර 2ක් පමණක් වීම ද විශේෂත්වයක්.  

කෙසේ වෙතත් මෙම තරගාවලියේ හොඳම පන්දු යැවීමේ සම දක්ෂතා දැක්වීමට Hambantota Bangla Tigers කණ්ඩායමේ තරිඳු රත්නායක සමත් වීම ද කැපී පෙණුනා. ඔහු මෙම දක්ෂතා දක්වන්නේ Kandy Bolts කණ්ඩායමට එරෙහිවයි.  

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් 5 දෙනා 

  Player  Team  M  Ov  Runs  Wkts  Best  Ave  4w 
1  ට්‍රවීන් මැතිව්  Jaffna Titans  7  13.0  121  14  4/10  8.64  2 
2  තරිඳු රත්නායක  Hambantota Bangla Tigers  7  12.0  112  11  4/10  10.18  1 
3  Zahoor Khan  Galle Marvels  6  10.0  117  8  4/15  14.62  1 
4  මහීෂ් තීක්ෂණ  Galle Marvels  7  11.0  119  8  3/13  14.87  0 
5  ඉසුරු උදාන  Hambantota Bangla Tigers  7  13.0  128  7  2/17  16.0  0 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<