පළමු වරට පැවැත්වෙන ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීම් එක් කිරීමට නියමිත මෙම තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 10 වැනිදා පැවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටියා.
තරගාවලියේ පළමු අදියර දෙසැම්බර් 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම අදියරේ සියලු තරග කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව සඳහන්.
මෙම තරගාවලියේ පිරිමි අදියරට අමතරව ලොව සිටින සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවන් සහභාගී වන කාන්තා තරගාවලියක් පැවැත්වීම ද විශේෂත්වයක්.
- ලෝක ශූරයින් පරදවමින් ශ්‍රී ලංකාවට තවත් ජයක්
- මැතිව්ස් සහ චමීර ඉන්දියාවට!
- ශ්‍රී ලංකාව ලෝක කුසලාන පරාජ රැල්ලට තිත තබයි
- මදුශංකගේ පන්දුවෙන් දැවී ගිය Warnerගේ කෝපයට හේතුව
- පරාජිත මඟ වලකාලීමේ මං සොයන නෙදර්ලන්ත තරගයට පෙර
තරගාවලියේ පිරිමි අදියර සඳහා මෙවර කණ්ඩායම් හයක් තරග වැදීමට නියමිතව තිබෙන අතර එම කණ්ඩායම් හය ශ්‍රී ලංකාවේ ප්‍රකට නගර හයක් කේන්ද්‍ර කර ගනිමින් සැකසෙන බව ද නිවේදනයේ සඳහන්.
“ක්‍රිකට් දිගින් දිගටම පරිණාමය වෙමින් පවතිනවා. T10 කියන්නේ එකේ අලුත්ම සොයා ගැනීම වගේම ඒක ලොව පුරා ජනප්‍රිය ආකෘතියක් වෙමින් තියෙන්නේ. මෙහි කොටස්කරුවෙකු වීම ගැන අප ආඩම්බර වන අතර එය සාර්ථක ආරම්භයක් වෙයි.”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී ශම්මි ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම තරගාවලියේ සංවිධායකයින් වන T Ten Sports Management ආයතනයේ ප්‍රධානී Shaji Ul Mulk ප්‍රකාශ කළේ,
“අපි T10 නීත්‍යනුකූල ආකෘතියක් ලෙස ස්ථාපිත කරලා තියෙනවා වගේම ඒක දැන් ප්‍රසිද්ධ තරගාවලියක් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මෙම ආකෘතිය සජීවීව දැක බලා ගනිමින් ක්‍රිකට් තරුවලට ඔල්වරසන් දීමට අවස්ථාවක් හිමිව තිබෙනවා. එය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි වීම ගැන මම සතුටට පත් වෙනවා.”
දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<