LPL අරගලය අගනුවරට

LPL 2024

26

පල්ලෙකැලේ සහ දඹුල්ලේ තරග සංචාරයේ යෙදුණ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හෙට (13) සිට කොළඹ දී තෙවැනි අදියරට සහභාගී විමට නියමිතයි. මෙම අදියරේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා සහ දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ.  

තරගාවලියේ මේ දක්වා පැවැති තරග අතුරින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත් වීමට Jaffna Kings ක්‍රීඩකයෝ සමත් ව ඇති අතර 2 වැනි ස්ථානය Galle Marvels කණ්ඩායම සතු වෙනවා.  

මෙතෙක් නිමා වූ තරගවලින් සැකසුන ප්‍රසාද ලකුණු පුවරුව 

  Teams  Mat  Win  Lost  Tied  NR  PT  NRR 
1  Jaffna Kings  6  4  2  0  0  8  0.302 
2  Galle Marvels  6  4  2  0  0  8  0.087 
3  Colombo Strikers  5  2  3  0  0  4  0.067 
4  Dambulla Sixers  5  2  3  0  0  4  -0.171 
5  Kandy Falcons  6  2  4  0  0  4  -0.317 

 

Jaffna Kings 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක වසර ත්‍රිත්වයේ ශූරයන් වූ යාපනය ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දී ද අගනුවරින් බැහැර ව පැවැති තරගවල දී වඩාත් දක්ෂතම කණ්ඩායම බවට පත් වීමට සමත් වීම කැපී පෙණෙනවා.   

ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග 6 දී තරග 4ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත් වෙන්නේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවන් තිදෙනෙක් සහ පන්දු යවන්නන් 5 දෙනෙක් ද සහයෝගය ලබා ගනිමිනුයි.  

ඔවුන්ගේ කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පිතිරුවා වී සිටින්නේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක යි. ඔහු මේ දක්වා සහභාගී වූ තරග 6 දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 303ක් ලබා ගනිමින් මෙම විශ්වාසය දිනා තිබෙනවා. එමෙන් ම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සෑම වසරක දී ම ලකුණු අතර සිටි අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 284ක් ලබා ගනිමින් ද සහ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 230ක් ලබා සිටින දකුණු අප්‍රිකා ක්‍රීඩක Rilee Rossouw ඔවුන්ගේ ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් බවට පත් ව සිටිනවා.  

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 6ක් ලබා ගනිමින් ද සහ Tabraiz Shamsi, Fabian Allen, ප්‍රමෝද් මධුශාන් සහ Azmatullah Omarzai කඩුලු 5ක් බැගින් දවා ගනිමින් යාපනය කණ්ඩාය මේ තැනට ගෙන ඒමේ දී දක්ෂතා දක්වා තිබෙනවා. 

Jaffna Kings මේ දක්වා පැමිණි ගමන් මඟ  

  Teams  Results 
1  Galle Marvels  Galle Marvels කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
2  Dambulla Sixers  Jaffna Kings කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  
3  Galle Marvels  Jaffna Kings කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
4  Dambulla Sixers  Jaffna Kings කණ්ඩායමට ලකුණු 30ක ජයක්.  
5  Kandy Falcons  Kandy Falcons කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 
6  Colombo Strikers  Jaffna Kings කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 

 

Galle Marvels 

ආරම්භක වසර ද්විත්වයේ දී අනුශූරයන් බවට පත් වූ ගාලු ක්‍රීඩකයෝ මෙවර තරගවාලියේ දී මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට පත් වෙමින් ප්‍රතිවාදී කණ්ඩායම් අතුරින් ඉදිරියෙන් සිටීමට සමත් වෙනවා.  

ඔවුන්ගේ එම ගමනේ දී වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා ලෙසින් සේ ම විශ්වාසවන්ත ම ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඉසුර උදාන යි. ඔහු මේ දක්වා පැවැති තරගවල දී කඩුලු 11ක් සහ ලකුණු 124ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

කණ්ඩායමේ මේ දක්වා වැඩිම ලකුණු ලබා ඇති පිතිකරු බවට පත් ව සිටින්නේ එංගලන්ත ක්‍රීඩක Alex Hales. ඔහු තරග 6ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 224ක් ලබා ගනිමින් මෙම ස්ථානයේ රැදී සිටිනවා. ඊට අමතර ව නවසීලන්ත ක්‍රීඩක Tim Seifert ලකුණු 224ක් ලබා ගනිමින් ද සහ නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 153ක් ලබා ගනිමින් ද කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්ෂතා දක්වා තිබෙනවා.  

පන්දු යැවීමේ දී ඉසුරු උදානට අමතර ව  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දකුණතින් මඳ වේග පන්දු යවන Zahoor Khan කඩුලු 9ක් ලබා ගනිමින් ද සහ දකුණු අප්‍රිකාවේ දකුණතින් මඳ වේග පන්දු යවන Dwaine Pretorius කඩුලු 7ක් ද ලබා ගනිමින් ගාලු කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දක්වා තිබෙනවා. 

Galle Marvels මේ දක්වා පැමිණි ගමන් මඟ  

  Teams  Results 
1  Jaffna Kings  Galle Marvels කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
2  Colombo Strikers  Galle Marvels කණ්ඩායමට ලකුණු 7ක ජයක්.  
3  Jaffna Kings  Jaffna Kings කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
4  Kandy Falcons  Galle Marvels කඩුලු 6ක ජයක්.  
5  Dambulla Sixers  Dambulla Sixers කණ්ඩායමට ලකුණු 25ක ජයක්.  
6  Kandy Falcons  Galle Marvels කඩුලු 8ක ජයක්.  

 

Colombo Strikers 

මේ දක්වා වූ ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානය පත් අගනුවර කණ්ඩායම වෙනුවෙන් වඩාත් දක්ෂතා දක්වා ඇති පිතිකරු බවට පත් ව සිටින්නේ නවසීලන්තයේ Glenn Phillips. ඔහු තරග 5ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 206ක් ලබා ගනිමින් එම අසුන වෙන්කර ගන්නවා.  

ඊට අමතර ව ඇෆ්ගනිස්තානයේ Rahmanullah Gurbaz ලකුණු 129ක් ලබා ගනිමින් ද සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 113ක් ද ලබා ගනිමින් අගනුවර කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වනවා. 

මෙම කණ්ඩායමේ පන්දු යැවීමේ දී වඩාත් දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් වෙන්නේ පාකිස්තානයේ Shadab Khan. ඔහු කඩුලු 10ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙද්දී දුනිත් වෙල්ලාගේ සහ මතීෂ පතිරණ කඩුලු 5ක් බැගින් ලබා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූවන් අතර ඉදිරියෙන් සිටිනවා.  

Colombo Strikers මේ දක්වා පැමිණි ගමන් මඟ  

  Teams  Results 
1  Kandy Falcons  Colombo Strikers කණ්ඩායමට ලකුණු 51ක ජයක්.  
2  Galle Marvels  Galle Marvels කණ්ඩායමට ලකුණු 7ක ජයක්.  
3  Kandy Falcons  Colombo Strikers කණ්ඩායමට ලකුණු 2ක ජයක්.  
4  Dambulla Sixers  Dambulla Sixers කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  
5  Jaffna Kings  Jaffna Kings කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

Dambulla Sixers 

පසුගිය වසරේ අනුශූරයන් බවට පත් වූ දඹුලු කණ්ඩායමේ මේ වෙද්දී දක්ෂත ම ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ කුසල් ජනිත් පෙරේරා යි. ඔහු නිමා වූ තරග 5 දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 215ක් ලබා ගනිමින් මේ තැනට පත් ව සිටිනවා.  

ඊට අමතර ව පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වූවන් අතුරින් නවසීලන්තයේ Mark Chapman (189) සහ දකුණු අප්‍රිකාවේ Reeza Hendricks (150) ඉදිරියෙන් පසු වෙනවා. 

පන්දු යැවීමේ දී වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ නුවන් තුෂාර යි. ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 7ක්.  

Dambulla Sixers මේ දක්වා පැමිණි ගමන් මඟ 

  Teams  Results 
1  Kandy Falcons  Kandy Falcons කණ්ඩායමට කඩුලු 6ක ජයක්. 
2  Jaffna Kings  Jaffna Kings කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  
3  Jaffna Kings  Jaffna Kings කණ්ඩායමට ලකුණු 30ක ජයක්.  
4  Colombo Strikers  Dambulla Sixers කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  
5  Galle Marvels  Dambulla Sixers කණ්ඩායමට ලකුණු 25ක ජයක්.  

 

Kandy Falcons 

පසුගිය වසරේ ශූරයන් වූ මහනුවර ක්‍රීඩකයෝ අගනුවර සේන්දු වෙන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ අසුන් ගනිමිනුයි.  

ඔවුන් ඒ දක්වා පැමිණි ගමනේ දී වඩාත් දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් වෙන්නේ දිනේෂ් චන්දිමාල්. ඔහු නිමා වූ තරග 6 දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 237ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා.  

ඊට අමතර ව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Andre Fletcher ලකුණු 203ක් ලබා ගනිමින් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුනු 178ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ ඉදිරි පෙළ අසුන් වෙන් කර ගන්නවා.  

මහනුවර කණ්ඩායම වෙනුවෙන් වඩාත් දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ දසුන් ශානක යි. ඔහු මෙම ලැයිස්තුවේ පළමු වැනි ස්ථානයට පත් වෙන්නේ කඩුලු 8ක් ලබා ගනිමිනුයි. 

ඊට අමතර ව දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 6ක් බැගින් දවා ගනිමින් එම ලැයිස්තුවට එක් වෙනවා.  

Kandy Falcons කණ්ඩායම මේ දක්වා පැමිණි ගමන් මඟ  

  Teams  Results 
1  Dambulla Sixers  Kandy Falcons කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  
2  Colombo Strikers  Colombo Strikers ලකුණු 51ක ජයක්.  
3  Colombo Strikers  Colombo Strikers කණ්ඩායමට ලකුණු 2ක ජයක්.  
4  Galle Marvels  Galle Marvels කණ්ඩායමට කඩුලු 6ක ජයක්. 
5  Jaffna Kings  Kandy Falcons කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  
6  Galle Marvels  Galle Marvels කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  

 

මේ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අගනුවර දී ක්‍රියාත්මක වීමට නියමිත තෙවැනි අදියර වඩාත් උණුසුම් සහ තරගකාරී මුහණුවරක් ගනු ඇති බවට මේ වෙන විට පෙනී යන අතර ඒ අනුව කිසිදු කණ්ඩායමකට තම ප්‍රතිවාදීන් සුළු කොට තැකීමට හැකි වන්නේ නැහැ.  

ඒ අනුව ක්‍රියාත්මක වන තරගාවලියේ අගනුවර තරග කාලසටහන සැකසෙන්නේ මේ ආකාරයෙනුයි.  

  • ජුලි 13 වැනිදා

15 වැනි තරගය, Jaffna Kings සහ Kandy Falcons – රාත්‍රී 7.30 

  • ජුලි 14 වැනිදා 

16 වැනි තරගය, Dambulla Sixers සහ Galle Marvels – සවස 3.00 

17 වැනි තරගය, Colombo Strikers සහ Jaffna Kings – රාත්‍රී 7.30 

  • ජුලි 15 වැනිදා

18 වැනි තරගය, Kandy Falcons සහ Dambulla Sixers – සවස 3.00 

19 වැනි තරගය, Colombo Strikers සහ Galle Marvels – රාත්‍රී 7.30 

  • ජුලි 16 වැනිදා

20 වැනි තරගය, Colombo Strikers සහ Dambulla Sixers – රාත්‍රී 7.30 

  • ජුලි 18 වැනිදා

Qualifier පළමු තරගය – සවස 3.00 

Eliminator තරගය – රාත්‍රී 7.30 

  • ජුලි 20 වැනිදා

Qualifier 2 වැනි තරගය – රාත්‍රී 7.30 

  • ජුලි 21 වැනිදා

අවසන් මහා තරගය – රාත්‍රී 7.30 

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<