ඇසල වසන්තය හා එන LPL මෙහෙයුම

Lanka Premier League 2024

48

Lanka Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර ජුලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, දඹුල්ල – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.  

මෙවර ද සුපුරුදු ලෙසින් ම කණ්ඩායම් 5ක් තරගාවලියට එක් වීමට නියමිත අතර එම කණ්ඩායම් මෙවර නම් ලැබ තිබෙන්නේ Kandy Falcons, Dambulla Sixers, Jaffna Kings, Galle Marvels සහ Colombo Strikers ලෙසයි.  

Lanka Premier League තරග ඉතිහාසයේ Jaffna කණ්ඩායම 2020, 2021 සහ 2022 වසරවල දී ද Kandy කණ්ඩායම 2023 වසරේ දී ශූරතාව දිනා ගැනිමට සමත් වෙනවා. මේ අවස්ථාවන්වල දී අනුශූරයන් බවට පත් වෙන්නේ පිළිවෙළින් Galle කණ්ඩායම පළමු අවස්ථා 2 දී ද, ඉන් අනතුරු ව Colombo සහ Dambulla යන කණ්ඩායම් ද්විත්වයයි.  

තරග ජයග්‍රහණ බෙදී ගිය ආකාරය 

Teams  Match  Won  Lost  Tie & Win  Tie & Lost  NR 
Colombo  37  17  19  1  0   0 
Dambulla  37  18  16  0  1  2 
Galle  39  13  24  1  0  1 
Jaffna  40  25  14  0  0  1 
Kandy  37  18  18  0  1  0 

 

මෙතෙක් පැවැති තරගාවලියන් හී සුවිශේෂී වාර්තාවන් 

240/4 (50.0): කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ලෙස සැලකෙන්නේ 2022 වසරේ දී Jaffna Kings විසින් Dambulla Aura කණ්ඩායමට එරෙහි ව ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි. 

69/10 (14.1): තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමිකර ගෙන සිටින්නේ Dambulla Giants කණ්ඩායම විසිනුයි. ඔවුන් 2021 වසරේ දී Jaffna Kings කණ්ඩායම හමුවේ එම දුර්වල ඉනිම ක්‍රියාත්මක කරනවා.  

438: කණ්ඩායම් 2ක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගෙන සිටින්නේ 2020 වසරේ දී Kandy Tuskers (219/3) සහ Colombo Kings (219/7) කණ්ඩායම් විසින් වාර්තා කරන ඉනිම් ද්විත්වයයි.  

140: කණ්ඩායම් 2ක් විසින් වාර්තා කරන ලද අඩු ම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සතු වෙන්නේ Dambulla Giants (69/10) සහ Jaffna Kings  (71/3) කණ්ඩායම් විසින් 2021 වසරේ දී වාර්තා කරන ලද ඉනිම්වලටයි.  

109: මෙතෙක් තරග ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ජයග්‍රහණයේ වාර්තාව Kandy Falcons කණ්ඩායම සතු වෙනවා. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ 2022 වසරේ දී Colombo Stars කණ්ඩායමට එරෙහිවයි.  

1170: Lanka Premier League විස්සයි විස්ස තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ අවිශ්ක ප්‍රනාන්දු විසින් රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.  

එහි 2 වැනි ස්ථානය ලකුණු 1069ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් ද සහ 3 වැනි ස්ථානය ලකුණු 1066ක් ලබා සිටින කුසල් මෙන්ඩිස් ද රැදී සිටිනවා.  

108*: තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වන්නේ එංගලන්තයේ Laurie Evans. ඔහු මෙම දක්ෂතාව 2020 වසරේ දී Colombo Kings කණ්ඩායම නියෝජනය කරමින් සිදු කරන්නේ Jaffna Stallions කණ්ඩායමට එරෙහිවයි.  

100: ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලෙසින් ඉතිහාස ගත ව සිටින්නේ අවිශ්ක ප්‍රනාන්දු යි. ඔහු 2021 වසරේ දී Jaffna Kings කණ්ඩායම නියෝජනය කරමින් Dambulla Giants කණ්ඩායමට එරෙහිවයි මේ දක්ෂතාව සිදු කරන්නේ.  

10x50s: තරග ඉතිහාසයේ වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා ලෙසින් ද ඉදිරියෙන් ම සිටින්නේ අවිශ්ක ප්‍රනාන්දු යි.  

59x6s: මෙතෙක් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් ද අභිශේක ලබන්නේ අවිශ්ක ප්‍රනාන්දු යි.  

57: Lanka Premier League විස්සයි විස්ස තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව වනිඳු හසරංග සතු වෙනවා.  

එහි 2 වැනි ස්ථානය කඩුලු 43ක් ලබා ගත් නුවන් ප්‍රදීප් ට ද සහ 3 වැනි ස්ථානය කඩුලු  41ක් ලබා ගත් නුවන් තුෂාර ට ද හිමි වෙනවා.  

6/09 (3.2): තරග ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ නිමා වූ වසරේ දී වනිඳු හසරංග විසින් Jaffna Kings කණ්ඩායමට එරෙහි ව පෑ දක්ෂතාවයි. 

163: මෙතෙක් ඕනෑ ම කඩුල්ලක් සඳහා වන හොඳම ලකුණු සබඳතාවේ වාර්තාව සතු වෙන්නේ 2022 වසරේ දී Dambulla Aura කණ්ඩායම නියෝජනය කළ ෂෙවෝන් ඩැනියෙල් සහ  Jordan Cox වෙතයි. ඔවුන් විසින් මෙම දක්ෂතාව දක්වන්නේ Galle Gladiators කණ්ඩායමට එරෙහිව පළමු කඩුල්ලට එක් වෙමිනුයි.  

 තරග කාලසටහන 

  Date  Team 1  Team 2  Time  Venue 
1  ජුලි 01  Kandy Falcons  Dambulla Sixers  රාත්‍රී 7.30  පල්ලෙකැලේ 
2  ජුලි 02  Galle Marvels  Jaffna Kings  සවස 3.00  පල්ලෙකැලේ 
3  Kandy Falcons  Colombo Strikers  රාත්‍රී 7.30  පල්ලෙකැලේ 
4  ජුලි 03  Dambulla Sixers  Jaffna Kings  සවස 3.00  පල්ලෙකැලේ 
5  Colombo Strikers  Galle Marvels  රාත්‍රී 7.30  පල්ලෙකැලේ 
6  ජුලි 05  Galle Marvels  Jaffna Kings  සවස 3.00  දඹුල්ල 
7  ජුලි 06  Kandy Falcons  Colombo Strikers  සවස 3.00  දඹුල්ල 
8  Dambulla Sixers  Jaffna Kings  රාත්‍රී 7.30  දඹුල්ල 
9  ජුලි 07  Kandy Falcons  Galle Marvels  සවස 3.00  දඹුල්ල 
10  Dambulla Sixers  Colombo Strikers  රාත්‍රී 7.30  දඹුල්ල 
11  ජුලි 09  Kandy Falcons  Jaffna Kings  සවස 3.00  දඹුල්ල 
12    Dambulla Sixers  Galle Marvels  රාත්‍රී 7.30  දඹුල්ල 
13  ජුලි 10  Colombo Strikers  Jaffna Kings  සවස 3.00  දඹුල්ල 
14  Kandy Falcons  Galle Marvels  රාත්‍රී 7.30  දඹුල්ල 
15  ජුලි 13  Kandy Falcons  Jaffna Kings  රාත්‍රී 7.30  කොළඹ 
16  ජුලි 14  Dambulla Sixers  Galle Marvels  සවස 3.00  කොළඹ 
17  Colombo Strikers  Jaffna Kings  රාත්‍රී 7.30  කොළඹ 
18  ජුලි 15  Kandy Falcons  Dambulla Sixers  සවස 3.00  කොළඹ 
19  Colombo Strikers  Galle Marvels  රාත්‍රී 7.30  කොළඹ 
20  ජුලි 16  Colombo Strikers  Dambulla Sixers  රාත්‍රී 7.30  කොළඹ 
21  ජුලි 18  Qualifier 1  සවස 3.00  කොළඹ 
22  Eliminator1  රාත්‍රී 7.30  කොළඹ 
23  ජුලි 20  Qualifier 2  රාත්‍රී 7.30  කොළඹ 
24  ජුලි 21  අවසන් මහා තරගය  රාත්‍රී 7.30  කොළඹ 

Kandy Falcons 

මීට පෙර මෙම කණ්ඩායම 2020 වසරේ දී Kandy Tuskers, 2021 වසරේ දී Kandy Warriors, 2022 වසරේ දී Kandy Falcons සහ 2023 වසරේ දී  B-Love Kandy යන නමින් ද හැඳින් වූ මෙම කණ්ඩායම නැවත මෙවර Kandy Falcons යන නමින් තරග පිටියට පිවිසීමට නියමිතයි.   

Kandy Falcons කණ්ඩායමේ සංචිතය – වනිඳු හසරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, සම්මු අශාන්, අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, පවන් රත්නායක, චතුරංග ද සිල්වා, දුෂ්මන්ත චමීර, චමත් ගෝමස්, කවිඳු පතිරත්න, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්. 

 

විදෙස් ක්‍රීඩකයන් – Mohammed Haris (පාකිස්තානය), Mohammad Ali (පාකිස්තානය), Mohammad Hasnain (පාකිස්තානය), Andre Fletcher (බටහිර ඉන්දීය කොදෙව්), Salman Ali Agha (පාකිස්තානය), Azam Khan (පාකිස්තානය). 

  • නිලධාරීන් – Mushtaq Ahmed (ප්‍රධාන පුහුණුකරු). 

Colombo Strikers  

2020 වසරේ දී Colombo Kings ලෙසින් ද, 2021 සහ 22 වසර ද්විත්වයේ Colombo Stars ලෙසින් ද සහ 2023 වසරේ දී මෙන් ම මේ වසරේ දී ද Colombo Strikers නමින් Lanka Premier League විස්සයි විස්ස ක්‍රිකට් පිටියට පිවිසෙන ඔවුන් මෙතෙක් මෙම තරග මාලාවන් හී දිනා ඇති ඉහළ ම ජයග්‍රහණය වන්නේ 2022 වසරේ දී අනුශූරයන් වීමයි.  

Colombo Strikers කණ්ඩායමේ සංචිතය – තිසර පෙරේරා (නායක), සධීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, නිපුන් ධනංජය, බිනුර ප්‍රනාන්දු, චාමික ගුණසේකර, මතීෂ පතිරණ, ගරුක සංකේත්, කවින් බණ්ඩාර, ශෙවෝන් ඩැනියෙල්. ෂෙවෝන් ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ඉසිත විජේසුන්දර. 

 

විදෙස් ක්‍රීඩකයන් – Muhammad Waseem (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), Rahmanullah Gurbaz (ඇෆ්ගනිස්තානය), Glenn Phillips (නවසීලන්තය), Shadab Khan (පාකිස්තානය), Allah Ghazanfar (ඇෆ්ගනිස්තානය), Taskin Ahmed (බංග්ලාදේශය). 

 

නිලධාරීන් – Carl Crowe (ප්‍රධාන පුහුණුකරු), චමින්ද වාස් (පන්දු යැවීමේ පුහුණුකරු), Simon Helmot (සහාය පුහුණුකරු). 

Dambulla Sixers  

Lanka Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භක වසර වූ 2020 වසරේ දී Dambulla Viiking ලෙසින් පිටියට පිවිසෙන ඔවුන් ඊට පසු වසර වූ 2021 වසරේ දී Dambulla Giants ලෙසින් ද, 2022 වසරේ දී සහ 2023 වසර ද්විත්වයේ දී Dambulla Aura ලෙසින් ද නම් කෙරෙන ඔවුන්ගේ මෙවර නාමය වන්නේ Dambulla Sixers.  

Dambulla Sixers කණ්ඩායමේ සංචිතය – ධනුශ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ලහිරු උදාර, රනේෂ් සිල්වා, චමිඳු වික්‍රමසිංහ, නුවනිඳු ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ශාන් මධුශංක, නුවන් තුෂාර, නුවන් ප්‍රදීප්, සචිත ජයතිලක, සොනාල් දිනූෂ, අසංක මනෝජ්, දුශාන් හේමන්ත, අකිල දනංජය, ලහිරු මධුශංක, නිමේෂ් විමුක්ති 

 

විදෙස් ක්‍රීඩකයන් – Mohammad Nabi (ඇෆ්ගනිස්තානය /නායක) Ibrahim Zadran (ඇෆ්ගනිස්තානය), Towhim Hridoy (බංග්ලාදේශය), Reeza Hendricks (දකුණු අප්‍රිකාව), Mustafizur Rahman (බංග්ලාදේශය), Mark Chapman (නවසීලන්තය) 

 

නිලධාරීන් – රංගන හේරත් (ප්‍රධාන පුහුණුකරු), රොෂාන් මහානාම (උපදේශක), තිළිණ කණ්ඩම්බි (පිතිකරු පුහුණුකරු), චමිල ගමගේ (පන්දු යැවීමේ පුහුණුකරු), රුවින් පීරිස් (පන්දු රැකීමේ පුහුණුකරු). 

Galle Marvels  

2020, 2021 සහ 2022 වසර ත්‍රිත්වයේ දී Galle Gladiators නමින් Lanka Premier League විස්සයි විස්ස පිටියට එක් වූ ගාලු ක්‍රීඩකයෝ 2023 වසරේ දී Galle Titans ලෙසින් ද සහ මෙවර Galle Marvels නමින් පිටියට එක් වෙනවා.  

ඔවුන් මෙම තරග ආරම්භක වසර ද්විත්වයේ දී අනුශූරයන් බවට පත් ව තිබීම ඔවුන් ලැබූ ඉහළ ම ජයග්‍රහණයයි.  

Galle Marvels කණ්ඩායමේ සංචිතය – නිරෝෂන් දික්වැල්ල (නායක), භානුක රාජපක්ෂ, සදීශ රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ, පසිඳු සූරියබණ්ඩාර, ජෙෆ්රි වැන්ඩර්සේ, ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, මල්ෂ තරුපති, මොහොමඩ් ෂිරාස්, ප්‍රභාත් ජයසූරිය, යූරි කොත්තිගොඩ, චමිඳු විජේසිංහ, ධනංජය ලක්ෂාන්, ජනිත් ලියනගේ, කවිඳු නදීශාන්, ඉසුරු උදාන, සහන් ආරච්චිගේ. 

 

විදෙස් ක්‍රීඩකයෝ – Alex Hales (එංගලන්තය), Zahoor Khan (පාකිස්තානය), Mujeeb Ur Rahman (ඇෆ්ගනිස්තානය) , Dwaine Pretorius (දකුණු අප්‍රිකාව), Sean Williams (සිම්බාබ්වේ), Tim Seifert (නවසීලන්තය). 

 

නිලධාරීන් – Graham Ford (ප්‍රධාන පුහුණුකරු), සනත් ජයසූරිය (උපදේශක), චාමර කපුගෙදර (සහාය පුහුණුකරු), Anton Roux (පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ පුහුණුකරු). 

Jaffna Kings  

2020 වසරේ දී Jaffna Stallions නමින් ලංකා ප්‍රිමියර් ලීග් පිටියට එක් වූ යාපනය ක්‍රීඩකයෝ 2021 වසරේ  Jaffna Kings නමින් භෞතීස්ම ලබනවා. ආරම්භක වසර ත්‍රිත්වයේ ම ශූරයන් ලෙසින් අභිශේක ලබා ඇත්තේ ඔවුනුයි.  

Jaffna Kings කණ්ඩායමේ සංචිතය – චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, නිශාන් මධුශ්ක, අහන් වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, විජයකාන්ත් වියස්කාන්ත්, ඒශාන් මාලිංග, මර්වින් අභිනාශ්, නිසල තාරක, ධනංජය ද සිල්වා, ලහිරු සමරකෝන්, මනුජ සහන්, අරුල් ප්‍රගාසම්, තීසාන් විතුසාන්, කුසල් මෙන්ඩිස්, විශාද් රන්දික. 

 

විදෙස් ක්‍රීඩකයෝ – Rilee Rossoum (දකුණු අප්‍රිකාව), Alex Ross (ඔස්ට්‍රේලියාව), Jason Behrendorff (ඔස්ට්‍රේලියාව), Azmatullah Omarzai (ඇෆ්ගනිස්තානය), Fabian Allen (බටහිර ඉන්දීය කොදෙව්). 

 

නිලධාරීන් – අවිශ්ක ගුණවර්ධන (ප්‍රධාන පුහුණුකරු), මාරියෝ වෙල්ලවරායන් (සහාය පුහුණුකරු), ජෙහාන් මුබාරක් (පිතිකරු පුහුණුකරු), සචිත් පතිරණ (පන්දු යැවීමේ පුහුණුකරු), විමුක්ති දේශප්‍රිය (පන්දු රැකිමේ පුහුණුකරු). 

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<