Home Sinhala චන්දිමාල් වීරයා වෙද්දී පැතුම් අංක 1ට එයි

චන්දිමාල් වීරයා වෙද්දී පැතුම් අංක 1ට එයි

LPL 2024

44

දිනේෂ් චන්දිමාල් ගේ ප්‍රහාරාත්මක ඉනිම හේතුවෙන් Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වූ Jaffna Kings සහ Kandy Falcons අතර තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Kandy Falcons ක්‍රීඩකයෝ සමත් වෙද්දී ප්‍රතිවාදී කණ්ඩායමේ පැතුම් නිස්සංක LPL තරග ඉතිහාසයේ ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ද සමත් වූවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (09) පස්වරුවේ නිමා වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 224ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 230ක් ලබා ගත්තා.

එය LPL තරග ඉතිහාසයේ ඉහළ ම හඹා යෑම ලෙසින් වාර්තා පොත් අතර එක් වෙද්දී කණ්ඩායම් 2 එක් ව ලබා ගන්නා ලද ලකුණු 454 ද වාර්තා පොත් අතරට එක් වූයේ 2020 වසරේ දී Kandy Tuskers (219/3) සහ Colombo Kings (219/7) කණ්ඩායම් විසින් වාර්තා කරන ඉනිම් ද්විත්වයේ දී ලබා ගන්නා ලද ලකුණු 438 අභිබවා යමිනුයි. මෙතෙක් LPL තරග ඉතිහාසයේ ඉහළ ම හඹා යෑම ලෙසින් ද වාර්තා පොත් අතරට එක් ව තිබුණේ ඉහත තරගයයි.

අද තරගයේ දී පැතුම් නිස්සංක පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 119ක් ලබා ගනිමින්  පසු කරන්නේ 2020 වසරේ දී Colombo Kings කණ්ඩායම නියෝජනය කරමින් Laurie Evans විසින් Jaffna Stallions කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 108 යි.

කාසියේ වාසිය දිනා ගත් Kandy Falcons නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් එක් ව ආරම්භක කඩුල්ලට ලකුණු 112ක සබඳතාවක් ගොඩ නගන්නේ පන්දු 63ක් පමණක් වැය කරමිනුයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 26කට පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය අතර අනතුරු ව පිටියට පිවිසි Rilee Rossouw වේගවත් ඉනිමක් ක්‍රීඩා කරන්නේ පන්දු 18කට පමණක් මුහුණ දෙමින් ලකුණු 41ක් ලබා ගනිමිනුයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් ඇතුලත් වුනා.

ඔහු සහ පැතුම් අතර 2 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 50ක් වූ අතර ඒ සඳහා වැය වන්නේ පන්දු 27ක් පමණයි. යාපනය ඉනිමට ලකුණු 200ක් පිවිස ටික වේලාවකින් පැතුම් නිස්සංකගේ වාර්තා ගත ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ පන්දුවාර 17.2ක දී කඩුලු 3ක් දැවී ලකුණු 202ක් ලෙසයි.

අනතුරු ව අවිශ්ක ප්‍රනාන්දු පන්දු 7ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා ගනිමින් දැවී යන අතර ඉනිම අවසන් වන විට Fabian Allen නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී දසුන් ශානක ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත් අතර රමේෂ් මෙන්ඩිස් සහ දුෂ්මන්ත චමීර කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

ලකුණු 225ක් හඹා යන මහනුවර ඉනිම ආරම්භ කරන්නේ දිනේෂ් චන්දිමාල් සහ Andre Fletcher එක්වයි. ඔවුන් දෙදෙනා එක් ව පන්දු 14ක දී ලකුණු 34ක් ලබා ගනිද්දී පළමු කඩුල්ල ලෙසින් Andre Fletcher ලකුණු 13කට ඉනිම හැර යනවා.

ඊට පසුව Mohammad Haris පිටියට පිවිසිය ද ඔහුට දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ නැහැ. 2 වැනි කඩුල්ලට ලකුණු 58ක් එක් වෙද්දී ඔහු ලකුණු 25කට දැවී යනවා.

අනතුරු ව කමිඳු මෙන්ඩිස් හා එක් වෙන දිනේෂ් චන්දිමාල් ප්‍රතිවාදීන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරනවා. ඔහු මහනුවර ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 37කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 89ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 72ක් එක් කරමින් ජයග්‍රහණය ආසන්නයට ම තම කණ්ඩායම රැගෙන යනවා.

දිනේෂ් චන්දිමාල් ගේ දැවී යෑමත් සමඟින් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස් හා එක් ව තරගය ජයග්‍රහණය කරා රැගෙන යන්නේ තම කණ්ඩායමට තවත් පන්දු 10ක් මෙන් ම කඩුලු 7ක් ද ඉතිරි කර ගනිමිනුයි.

එහි දී කමිඳු මෙන්ඩිස් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ද සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා අතර සිව් වැනි කඩුල්ලට නොබිඳුණ සබදතාව ලකුණු 66ක්. ඒ සඳහා ඔවුන්ට වැය වන්නේ පන්දු 27ක් පමණක් වන අතර ඒ අතරට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් එක් කිරීමට ද ඔවුන් සමත් වෙනවා.

පන්දු යැවීමේ දී Tabraiz Shamsi ලකුණු 46කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය ප්‍රමෝද් මධුශාන් ට හිමි වෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna Kings – කඩුලු 7ක් දැවී 224 (20.0) පැතුම් නිස්සංක 119, කුසල් මෙන්ඩිස් 26, Rilee Rossouw 41, දසුන් ශානක 3/40, දුෂ්මන්ත චමීර 2/44, රමේෂ් මෙන්ඩිස් 2/2

 

Kandy Falcons – කඩුලු 3ක් දැවී 230 (18.2) දිනේෂ් චන්දිමාල් 89, Mohammad Haris 25, කමිඳු මෙන්ඩිස් නොදැවී 65, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 29, Tabraiz Shamsi 2/46

 

Kandy Falcons කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • තරගයේ වීරයා – දිනේෂ් චන්දිමාල් (Kandy Falcons)

මෙම තරග ජයග්‍රහණයත් සමඟන් Kandy Falcons කණ්ඩායම මෙවර තරගාවලියේ තම 2 වැනි ජයග්‍රහණය වාර්තා කරන ලද අතර ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ සිව් වැනි තැනට පත් වෙනවා. Jaffna Kings කණ්ඩායම තව දුරටත් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Kandy Falcons
230/3 (18.2)

Jaffna Kings
224/7 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Kamindu Mendis b Dasun Shanaka 119 59 16 4 201.69
Kusal Mendis lbw b Ramesh Mendis 26 23 2 0 113.04
Rilee Rossouw b Ramesh Mendis 41 18 2 4 227.78
Avishka Fernando b Dushmantha Chameera 16 7 3 0 228.57
Charith Asalanka c Andre Fletcher b Dushmantha Chameera 2 4 0 0 50.00
Azmatullah Omarzai c Kavindu Pathiratne b Dasun Shanaka 1 2 0 0 50.00
Fabian Allen not out 10 5 2 0 200.00
Wanuja Sahan b Dasun Shanaka 0 1 0 0 0.00
Pramod Madushan not out 1 1 0 0 100.00


Extras 8 (b 0 , lb 0 , nb 0, w 8, pen 0)
Total 224/7 (20 Overs, RR: 11.2)
Bowling O M R W Econ
Dasun Shanaka 4 0 40 3 10.00
Shoriful Islam 3 0 47 0 15.67
Dushmantha Chameera 4 0 44 2 11.00
Wanindu Hasaranga 4 0 40 0 10.00
Kamindu Mendis 2 0 25 0 12.50
Ramesh Mendis 3 0 28 2 9.33


Batsmen R B 4s 6s SR
Dinesh Chandimal b Tabraiz Shamsi 89 37 8 7 240.54
Andre Fletcher b Pramod Madushan 13 6 1 1 216.67
Mohammad Haris lbw b Tabraiz Shamsi 25 18 5 0 138.89
Kamindu Mendis not out 65 36 5 4 180.56
Angelo Mathews not out 29 13 2 2 223.08


Extras 9 (b 0 , lb 4 , nb 0, w 5, pen 0)
Total 230/3 (18.2 Overs, RR: 12.55)
Bowling O M R W Econ
Azmatullah Omarzai 3 0 45 0 15.00
Fabian Allen 2 0 22 0 11.00
Pramod Madushan 3 0 33 1 11.00
Asitha Fernando  3.2 0 35 0 10.94
Wanuja Sahan 2 0 29 0 14.50
Tabraiz Shamsi 4 0 46 2 11.50
Charith Asalanka 1 0 16 0 16.00