Home Sinhala Tim වනිඳුගේ උත්සාහය විනාශ කර දමයි

Tim වනිඳුගේ උත්සාහය විනාශ කර දමයි

LPL 2024

178

Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වූ Galle Marvels සහ Kandy Falcons අතර තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Galle Marvels ක්‍රීඩකයෝ සමත් වූවා.   

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (07) පස්වරුවේ නිමා වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 17ක් ඉතිරි ව තිබිය දී ලකුණු 176ක් ලබා ගත්තා.  

කාසියේ වාසිය දිනා ගත් Galle Marvels කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම ලබා ගත්තේ අසාර්ථක ආරම්භයක්. ඔවුන්ට පළමු Power Play අවස්ථාවේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 36ක් පමණක් වන අතර ඒ වෙද්දී ඔවුන්ට කඩුලු 4ක් ද අහිමි ව තිබුණා.  

කෙසේ වෙතත් 5 වැනි කඩුල්ල සඳහා එක් වූ ආරම්භක පිතිකරු Andre Fletcher සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 35ක දී ලකුණු 45ක සබඳතාවක් එක් කරමින් Kandy Falcons කණ්ඩායමට යම් ස්ථාවර බවක් එක් කළා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Andre Fletcher ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.  

අනතුරු ව ඇන්ජලෝ මැතිව්ස් සහ නායක වනිඳු හසරංග එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 58ක සබඳතාවක් එක් කිරීමට සමත් වූවා. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25කට දැවී ගියා.  

වනිඳු හසරංග මහනුවර ඉනිම අවසන් වෙද්දී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වූවා.  

කඩුලු දවා ගැනීමේ දී ලකුණු 30කට කඩුලු 3ක් දවා ගැනීමට ඉසුරු උදාන සමත් වූවා. ඔහු දවා ගත් මෙම කඩුලු ත්‍රිත්වය ම පළමු Power Play අවස්ථාවේ දී වාර්තා වීම කැපී පෙණුනා. ඊට අමතර ව Zahoor Khan කඩුලු 2ක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ සහ Dwaine Pretorius කඩුල්ල බැගින් බෙදා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Galle Marvels කණ්ඩායමේ ආරම්භය ද එතරම් ම සුබදායි නොවූව ද ඔවුන් පළමු Power Play අවස්ථාව නිමා කරන්නේ ලකුණු 89ක් ලබා ගනිමිනුයි. එහි ප්‍රහාරාත්මක දළ වේගය වූයේ පන්දුවාරයකට ලකුණු 14.8ක්.  

මෙහි පූර්ණ ගෞරවය Alex Hales සහ Tim Seifert සතු වෙනවා. පළමු කඩුල්ල ලෙසින් නිරෝෂන් දික්වැල්ල (12) දැවී ගිය පසු 2 වැනි කඩුල්ලට එක් වූ ඔවුන් දෙදෙනා පළමු Power Play අවස්ථාව නිමා කරද්දී පන්දු 30ක දී ලකුණු 77ක් තම කණ්ඩායමට එක් කරනවා 

Alex Hales පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 38කට දැවී යද්දී ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 79ක් එක් කර තිබුණා. 

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව භානුක රාජපක්ෂ (16) සහ ජනිත් ලියනගේ (11) ද ගාලු ඉනිම අතර මඟ දී දැවී ගියා.  

පෙර තරගයේ දී ද නොදැවී ශතකයක් වාර්තා කළ Tim Seifert මෙම තරගය ජයග්‍රහණයෙන් කෙළවර කරද්දී පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා සිටියා. මේ අතර අනෙක් අන්තයේ පන්දු 9ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 9ක් ලබා සිටි සහන් ආරච්චිගේ රැදී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී  Shoriful Islam ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත් අතර වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Kandy Falcons – කඩුලු 7ක් දැවී 175 (20.0) Andre Fletcher 50, ඇන්ජලෝ මැතිව්ස් 25, වනිඳු හසරංග නොදැවී 65, ඉසුරු උදාන 3/30, Zahoor Khan 2/29 

 

Galle Marvels – කඩුලු 4ක් දැවී 176 (17.1) Alex Hales 38, Tim Seifert නොදැවී 82, Shoriful Islam 2/32 

 

Galle Marvels කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

  • තරගයේ වීරයා – ඉසුරු උදාන (Galle Marvels)  

මෙම තරගයේ නිමාවත් සමඟින් මෙතෙක් පැවැති තරගාවලියේ දී ගාලු ක්‍රීඩකයෝ යාපනය ක්‍රීඩකයන් සමඟ සම ප්‍රසාද ලකුණු ලබා ගනිමින් පළමු ස්ථාන ද්විත්වයේ රැදී සිටින අතර මහනුවර ක්‍රීඩකයන්ට හිමි ව තිබෙනුයේ 4 වැනි ස්ථානයයි.  

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Kandy Falcons
175/7 (20)

Galle Marvels
176/4 (17.1)

Batsmen R B 4s 6s SR
Dinesh Chandimal c Bhanuka Rajapaksa b Dwaine Pretorius 1 3 0 0 33.33
Andre Fletcher lbw b Maheesh Theekshana 50 36 4 2 138.89
Mohammad Haris lbw b Isuru Udana 0 3 0 0 0.00
Kamindu Mendis c Bhanuka Rajapaksa b Isuru Udana 10 10 0 1 100.00
Pavan Rathnayake c Kavindu Nadeeshan b Isuru Udana 0 2 0 0 0.00
Angelo Mathews c & b Zahoor Khan 25 27 2 0 92.59
Wanindu Hasaranga not out 65 32 7 3 203.12
Dasun Shanaka b Zahoor Khan 9 4 0 1 225.00
Dushmantha Chameera not out 5 3 1 0 166.67


Extras 10 (b 0 , lb 3 , nb 0, w 7, pen 0)
Total 175/7 (20 Overs, RR: 8.75)
Bowling O M R W Econ
Dwaine Pretorius 4 0 40 1 10.00
Isuru Udana 4 0 30 3 7.50
Zahoor Khan 4 0 29 2 7.25
Kavindu Nadeeshan 2 0 24 0 12.00
Maheesh Theekshana 4 0 32 1 8.00
Janith Liyanage  2 0 17 0 8.50


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Andre Fletcher b Shoriful Islam 12 6 3 0 200.00
Alex Hales c Pavan Rathnayake b Wanindu Hasaranga 38 19 4 3 200.00
Tim Seifert not out 82 49 11 2 167.35
Bhanuka Rajapaksa b Shoriful Islam 16 13 0 2 123.08
Janith Liyanage  st Dinesh Chandimal b Lakshan Sandakan 11 7 2 0 157.14
Sahan Arachchige not out 9 9 1 0 100.00


Extras 8 (b 0 , lb 1 , nb 0, w 7, pen 0)
Total 176/4 (17.1 Overs, RR: 10.25)
Bowling O M R W Econ
Shoriful Islam 4 0 32 2 8.00
Dasun Shanaka 1.1 0 19 0 17.27
Dushmantha Chameera 4 0 42 0 10.50
Wanindu Hasaranga 4 0 36 1 9.00
Lakshan Sandakan 4 0 46 1 11.50