Home Sinhala මතීෂ Kandy ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

මතීෂ Kandy ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

LPL 2024

162
LPL 2024

එක් පන්දුවාරයක් තුළ දී පන්දුවක් හැර පන්දුවක දී කඩුලු 3ක් සමඟින් තරගයේ දී ලකුණු 26කට කඩුලු 4ක් ලබා ගනිමින් මතීෂ පතිරණ දැක් වූ දක්ෂතාව හේතුවෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (06) පස්වරුවේ නිමා වූ Colombo Strikers සහ Kandy Falcons අතර තරගයෙන් ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo Strikers ක්‍රීඩකයෝ සමත් වූවා.  

Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kandy Falcons කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Strikers ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 199ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට Kandy Falcons කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 197ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Strikers ක්‍රීඩකයෝ ආරම්භයේ සිට ම Kandy Falcons ලා අණ්ඩු-මට්ටු කරන ඉනිමක නිරත වූ අයුරකුයි දකින්නට ලැබුණේ. ඔවුන් තම පළමු ලකුණු 50 ලබා ගැනීමට වැය කරන්නේ පන්දු 19ක් පමණයි.

එහි දී ක්‍රියාත්මක වී සිටියේ Rahmanullah Gurbaz සහ ඇන්ජලෝ පෙරේරා යි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට පන්දු 21ක දී ලකුණු 53ක් එක් වෙද්දී Rahmanullah Gurbaz කොළඹ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.

තම කණ්ඩායමට පන්දු 23ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා දෙමින් සිටි ඇන්ජලෝ පෙරේරා 2 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙන විට කොළඹ ඉනිමේ යවා තිබුණේ පන්දු 50ක් පමණයි. ඒ වෙද්දී ඔවුන් ලකුණු 85ක් තම ඉනිමට එක් කරගෙන තිබුණා.

එතැන් සිට සදීර සමරවික්‍රම (5), දුනිත් වෙල්ලාලගේ (6) සහ නායක තිසර පෙරේරා (6) අඩු ලකුණුවලට සීමා වෙමින් පිටිය හැර යද්දී අනෙක් අන්තයේ සිටි  Glenn Phillips මහනුවර පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් අර්ධ ශතක ඉනිමක් ද ගොඩ නගා සිටියා.

ඔහු 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 70ක් ගත්තේ පන්දු 43ක් පමණක් වැය කරමිනුයි.

අනතුරුව Shadab Khan පන්දු 12ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ චාමික කරුණාරත්න පන්දු 5කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ද ලබා ගනිමින් Colombo Strikers ඉනිමට දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට දායකත්වය දැක් වූවා.

කඩුලු ලබා ගැනීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත් අතර වනිඳු හසරංග සහ Shoriful Islam කඩුලු 2ක් බැගින් ද, දසුන් ශානක සහ චතුරංග ද සිල්වා කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 200ක් හඹා යෑමේ ඉනිමක නිරත වූ Kandy Falcons කණ්ඩායම පාලනය කිරීමේ දී වඩාත් කැපී පෙණෙන මෙහෙවරක නිරත වීමට මතීෂ පතිරණ සමත් වූවා.

කෙසේ වෙතත් මහනුවර ඉනිමේ ආරම්භය ඉතා ප්‍රබල තත්ත්වයකයි පසු වූයේ. ඉනිමේ 17 වැනි පන්දුවාරය යැවීමට මතීෂ පතිරණට ආරාධනා ලැබෙන විට මහනුවර ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 159ක් ලෙසයි. එම පන්දුවාරය තීරණාත්මක පන්දුවාරයක් බවට පත් කළ මතීෂ පතිරණ කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක සහ වනිඳු හසරංග දවා ගනිමින් තම පන්දුවාර ලකුණු 6කට සීමා කරනවා.

ඉන් නොනැවතුණ ඔහු ඊට පසුව යැවුණ 19 වැනි පන්දුවාරය පා ලකුණක් සමඟින් ලකුණු 3කට සීමා කරමින් යැවීමට ද සමත් වෙනවා.

ඊට පසුව එළැඹි අවසන් පන්දුවාරයේ දී Kandy Falcons ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 20ක් අවශ්‍ය වූ අතර එම පන්දුවාරයේ පළමු පන්දුවේ දී ම චතුරංග ද සිල්වා දවා ගනිමින් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට තිසර පෙරේරා සමත් වූවා.

ඊට පසු පන්දුවේ දී තවත් එක් ලකුණක් මහනුවර ඉනිමට එකතු වූ අතර ඊට පසුව පන්දු 3 කොළඹ ක්‍රීඩකයන් කිසිසේත් ම සුබදායි වූයේ නැහැ. හයේ පහරක්, හතරේ පහරක් සහ නැවත හයේ පහරක් ලෙසින් වූ එම පන්දු 3ක දී ලකුණු 16ක් එක් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වූවා. ඒ අනුව අවසන් පන්දුවේ දී මහනුවර කණ්ඩායමේ ඉලක්කය වූයේ ලකුණු 3ක් පමණයි.

නමුත් එම පන්දුවේ දී ඇන්ජලෝ මැතිව්ස් පරාජය කරමින් තිසර පෙරේරා ජය ගැනීමට සමත් වෙන්නේ ඔහු දුවද්දී දවා ගැනීමට ද ලක් කරමිනුයි. තරගයට තියුණු මුහුණුවරක් එක් කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

ඊට පෙර මහනුවර ඉනිම වෙනුවෙන් Mohammad Haris පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 56ක් එක් කළ අතර ඔහු  Andre Fletcher සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 54ක දී ලකුණු 95ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.

Andre Fletcher පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට අමතර ව කමිඳු මෙන්ඩිස් පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවතයට ගෙන යෑමට උත්සාහ කළා.

එම උත්සාහයන් අසාර්ථක කිරීමේ දී මතීෂ පතිරණට අමතර ව තිසර පෙරේරා, Shadab Khan සහ Taskin Ahmed කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo Strikers – කඩුලු 9ක් දැවී 199 (20.0) Rahmanullah Gurbaz 20, ඇන්ජලෝ පෙරේරා 38, Glenn Phillips 70, Shadab Khan 23, Shoriful Islam 2/43, දුෂ්මන්ත චමීර 3/40, වනිඳු හසරංග 2/37

 

Kandy Falcons – කඩුලු 8ක් දැවී 197 (20.0) Andre Fletcher 47, Mohammad Haris 56, කමිඳු මෙන්ඩිස් 36, ඇන්ජලෝ මැතිව්ස් 33, මතීෂ පතිරණ 4/26

 

Colombo Strikers කණ්ඩායමට ලකුණු 2ක ජයක්.

  • තරගයේ වීරයා – මතීෂ පතිරණ (Colombo Strikers)

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Result


Kandy Falcons
197/8 (20)

Colombo Strikers
199/9 (20)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Kamindu Mendis b Shoriful Islam 20 10 0 3 200.00
Angelo Perera c Andre Fletcher b Chaturanga de Silva 38 23 3 2 165.22
Glenn Phillips c Mohammad Haris b Dushmantha Chameera 70 43 6 3 162.79
Sadeera Samarawickrama c Dasun Shanaka b Dushmantha Chameera 5 7 0 0 71.43
Dunith Wellalage lbw b Wanindu Hasaranga 6 9 0 0 66.67
Thisara Perera b Wanindu Hasaranga 6 2 0 1 300.00
Shadab Khan c & b Dasun Shanaka 23 12 2 1 191.67
Chamika Karunaratne c Dushmantha Chameera b Shoriful Islam 13 5 1 1 260.00
Shoriful Islam c Wanindu Hasaranga b Dushmantha Chameera 7 3 0 1 233.33
Matheesha Pathirana not out 2 4 0 0 50.00
Garuka Sanketh not out 1 2 0 0 50.00


Extras 8 (b 0 , lb 4 , nb 0, w 4, pen 0)
Total 199/9 (20 Overs, RR: 9.95)
Bowling O M R W Econ
Angelo Mathews 1 0 7 0 7.00
Shoriful Islam 4 0 43 2 10.75
Chaturanga de Silva 4 0 48 1 12.00
Dushmantha Chameera 4 0 40 3 10.00
Dasun Shanaka 3 0 20 1 6.67
Wanindu Hasaranga 4 0 37 2 9.25


Batsmen R B 4s 6s SR
Dinesh Chandimal b Taskin Ahmed 12 9 0 2 133.33
Andre Fletcher c Sadeera Samarawickrama b Shadab Khan 47 36 5 2 130.56
Mohammad Haris c Sadeera Samarawickrama b Matheesha Pathirana 56 32 5 4 175.00
Kamindu Mendis c Sadeera Samarawickrama b Matheesha Pathirana 36 16 2 4 225.00
Angelo Mathews run out (Thisara Perera) 33 14 4 2 235.71
Dasun Shanaka c Shadab Khan b Matheesha Pathirana 0 2 0 0 0.00
Wanindu Hasaranga b Matheesha Pathirana 0 2 0 0 0.00
Chaturanga de Silva c Dunith Wellalage b Thisara Perera 3 8 0 0 37.50
Pavan Rathnayake not out 1 1 0 0 100.00


Extras 9 (b 0 , lb 2 , nb 0, w 7, pen 0)
Total 197/8 (20 Overs, RR: 9.85)
Bowling O M R W Econ
Taskin Ahmed 4 0 30 1 7.50
Dunith Wellalage 3 0 43 0 14.33
Garuka Sanketh 4 0 57 0 14.25
Thisara Perera 2 0 18 1 9.00
Matheesha Pathirana 4 0 26 4 6.50
Shadab Khan 3 0 21 1 7.00



>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<